Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 15:16 - Sinhala Revised Old Version

16 තවද දාවිත් කුඩා වීණාද මහ වීණාද අත්තල්ද යන තූර්ය භාණ්ඩවලින් ගායනාකරමින් ප්‍රීති හඬ පැවැත්වීමට තමුන්ගේ සහෝදරයන්වූ ගීතිකාකාරයන් නියමකරන්ට ලෙවීවරුන්ගේ ප්‍රධානීන්ට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 තවද, දාවිත් කුඩා වීණා ද මහා වීණා ද අත්තල් ද යන තූර්ය භාණ්ඩවලින් ගායනා කරමින් ප්‍රීති හඬ පැවැත්වීමට තමන්ගේ සහෝදරයන් වූ ගායකයන් නියම කරන ලෙස ලෙවීවරුන්ගේ ප්‍රධානීන්ට කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 තවද, දාවිත් කුඩා වීණා ද මහා වීණා ද අත්තල් ද යන තූර්ය භාණ්ඩවලින් ගායනා කරමින් ප්‍රීති හඬ පැවැත්වීමට තමන්ගේ සහෝදරයන් වූ ගායකයන් නියම කරන ලෙස ලෙවීවරුන්ගේ ප්‍රධානීන්ට කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 15:16
38 හුවමාරු යොමු  

දාවිත්ද සියලු ඉශ්‍රායෙල්වරුද ගීතිකාවලිනුත් වීණාවලිනුත් කුඩා වීණාවලිනුත් රබන්වලිනුත් අත්තල්වලිනුත් නළාවලිනුත් දෙවියන්වහන්සේ ඉදිරියෙහි මුළු ශක්තියෙන් ගායනාකළෝය.


දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ දාවිත්ගේ තූර්යභාණ්ඩ ඇතුව ඔහුගේ සහෝදරයෝ වන ෂෙමායාද අසරේල්ද මිලලයිද ගිලලයිද මායයිද නෙතනල්ද යූදාද හනානීද ඔවුන්ට පෙරටුවෙන් සිටි ලියන්නාවූ එස්රාද ගියෝය.


එවිට පූජකයන් ශුද්ධස්ථානයේ සිට පිටතට අවුත් ස්වාමීන්වහන්සේට ස්තුති ප්‍රශංසා කිරීමට නළා පිඹින්නන් හා ගීතිකාකාරයන් එක ශබ්දයක් ඇසෙන පිණිස එක්කෙනෙකු මෙන් සිට, නළාවලින්ද අත්තල්වලින්ද වෙනත් තූර්ය භාණ්ඩවලින්ද: මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකාලේටම පවත්නේය කියා ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකිරීමෙන් ශබ්ද පැවැත්වූ කල, ගෘහය වලාපටලයෙන් පිරීගියේය.


හාරදහසක් දොරටුපාලයෝය; හාරදහසක් වනාහි: ප්‍රශංසාකිරීමට මම සෑදුවෙමියි දාවිත් කී තූර්යභාණ්ඩවලින් ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකරන්නෝව සිටියෝය.


ඔවුන් සමඟ හේමාන්ද යෙදූතුන්ද නියමකරනු ලැබුයේ නළාවලිනුත් අත්තල්වලිනුත් දෙවියන්වහන්සේට ගීතිකා සඳහා තූර්ය භාණ්ඩවලිනුත් ශබ්දකිරීමටය. යෙදූතුන්ගේ පුත්‍රයන්ද දොරටුපාලයන් කොට පත්කෙළේය.


මා එන විට නුඹ ක්‍රීතෙහි නැවැත්වූ කාරණය නම්, අඩුව තිබුණූ දේවල් නුඹ විසින් පිළිවෙළට යොදන පිණිසත් මා නුඹට ආඥාකළ ලෙස නුවරක් පාසා වැඩිමහල්ලන් පත්කරන පිණිසත්ය;


බොහෝ සාක්ෂිකාරයන් ඉදිරියෙහි නුඹ මාගෙන් ඇසූ දේම වෙන අයටත් උගන්වන්ට සමර්ථවූ විශ්වාසවූ මනුෂ්‍යයන්ට භාරදෙන්න.


ඔව්හු සභාවක් සභාවක් පාසා ඔවුන්ට වැඩිමහල්ලන් පත්කොට, නිරාහාරයෙන් ඉඳ යාච්ඤා කොට, තමුන් අදහාගත් ස්වාමීන්වහන්සේට ඔවුන් භාරදී,


නැවත ප්‍රීති හඬද සන්තෝෂ හඬද මනමාලයාගේ හඬද මනමාලීගේ හඬද: සේනාවල ස්වාමීන්වහන්සේට ස්තුතිකරන්න, මක්නිසාද ස්වාමීන්වහන්සේ යහපත්සේක, උන්වහන්සේගේ කරුණාව සදාකාලේටම පවත්නේයයි කියන්නන්ගෙත් ස්වාමීන්වහන්සේගේ ගෘහයට ස්තුති පූජා ගෙනෙන්නන්ගෙත් හඬද ඇසෙනවා ඇත. මක්නිසාද මම මුලදී මෙන් දේශයේ වාල්කම පහකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක


රජවරු නුඹ ඇතිකරන පියවරුද ඔවුන්ගේ බිසෝවරු නුඹේ කිරිමවුවරුද වන්නෝය. ඔව්හු මුහුණින් බිමට නැමී නුඹට වැඳ, නුඹේ පාදවල ධූලි ලෙවකන්නෝය; නුඹද ස්වාමීන්වහන්සේ වන මා කෙරෙහි බලාපොරොත්තු වන අය ලජ්ජාවට නොපැමිණෙන බව දැනගන්නෙහිය.


නටමින් උන්වහන්සේගේ නාමයට ප්‍රශංසාකෙරෙත්වා. රබාන සහ වීණාව ගෙන උන්වහන්සේට ප්‍රශංසා ගී කියත්වා.


පොළොවේ සියල්ලෙනි, ස්වාමීන්ට ප්‍රීතිනාද පවත්වව්.


එව්, ස්වාමීන්ට ගායනා කරමු. අපේ ගැළවීමේ පර්වතයට ප්‍රීති ඝෝෂා පවත්වමු.


ගී කියන්නෝද නටන්නෝද: මාගේ උල්පත් සියල්ල නුඹ තුළෙහියයි කියන්නෝය.


අපේ ශක්තියවූ දෙවියන්වහන්සේට උස්වූ ශබ්ද නගා ගී කියව්. යාකොබ්ගේ දෙවියන්වහන්සේට ප්‍රීතිනාද පවත්වව්.


මක්නිසාද ඉස්සර දාවිත්ගේද ආසාප්ගේද දවස්වල ප්‍රධාන ගීතිකාකාරයෝ සිටියෝය, දෙවියන්වහන්සේට ස්තුති ප්‍රශංසා ගීතිකාද පැවතුණේය.


එදා ඔව්හු මහත් පූජා ඔප්පුකොට ප්‍රීතිවූහ; මක්නිසාද දෙවියන්වහන්සේ ඔවුන්ට මහත් ප්‍රීතියකින් ප්‍රීතිවෙන්ට සැලැස්වූසේක; ස්ත්‍රිහුද දරුවෝද ප්‍රීතිවූවෝය. මෙසේ යෙරුසලමේ ප්‍රීති ඝෝෂාව දුරට ඇසුණේය.


ස්වාමීන්වහන්සේගේ වචනයේ හැටියට රජුගේ සහ අධිපතීන්ගේ ආඥාව පවත්වන පිණිස යූදාවරුන් එක්සිත්කරවන ලෙස දෙවියන්වහන්සේගේ හස්තය ඔවුන් පිටද වූයේය.


නුඹලා ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානියෝය. නුඹලාත් නුඹලාගේ සහෝදරයොත් පිරිසිදුවී, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය මා විසින් ඊට පිළියෙළකර තිබෙන ස්ථානයට ගෙනෙන්න.


එවිට ආරොන්ගේ සහෝදරීවූ මිරියාම් ප්‍රොපේත දූ තොමෝ රබානක් අතින් ගත්තීය; සියලු ස්ත්‍රීහු රබන්ද නැටුම්ද ඇතුව ඈ පස්සේ ගියෝය.


ආසාප්ද හේමාන්ද යෙදුතුන්ද ඔවුන්ගේ පුත්‍රයෝද සහෝදරයෝද යන ගීතිකාකාරයෝවූ ලෙවීවරු සියල්ලෝම සිහින් හණ සළු හැඳ, අත්තල්ද වීණාද මහ වීණාද ඇතුව, පූජාසනයට පෙර දිගින් සිටියෝය, ඔවුන් සමඟ පූජකයෝ එකසිය විසිදෙනෙක් නළා පිඹිමින් සිටියෝය.)


පූජකයෝද තම තමුන්ගේ තනතුරුවල යෙදී සිටියෝය; ලෙවීවරුත් ස්වාමීන්වහන්සේගේ තූර්ය භාණ්ඩ රැගෙන සිටියෝය, ඔවුන් ලවා දාවිත් රජ ප්‍රශංසාකරවන විට: මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකාලේටම පවත්නේය කියා ස්වාමීන්වහන්සේට ස්තුතිකිරීමට දාවිත් විසින් ඒවා සාදවා තිබුණේය. පූජකයෝද ඔවුන් ඉදිරිපිටින් සිට නළා පිම්බෝය; සියලු ඉශ්‍රායෙල්වරුද නැගිට සිටියෝය.


යෙරුසලමේ පවුර කැපකිරීමේදී ස්තුතිකිරීමෙන්ද ගීතිකාකිරීමෙන්ද අත්තල්වලින්ද වීණාවලින්ද මහ වීණාවලින්ද ප්‍රීති සහිතව කැපකිරීමේ උත්සවය පවත්වන පිණිස ලෙවීවරුන් යෙරුසලමට ගෙනෙන්ට ඔවුන්ගේ සියලු ස්ථානවලින් ඔවුන් සොයාගත්තෝය.


මහත් ශබ්ද දෙන අත්තලින් උන්වහන්සේට ප්‍රශංසාකරව්. උස් රැව් දෙන අත්තලින් උන්වහන්සේට ප්‍රශංසාකරව්.


වීණා ශබ්දයට නිෂ්ඵල ලෙස ගී කියන්නාවූ, දාවිත් මෙන් තූර්ය භාණ්ඩ උපදවාගන්නාවූ,


ලෙවීගේ පුත්‍රයෝ නම්: ගේර්ෂොම්, කොහාත් සහ මෙරාරීය.


එනම් ප්‍රධානියා ආසාප්ය, ඔහු ළඟට ශෙකරියා, යෙයීයෙල්, ෂෙමිරාමොත්, යෙහීයෙල්, මත්තිතියා, එලීයාබ්, බෙනායා, ඕබෙද්-ඒදොම් සහ යෙයීයෙල්ය; මොව්හු වීණාවලින්ද මහ වීණාවලින්ද ගායනාකළෝය; නුමුත් ආසාප් අත්තල්වලින් ශබ්ද පැවැත්තුවේය;


කොහාතිවරුන්ගේ පුත්‍රයෝද කොරාවරුන්ගේ පුත්‍රයෝද වන ලෙවීවරු ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඉතා මහත් හඬකින් ප්‍රශංසා කිරීමට නැගුටුණෝය.


අමාවක දවසේදීද පුරා හඳ දවසේදීද අපේ මහා මංගල්‍ය දවසේදීද හොරණෑව පිඹිව්.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්