Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 26:31 - Sinhala Revised Old Version

31 හෙබ්‍රොන්වරුන්ගේ පිය පෙළපත් ප්‍රකාර හෙබ්‍රොන්වරුන්ගේ ප්‍රධානියා නම් යෙරියාය. දාවිත්ගේ රජකම්කිරීමේ සතළිස්වෙනි අවුරුද්දේදී ඔවුන් ගැන විභාගකොට බලවන්ත මනුෂ්‍යයන් ගිලියද්-යාසෙර්හි ඔවුන් අතරේ සිටිනවා සම්බවුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

31 හෙබ්‍රොන්වරුන්ගේ පිය පෙළපත් ප්‍රකාර හෙබ්‍රොන්වරුන්ගේ ප්‍රධානියා නම් ජෙරියා ය. දාවිත්ගේ රජ කාලයෙහි සතළිස් වැනි අවුරුද්දේ දී ඔවුන් ගැන විභාග කොට බලවන්ත මනුෂ්‍යයෝ ගිලියද්-ජාශර්හි ඔවුන් අතරේ සිටිනු සම්බ වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

31 හෙබ්‍රොන්වරුන්ගේ පිය පෙළපත් ප්‍රකාර හෙබ්‍රොන්වරුන්ගේ ප්‍රධානියා නම් ජෙරියා ය. දාවිත්ගේ රජ කාලයෙහි සතළිස් වැනි අවුරුද්දේ දී ඔවුන් ගැන විභාග කොට බලවන්ත මනුෂ්‍යයෝ ගිලියද්-ජාශර්හි ඔවුන් අතරේ සිටිනු සම්බ වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 26:31
8 හුවමාරු යොමු  

හෙබ්‍රොන්ගේ පුත්‍රයෝ: ප්‍රධානියාවූ යෙරියාය, දෙවෙනියාවූ අමරියාය, තුන්වෙනියාවූ යහසීයෙල්ය, හතරවෙනියාවූ යෙකමෙයාම්ය.


මහනයිම් සහ එහි පිට-බිම්ද, හෙෂ්බොන් සහ එහි පිට-බිම්ද යාශෙර් සහ එහි පිට-බිම්ද යන නුවරවල් සතරත් දුන්නෝය.


එබැවින් යාසෙර් අඬන්නාක්මෙන් මම සිබ්මාහි මිදිවැල ගැන අඬන්නෙමි. අනේ, හෙෂ්බොන් සහ එලෙයාලේ, නුඹලා මාගේ කඳුළුවලින් තෙමන්නෙමි. මක්නිසාද නුඹේ නියඟ කාලයේ ඵල පිටද අස්වැන්න පිටද යුද්ධ ඝෝෂාව පැමිණෙන්නේය.


ඔහු ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජකම්කළ කාලය නම් සතළිස් අවුරුද්දකි; ඔහු හෙබ්‍රොන්හි හත් අවුරුද්දක්ද යෙරුසලමෙහි තිස්තුන් අවුරුද්දක්ද රජකම්කළේය.


හෙෂ්බොන් සහ ඒකේ පිට-බිම්ද යාසේර් සහ ඒකේ පිට-බිම්ද ලැබුණේය.


දාවිත් ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජකම්කළ කාලය සතළිස් අවුරුද්දක්ය. ඔහු හෙබ්‍රොන්හි සත් අවුරුද්දක්ද යෙරුසලමෙහි තිස්තුන් අවුරුද්දක්ද රජකම් කෙළේය.


ඔවුන්ගේ පළාත නම් යාශෙර්ද ගිලියද්හි සියලු නුවරවල්ද රබ්බා ඉදිරිපිට තිබෙන අරොයෙර් දක්වා අම්මොන් පුත්‍රයන්ගේ රටෙන් දෙකෙන් කොටසද,


දාවිත් රජවෙන කල තිස් අවුරුදු වයස් වූයේය, ඔහු සතළිස් අවුරුද්දක් රජකම්කෙළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්