Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




නෙහෙමියා 12:26 - Sinhala Revised Old Version

26 මොව්හු යොශාදාක්ගේ පුත්‍රවූ යේෂුවාගේ පුත්‍රයා වන යෝයාකීම්ගේ දවස්වලද දිශාධිපතියාවූ නෙහෙමියාගෙත් ලියන්නාවූ පූජක එස්රාගෙත් දවස්වලද සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 මොවුහු ජොශාදාක්ගේ පුත් ජේෂුවාගේ පුත්‍රයා වන ජෝයාකීම්ගේ දවස්වල දිශාධිපතියා වන නෙහෙමියාගේත්, නීතිවේදියා වන පූජක එස්රාගේත් දවස්වල ද සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 මොවුහු ජොශාදාක්ගේ පුත් ජේෂුවාගේ පුත්‍රයා වන ජෝයාකීම්ගේ දවස්වල දිශාධිපතියා වන නෙහෙමියාගේත්, නීතිවේදියා වන පූජක එස්රාගේත් දවස්වල ද සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 12:26
5 හුවමාරු යොමු  

ඔහු ගංගාවේ පටන් පිලිස්තිවරුන්ගේ දේශය සහ මිසරයේ සීමාව දක්වා සිටිය සියලු රජවරුන් කෙරෙහි ආණ්ඩුකෙළේය.


ස්වාමීන්වහන්සේගේ ආඥාවල වචනද ඉශ්‍රායෙල්ට දුන් උන්වහන්සේගේ පනත්ද ගැන තේරුම් ඇති කෙනෙක්වූ ලියන්නා එනම් එස්රා පූජකයාට අර්තක්ෂස්තා රජු විසින් දෙනලද ලියුමේ පිටපත මේය:


මේ එස්රා ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ විසින් දුන් මෝසෙස්ගේ ව්‍යවස්ථාව ගැන සමර්ථ ලියන්නෙක්ය. ඔහු කෙරෙහි තිබුණු ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හස්තය ප්‍රකාරයට ඔහු ඉල්ලූ සියල්ල රජ්ජුරුවෝ ඔහුට දුන්නාහ.


හත්වෙනි මාසය පැමිණි කල ඉශ්‍රායෙල් පුත්‍රයෝ තමුන්ගේ නුවරවල සිටියෝය. මුළු සෙනඟද එක්කෙනෙකු මෙන් වතුරදොරටුව ඉදිරිපිට තිබුණු එළිමහනෙහි රැස්වූහ. එවිට, ස්වාමීන්වහන්සේ විසින් ඉශ්‍රායෙල්වරුන්ට අණකළ මෝසෙස්ගේ ව්‍යවස්ථාපොත ගෙනෙන්ට ලියන්නා වන එස්රාට කීවෝය.


තිර්ෂාතාවූ නෙහෙමියාද ලියන්නාවූ පූජක එස්රාද සෙනඟට ඉගැන්වූ ලෙවීවරුද මුළු සෙනඟට කථාකොට: අද දවස නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ශුද්ධය; වැලපෙන්ටවත් අඬන්ටවත් එපායයි කීවෝය. මක්නිසාද මුළු සෙනඟ ව්‍යවස්ථාවේ වචන ඇසූකල ඇඬුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්