Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 7:6 - Sinhala Revised Old Version

6 පූජකයෝද තම තමුන්ගේ තනතුරුවල යෙදී සිටියෝය; ලෙවීවරුත් ස්වාමීන්වහන්සේගේ තූර්ය භාණ්ඩ රැගෙන සිටියෝය, ඔවුන් ලවා දාවිත් රජ ප්‍රශංසාකරවන විට: මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකාලේටම පවත්නේය කියා ස්වාමීන්වහන්සේට ස්තුතිකිරීමට දාවිත් විසින් ඒවා සාදවා තිබුණේය. පූජකයෝද ඔවුන් ඉදිරිපිටින් සිට නළා පිම්බෝය; සියලු ඉශ්‍රායෙල්වරුද නැගිට සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 පූජකයෝ ද තම තමන්ගේ තනතුරුවල යෙදී සිටියහ. ලෙවීවරුත් සමිඳාණන් වහන්සේගේ තූර්ය භාණ්ඩ රැගෙන සිටියෝ ය. ඔව්හු දාවිත් රචිත ගී ගයමින්, “සමිඳාණන් වහන්සේගේ කරුණාව සදහට ම පවත්නේ ය”යි කියමින් උන් වහන්සේට ප්‍රශංසා කළහ. උන් වහන්සේට ස්තුති කිරීමට දාවිත් විසින් ඒවා රචනා කරනු ලැබ තිබිණි. පූජකයෝ ද ඔවුන් ඉදිරිපිටින් සිටගෙන නළා පිම්බෝ ය; සියලු ඉශ්රායෙල්වරු ද නැඟිට සිටියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 පූජකයෝ ද තම තමන්ගේ තනතුරුවල යෙදී සිටියහ. ලෙවීවරුත් සමිඳාණන් වහන්සේගේ තූර්ය භාණ්ඩ රැගෙන සිටියෝ ය. ඔව්හු දාවිත් රචිත ගී ගයමින්, “සමිඳාණන් වහන්සේගේ කරුණාව සදහට ම පවත්නේ ය”යි කියමින් උන් වහන්සේට ප්‍රශංසා කළහ. උන් වහන්සේට ස්තුති කිරීමට දාවිත් විසින් ඒවා රචනා කරනු ලැබ තිබිණි. පූජකයෝ ද ඔවුන් ඉදිරිපිටින් සිටගෙන නළා පිම්බෝ ය; සියලු ඉශ්රායෙල්වරු ද නැඟිට සිටියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 7:6
26 හුවමාරු යොමු  

ආසාප්ද හේමාන්ද යෙදුතුන්ද ඔවුන්ගේ පුත්‍රයෝද සහෝදරයෝද යන ගීතිකාකාරයෝවූ ලෙවීවරු සියල්ලෝම සිහින් හණ සළු හැඳ, අත්තල්ද වීණාද මහ වීණාද ඇතුව, පූජාසනයට පෙර දිගින් සිටියෝය, ඔවුන් සමඟ පූජකයෝ එකසිය විසිදෙනෙක් නළා පිඹිමින් සිටියෝය.)


සියලු ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගිනි බසිනවාත් ස්වාමීන්වහන්සේගේ තේජස ගෘහය පිට තිබෙනවාත් දැක, ගල් අතුළ බිමට තමුන්ගේ මුහුණු නමා නමස්කාරකොට: මක්නිසාද උන්වහන්සේ යහපතය‍; උන්වහන්සේ කරුණාව සදාකල් පවත්නේය කියමින් ස්වාමීන්වහන්සේට ස්තුතිකළෝය.


වීණා ශබ්දයට නිෂ්ඵල ලෙස ගී කියන්නාවූ, දාවිත් මෙන් තූර්ය භාණ්ඩ උපදවාගන්නාවූ,


එබැවින් මාගේ සෙනඟ මාගේ නාමය දැන ගන්නවා ඇත. එබැවින් කථාකරන්නේ මා බව ඒ දවසේදී ඔවුන් දැනගන්නවා ඇත. බලව, ඒ මමයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


ස්වාමීන්වහන්සේ මා සම්බන්ධ කාරණය සම්පූර්ණකරනසේක. ස්වාමිනි, ඔබගේ කරුණාව සදාකල් පවත්නේය; ඔබගේම හස්තකර්ම අත් නොහළ මැනව.


ස්වාමීන්ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.


ස්වාමීන්ට ප්‍රශංසාකරව්. ස්වාමීන්ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.


ගී කියන්නෝද නටන්නෝද: මාගේ උල්පත් සියල්ල නුඹ තුළෙහියයි කියන්නෝය.


තවද ඔහු දාවිත්ගේද රජුගේ දිවස් ඇත්තාවූ ගාද්ගේද ප්‍රොපේතවූ නාතාන්ගේද අණ පරිද්දෙන් අත්තල්ද වීණාද මහ වීණාද ඇතුව ලෙවීවරුන් ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි සිටෙවුවේය. මක්නිසාද ඒ ආඥාව ස්වාමීන්වහන්සේගෙන් ප්‍රොපේතවරුන් අතින් වූයේය.


ස්වාමීන්වහන්සේට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.


පූජකයෝවූ ෂෙබනියාද යෝෂාපාට්ද නෙතනෙල්ද අමසයිද සෙකරියාද බෙනායාද එලීයෙසෙර්ද දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය පෙරටුවෙන් නළා පිම්බෝය. ඵිබෙද්-ඒදොම්ද යෙහියාද ගිවිසුම් පෙට්ටිය උදෙසා දොරටුපාලයෝව සිටියෝය.


දාවිත්ද සියලු ඉශ්‍රායෙල්වරුද ගීතිකාවලිනුත් වීණාවලිනුත් කුඩා වීණාවලිනුත් රබන්වලිනුත් අත්තල්වලිනුත් නළාවලිනුත් දෙවියන්වහන්සේ ඉදිරියෙහි මුළු ශක්තියෙන් ගායනාකළෝය.


පූජකයෝ සත්දෙනෙක් බැටළු අං හොරණෑ සතක් රැගෙන ගිවිසුම් පෙට්ටියට පෙරටුව යෙත්වා. සත්වෙනි දවසේදී සත් වරක් නුවර වටේට යන්න, පූජකයෝද හොරණෑ පිඹිත්වා.


සාලමොන් රජ ගවයින් විසි දෙදහසක්ද බැටළුවන් එක්ලක්ෂ විසි දහසක්ද ඔප්පුකෙළේය. මෙසේ රජද මුළු සෙනඟද දෙවියන්වහන්සේගේ ගෘහය කැපකළෝය.


එවිට පූජකයන් ශුද්ධස්ථානයේ සිට පිටතට අවුත් ස්වාමීන්වහන්සේට ස්තුති ප්‍රශංසා කිරීමට නළා පිඹින්නන් හා ගීතිකාකාරයන් එක ශබ්දයක් ඇසෙන පිණිස එක්කෙනෙකු මෙන් සිට, නළාවලින්ද අත්තල්වලින්ද වෙනත් තූර්ය භාණ්ඩවලින්ද: මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකාලේටම පවත්නේය කියා ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකිරීමෙන් ශබ්ද පැවැත්වූ කල, ගෘහය වලාපටලයෙන් පිරීගියේය.


තවද දාවිත්ගේ නියමයේ ප්‍රකාරයට ප්‍රීතියද ගීකීමද ඇතුව ස්වාමීන්වහන්සේගේ දවන පූජා මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන ලෙස ඔප්පුකිරීමට, යෙහෝයාදා ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මෙහෙයවල් දාවිත් විසින් ස්වාමීන්වහන්සේගේ ගෘහය කෙරෙහි බෙදා නියමකළ ලෙවීවරුන්වූ පූජකයන් අතට භාරකෙළේය.


හෙසකියාද පූජාසනය පිට දවන පූජාව ඔප්පුකරන්ට අණකෙළේය. දවන පූජාව පටන්ගන්න වේලාවට ස්වාමීන්වහන්සේගේ ගීතිකාවද හොරණෑද ඉශ්‍රායෙල් රජවූ දාවිත්ගේ තූර්යභාණ්ඩ ඇතුව පටන්ගන්නාලද්දේය.


මෝසෙස්ගේ පොතේ ලියා තිබෙන ප්‍රකාරයට ඔව්හු පූජකයන් ඔවුන්ගේ කොට්ඨාසවල හැටියටත් ලෙවීවරුන් ඔවුන්ගේ පංක්තිවල හැටියටත් යෙරුසලමෙහි දෙවියන්වහන්සේගේ මෙහෙය පිණිස පත්කළෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්