Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නෙහෙමියා 8:17 - Sinhala Revised Old Version

17 වහල්කමෙන් මිදී ආ තැනැත්තන්වූ මුළු සභාව පැල් සාදාගන පැල්වල විසුවෝය. නූන්ගේ පුත්‍රවූ යේෂුවාගේ දවස්වල පටන් ඒ දවස දක්වා ඉශ්‍රායෙල් පුත්‍රයෝ එසේ නොකළෝය. ඉතා මහත් සන්තෝෂයක්ද විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 විප්‍රවාසයෙන් මිදී ආ අයගෙන් යුත් මුළු සභාව පැල්පත් සාදාගෙන පැල්පත්වල විසුවෝ ය. නූන්ගේ පුත් ජෝෂුවාගේ දවස්වල පටන් ඒ දවස දක්වා ඉශ්රායෙල් සෙනඟ මෙවැන්නක් කර තිබුණේ නැත. ඒ නිසා ඉමහත් සන්තෝෂයක් ද විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 විප්‍රවාසයෙන් මිදී ආ අයගෙන් යුත් මුළු සභාව පැල්පත් සාදාගෙන පැල්පත්වල විසුවෝ ය. නූන්ගේ පුත් ජෝෂුවාගේ දවස්වල පටන් ඒ දවස දක්වා ඉශ්රායෙල් සෙනඟ මෙවැන්නක් කර තිබුණේ නැත. ඒ නිසා ඉමහත් සන්තෝෂයක් ද විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 8:17
13 හුවමාරු යොමු  

සබත් දවස්වලදීද අමාවක්වලදීද නියම මංගල්‍යවලදීද අවුරුද්දට තුන්වතාවක් පවත්වන මුහුන් නැති රොටි මංගල්‍යයේදීද සති මංගල්‍යයේදීද කූඩාරම් මංගල්‍යයේදීද මෝසෙස්ගේ ආඥාවේ හැටියට එක එක දවසට සුදුසු ලෙස ඔහු පූජා ඔප්පුකෙළේය.


ලියා තිබෙන ලෙස කූඩාරම් මංගල්‍යය පවත්වමින් එක එක දවසේ නියමයේ හැටියට ගණන වශයෙන් දවස්පතා දවන පූජා ඔප්පුකළෝය.


මොවුන් සියල්ලෝ පොරොන්දු නොලැබ, දුරදී ඒවා දැක ප්‍රසන්නවී, පොළොවෙහි තමන් විදේශීන්ද ආගන්තුකයන්ද බව කියාදී, ඇදහිල්ල ඇතුව මැරුණෝය.


ඇදහිල්ලෙන්, ඔහු අන් දේශයක මෙන් පොරොන්දුවේ දේශයෙහි පොරොත්තුවී, එම පොරොන්දුවට උරුමක්කාරයන් වූ ඊසාක් සහ යාකොබ් සමඟ කූඩාරම්වල වාසයකළේය.


මක්නිසාද යෝෂුවා ඔවුන්ට නිවාඩුව දුන්නේ නම් ඉන්පසු වෙන දවසක් ගැන උන්වහන්සේ කථාකරන්නේ නැත.


තවද වාක්‍යයාණෝ මාංසවත්වී, කරුණාවෙන්ද සත්‍යයෙන්ද පූර්ණව, අප අතරෙහි වාසයකළසේක. පියාණන්වහන්සේ වෙතින් වූ ඒකජාතක පුත්‍රයාණන්වහන්සේගේ මහිමය වැනි උන්වහන්සේගේ මහිමය දුටිමුව.


එයාකාර පාස්කුවක් ප්‍රොපේතවූ සාමුවෙල්ගේ කාලයට පසුව ඉශ්‍රායෙල්වරුන් අතරේ නොපවත්වනලද්දේය; යොෂියාද පූජකයන්ද ලෙවීවරුන්ද එහි සිටි යූදා හා ඉශ්‍රායෙල්හි සියල්ලන්ද යෙරුසලමේ වැසියන්ද පැවැත්තුවාක් මෙන් ඉශ්‍රායෙල් රජුන්ගෙන් කිසිවෙක්වත් එයාකාර පාස්කුවක් පැවැත්තුවේ නැත.


මෙසේ යෙරුසලමෙහි මහත් ප්‍රීතියක් විය. මක්නිසාද දාවිත්ගේ පුත්‍රවූ ඉශ්‍රායෙල් රජවූ සාලමොන්ගේ කාලයට පසු යෙරුසලමෙහි එයාකාර සිද්ධියක් නොවීය.


ඔව්හු ඒ දවසේ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මහත් සන්තෝෂයෙන් කමින් බොමින් දෙවෙනි වර දාවිත්ගේ පුත්‍රවූ සාලමොන් රජකමට පත්කළෝය, තවද ඔහු ස්වාමීන්වහන්සේ උදෙසා ප්‍රධානාධිපතියා කොටද ශාදොක් පූජකයා කොටද ආලේපකළෝය.


ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් මැරුණු පසු ස්වාමීන්වහන්සේ මෝසෙස්ගේ සේවකයා වූ නූන්ගේ පුත්‍රවූ යෝෂුවාට කථාකොට කියනසේක්:


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තෝරාගන්න ස්ථානයේදී සත් දවසක් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට මංගල්‍යයක් පවත්වන්න. මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹේ මුළු අස්වැන්නෙන්ද නුඹේ අත්වල සියලු වැඩවලදීද නුඹට ආශීර්වාද කරනවා ඇත, නුඹද මුළුමනින් ප්‍රීතිමත්වන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්