Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්රා 6:16 - Sinhala Revised Old Version

16 ඉශ්‍රායෙල් පුත්‍රයෝද පූජකයෝද ලෙවීවරුද වාල්කමෙන් මිදී ආවාවූ අනික් අයද දෙවියන්වහන්සේගේ ගෘහයේ කැපකිරීමේ කෘත්‍යය ප්‍රීතියෙන් පැවැත්තුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 ඉශ්රායෙල් සෙනඟ වන පූජකවරු ද ලෙවීවරු ද විප්‍රවාසයෙන් මිදී පැමිණි සෙසු අය ද දෙවියන් වහන්සේගේ මාලිගාව කැප කිරීමේ උත්සවය මහා හරසරින් පැවැත්වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 ඉශ්රායෙල් සෙනඟ වන පූජකවරු ද ලෙවීවරු ද විප්‍රවාසයෙන් මිදී පැමිණි සෙසු අය ද දෙවියන් වහන්සේගේ මාලිගාව කැප කිරීමේ උත්සවය මහා හරසරින් පැවැත්වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 6:16
21 හුවමාරු යොමු  

සාලමොන් රජ ගවයින් විසි දෙදහසක්ද බැටළුවන් එක්ලක්ෂ විසි දහසක්ද ඔප්පුකෙළේය. මෙසේ රජද මුළු සෙනඟද දෙවියන්වහන්සේගේ ගෘහය කැපකළෝය.


සාලමොන් ස්වාමීන්වහන්සේට ඔප්පුකළ ශාන්ති පූජා සඳහා ඔහු ගොනුන් විසිදෙදහක්ද බැටළුවන් එක් ලක්ෂ විසිදහසක්ද පුදකෙළේය. මෙසේ රජද සියලු ඉශ්‍රායෙල් පුත්‍රයෝද ස්වාමීන්වහන්සේගේ ගෘහය කැපකළෝය.


ස්වාමීන්වහන්සේ තුළ නිතරම ප්‍රීතිවෙන්න. ප්‍රීතිවෙන්නැයි නැවතත් කියමි.


කැපකිරීමේ මංගල්‍යය යෙරුසලමේ විය.


ස්වාමීන්ගේ ගෘහයට යමුයයි ඔවුන් මට කී විට මම සන්තෝෂවීමි.


මුහුන් නොදැමූ රොටි මංගල්‍යය සත් දවසක් ප්‍රීතියෙන් පැවැත්තුවෝය. මක්නිසාද දෙවියන්වහන්සේගේ එනම් ඉශ්‍රායෙල්හි දෙවියන්වහන්සේගේ ගෘහයේ වැඩට ඔවුන්ගේ අත් සවිකරන හැටියට අෂූර්හි රජුගේ සිත ඔවුන් වෙතට හැරවීමෙන් ස්වාමීන්වහන්සේ ඔවුන් ප්‍රීතිකෙරෙවුසේක.


මෙසේ පූජකයෝද ලෙවීවරුද දොරටුපාලයෝද ගායනාකාරයෝද සෙනඟගෙන් සමහරුද නෙතිනීම්වරුද සියලු ඉශ්‍රායෙල්වරුද තමුන්ගේ නුවරවල විසුවෝය.


වහල්කමෙන් මිදී ආ තැනැත්තන් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට මාලිගාවක් ගොඩනගන බව යූදාවරුන්ගේද බෙන්යමින්වරුන්ගේද එදිරිකාරයෝ අසා,


මෙසේ යෙරුසලමෙහි මහත් ප්‍රීතියක් විය. මක්නිසාද දාවිත්ගේ පුත්‍රවූ ඉශ්‍රායෙල් රජවූ සාලමොන්ගේ කාලයට පසු යෙරුසලමෙහි එයාකාර සිද්ධියක් නොවීය.


මුළු සභාවද තවත් සත් දවසක් මංගල්‍යය පවත්වන්ට සම්මතකරගෙන, එය සත් දවසක් ප්‍රීතියෙන් පැවැත්තුවෝය.


මෙසේ සියලු ඉශ්‍රායෙල්වරු ඔල්වර හඬත් හොරණෑ-ශබ්දයත් ඇතුව, නළාවලිනුත් අත්තල්වලිනුත් වීණාවලිනුත් මහ වීණාවලිනුත් ශබ්ද පවත්වමින්, ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනාවෝය.


තමුන්ගේ උරුමවලද නුවරවලද වාසයකළ පළමුවෙනි වැසියෝ නම්: ඉශ්‍රායෙල්වරුත් පූජකයොත් ලෙවීවරුත් නෙතිනිම්වරුත්ය.


නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කා, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට ආශීර්වාදකළ නිසා, නුඹලා අත තබන සියල්ල ගැන නුඹලාද නුඹලාගේ ගෙයි වැසියෝද ප්‍රීතිවන්න.


එදා ඔව්හු මහත් පූජා ඔප්පුකොට ප්‍රීතිවූහ; මක්නිසාද දෙවියන්වහන්සේ ඔවුන්ට මහත් ප්‍රීතියකින් ප්‍රීතිවෙන්ට සැලැස්වූසේක; ස්ත්‍රිහුද දරුවෝද ප්‍රීතිවූවෝය. මෙසේ යෙරුසලමේ ප්‍රීති ඝෝෂාව දුරට ඇසුණේය.


එවිට ඔහු ඔවුන්ට කථාකොට: නුඹලා ගොස් රසවත් දේවල් කා, මිහිරි පානය බී, කිසිවක් සූදානම්කර නොගත් අයට කොටස් යවන්න. මක්නිසාද අද දවස අපේ ස්වාමීන්වහන්සේට ශුද්ධය. ස්වාමීන්වහන්සේ කෙරෙහි ප්‍රීතිවීම නුඹලාගේ ශක්තියය, එබැවින් ශෝක නොවෙන්නැයි කීවේය.


රජද ඔහු සමඟ සියලු ඉශ්‍රායෙල්වරුද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පූජා ඔප්පුකළෝය.


එකල දානියෙල් රජු ඉදිරියට පමුණුවනලද්දේය. රජතමේ දානියෙල්ට කථාකොට: මාගේ පිය රජ්ජුරුවන් යූදාරටින් අල්ලාගන ආ යුදෙව්වරුන්ගෙන් එක්කෙනෙක්වූ දානියෙල් නුඹද?


හෙසකියා රජද අධිපතීහුද දාවිත්ගෙත් දිවස් ඇත්තා වන ආසාප්ගෙත් වචනවලින් ස්වාමීන්වහන්සේට ප්‍රශංසා ගී කියන්ට ලෙවීවරුන්ට අණකළෝය. ඔව්හු ප්‍රීතියෙන් ප්‍රශංසා ගී කියා, හිස් නමා වැන්දෝය.


යෙරුසලමේ පවුර කැපකිරීමේදී ස්තුතිකිරීමෙන්ද ගීතිකාකිරීමෙන්ද අත්තල්වලින්ද වීණාවලින්ද මහ වීණාවලින්ද ප්‍රීති සහිතව කැපකිරීමේ උත්සවය පවත්වන පිණිස ලෙවීවරුන් යෙරුසලමට ගෙනෙන්ට ඔවුන්ගේ සියලු ස්ථානවලින් ඔවුන් සොයාගත්තෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්