Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 29:30 - Sinhala Revised Old Version

30 හෙසකියා රජද අධිපතීහුද දාවිත්ගෙත් දිවස් ඇත්තා වන ආසාප්ගෙත් වචනවලින් ස්වාමීන්වහන්සේට ප්‍රශංසා ගී කියන්ට ලෙවීවරුන්ට අණකළෝය. ඔව්හු ප්‍රීතියෙන් ප්‍රශංසා ගී කියා, හිස් නමා වැන්දෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

30 හෙසකියා රජ ද අධිපතීහු ද දාවිත්ගේත්, දිවැසිවරයා වන ආසාප්ගේත් වචනවලින් සමිඳාණන් වහන්සේට ප්‍රශංසා ගී කියන්න ලෙවීවරුන්ට අණ කළෝ ය. ඔව්හු ප්‍රීතියෙන් ප්‍රශංසා ගී ගයා හිස නමා වැන්දෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

30 හෙසකියා රජ ද අධිපතීහු ද දාවිත්ගේත්, දිවැසිවරයා වන ආසාප්ගේත් වචනවලින් සමිඳාණන් වහන්සේට ප්‍රශංසා ගී කියන්න ලෙවීවරුන්ට අණ කළෝ ය. ඔව්හු ප්‍රීතියෙන් ප්‍රශංසා ගී ගයා හිස නමා වැන්දෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 29:30
19 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ තුළ නිතරම ප්‍රීතිවෙන්න. ප්‍රීතිවෙන්නැයි නැවතත් කියමි.


ධර්මිෂ්ඨයෙනි, ස්වාමීන් කෙරෙහි සතුටුව ප්‍රීතිවව්. අවංක සිත් ඇති සියල්ලෙනි, ප්‍රීති නාද කරව්.


ඉශ්‍රායෙල් තමා මැවූ තැනැන්වහන්සේ කෙරෙහි ප්‍රීතිවේවා. සියොන් දරුවෝ තමුන්ගේ රජ්ජුරුවන් කෙරෙහි ප්‍රීතිමත්වෙත්වා.


එව්, නමස්කාරකරමින් වැඳමී වැටෙමු; අපේ මැවුම්කාර ස්වාමින් ඉදිරියේ දණගසමු.


මක්නිසාද ඉස්සර දාවිත්ගේද ආසාප්ගේද දවස්වල ප්‍රධාන ගීතිකාකාරයෝ සිටියෝය, දෙවියන්වහන්සේට ස්තුති ප්‍රශංසා ගීතිකාද පැවතුණේය.


දෙවියන්වහන්සේ, ස්වාමිවූ දෙවියන්වහන්සේ කථාකරමින් නැගෙනහිර පටන් බස්නාහිර දක්වා පෘථිවියට හඬගැසූසේක.


එවිට ඔව්හු උන්වහන්සේගේ වචන විශ්වාසකොට, උන්වහන්සේගේ ප්‍රශංසාව ගායනා කළෝය.


සියලු ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගිනි බසිනවාත් ස්වාමීන්වහන්සේගේ තේජස ගෘහය පිට තිබෙනවාත් දැක, ගල් අතුළ බිමට තමුන්ගේ මුහුණු නමා නමස්කාරකොට: මක්නිසාද උන්වහන්සේ යහපතය‍; උන්වහන්සේ කරුණාව සදාකල් පවත්නේය කියමින් ස්වාමීන්වහන්සේට ස්තුතිකළෝය.


තවද දාවිත්ගේ නියමයේ ප්‍රකාරයට ප්‍රීතියද ගීකීමද ඇතුව ස්වාමීන්වහන්සේගේ දවන පූජා මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන ලෙස ඔප්පුකිරීමට, යෙහෝයාදා ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මෙහෙයවල් දාවිත් විසින් ස්වාමීන්වහන්සේගේ ගෘහය කෙරෙහි බෙදා නියමකළ ලෙවීවරුන්වූ පූජකයන් අතට භාරකෙළේය.


යෙරුසලමෙහි සිටි ඉශ්‍රායෙල් පුත්‍රයෝද මුහුන් නොදැමූ රොටි මංගල්‍යය සත් දවසක් මහත් ප්‍රීතියකින් පැවැත්තුවෝය. ලෙවීවරුද පූජකයෝද බොහෝ ශබ්ද ඇති තූර්යභාණ්ඩ රැගෙන ගී කියමින්, ස්වාමීන්වහන්සේට දවසින් දවස ප්‍රශංසාකළෝය.


මුළු සභාවද තවත් සත් දවසක් මංගල්‍යය පවත්වන්ට සම්මතකරගෙන, එය සත් දවසක් ප්‍රීතියෙන් පැවැත්තුවෝය.


මෙසේ යෙරුසලමෙහි මහත් ප්‍රීතියක් විය. මක්නිසාද දාවිත්ගේ පුත්‍රවූ ඉශ්‍රායෙල් රජවූ සාලමොන්ගේ කාලයට පසු යෙරුසලමෙහි එයාකාර සිද්ධියක් නොවීය.


ඉශ්‍රායෙල් පුත්‍රයෝද පූජකයෝද ලෙවීවරුද වාල්කමෙන් මිදී ආවාවූ අනික් අයද දෙවියන්වහන්සේගේ ගෘහයේ කැපකිරීමේ කෘත්‍යය ප්‍රීතියෙන් පැවැත්තුවෝය.


මුහුන් නොදැමූ රොටි මංගල්‍යය සත් දවසක් ප්‍රීතියෙන් පැවැත්තුවෝය. මක්නිසාද දෙවියන්වහන්සේගේ එනම් ඉශ්‍රායෙල්හි දෙවියන්වහන්සේගේ ගෘහයේ වැඩට ඔවුන්ගේ අත් සවිකරන හැටියට අෂූර්හි රජුගේ සිත ඔවුන් වෙතට හැරවීමෙන් ස්වාමීන්වහන්සේ ඔවුන් ප්‍රීතිකෙරෙවුසේක.


ශුද්ධකමේ අලංකාරයෙන් ස්වාමීන්ට නමස්කාරකරව්. පොළොවේ සියල්ලෙනි, උන්වහන්සේ ඉදිරියෙහි වෙවුලමින් සිටිව්.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්