Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එළිදරව් 5:8 - Sinhala Revised Old Version

8 එසේ පොත ගත් කල, ජීවමාන සත්වයෝ සතරදෙනා සහ වැඩිමහල්ලෝ විසිහතරදෙනාත් එකිනෙකා වීණාවක්ද ශුද්ධවන්තයන්ගේ යාච්ඤා නමැති සුගන්ධ ද්‍රව්‍යයෙන් පිරුණු රන් පාත්‍රාද රැගෙන, බැටළුපැටවාණන් ඉදිරියෙහි වැඳ වැටුණෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 එසේ පොත ගත් කල ජීවමාන සත්ත්වයෝ සතර දෙනා හා කුලදෙටුවෝ විසිසතර දෙනා, එකිනෙකා වීණාවක් ද, සුවඳ ද්‍රව්‍යයෙන් පිරුණු රන් පාත්‍ර ද රැගෙන බැටළු පෝතකයාණන් ඉදිරියෙහි වැඳ වැටුණෝ ය. ඒ සුවඳ ද්‍රව්‍ය නම් සැදැහැවතුන්ගේ යාච්ඤා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

8 එතුමන් පොත ගත් කල, ජීවමාන සත්වයින් හතරදෙනා හා වැඩිමහල්ලන් විසිහතර දෙනා බැටළු පැටවාණන් අබියස වැඳ වැටුණහ. ඒ හැම කෙනෙක්ම වීණාවක් ද ශුද්ධවතුන්ගේ යාච්ඤා නම් වූ සුවඳ දුමින් පිරුණු රන් පාත්‍රා ද දැරූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 එසේ පොත ගත් කල ජීවමාන සත්ත්වයෝ සතර දෙනා හා කුලදෙටුවෝ විසිසතර දෙනා, එකිනෙකා වීණාවක් ද, සුවඳ ද්‍රව්‍යයෙන් පිරුණු රන් පාත්‍ර ද රැගෙන බැටළු පෝතකයාණන් ඉදිරියෙහි වැඳ වැටුණෝ ය. ඒ සුවඳ ද්‍රව්‍ය නම් සැදැහැවතුන්ගේ යාච්ඤා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 5:8
27 හුවමාරු යොමු  

මාගේ යාච්ඤාව ඔබ ඉදිරියේ සුවඳ දුම් මෙන්ද මාගේ අත් එසවීම සන්ධ්‍යා පූජාව මෙන්ද පිහිටා ගනීවා.


වැඩිමහල්ලන් විසිහතරදෙනාද සිංහාසනයෙහි වැඩසිටින තැනන්වහන්සේ ඉදිරියෙහි වැටී, සදාකල්ම ජීවත්වන්නාවූ තැනන්වහන්සේට නමස්කාරකර, තමුන්ගේ ඔටුනු සිංහාසනය ඉදිරියෙහි හෙළා:


ජීවමාන සත්වයෝ සතරදෙනාද: ආමෙන්යයි කීවෝය. වැඩිමහල්ලෝ බිම වැටී නමස්කාරකළෝය.


ඒ සිංහාසනය වටේට සිංහාසන විසිහතරක් තිබුණේය. ඒ සිංහාසන මත්තෙහි වැඩිමහල්ලන් විසිහතර දෙනෙක් සුදු වස්ත්‍ර පැළඳ, තමුන්ගේ හිස් මතුයෙහි රන් ඔටුනු ඇතුව, වාඩිවී හිඳිනවා දුටිමි.


වැඩිමහල්ලන් විසිසතරදෙනාද ජීවමාන සත්වයන් සතරදෙනාද වැටී: ආමෙන්, හලෙලූයා කියමින් සිංහාසනයේ වැඩහිඳින දෙවියන්වහන්සේට නමස්කාරකළෝය.


තවද අං සතක්ද, පොළොව මුළුල්ලෙහි යවනු ලැබූ දෙවියන්වහන්සේගේ ආත්මයාණන් සත්දෙනා වන ඇස් සතක්ද ඇත්තාවූ, මරනු ලැබුවාක්මෙන් පෙනුණාවූ බැටළු පැටවෙක් සිංහාසනය සහ ජීවමාන සත්වයන් සතරදෙනා මධ්‍යයෙහිත් වැඩිමහල්ලන් මධ්‍යයෙහිත් සිටිනවා දුටිමි.


එක එකාට පියාපත් සයක් බැගින් තිබුණාවූ ඒ ජීවමාන සත්වයන් සතරදෙනා අවටද ඇතුළතද ඇස් පුරාම තිබුණේය. ඔව්හුද: සිටියාවූ සිටින්නාවූ මතු සිටින්නාවූ සර්වපරාක්‍රමවූ ස්වාමිවූ දෙවියන්වහන්සේ ශුද්ධය, ශුද්ධය, ශුද්ධයයි රෑ දාවල් නොනැවතී කියති.


වීණාවෙන් ස්වාමීන්ට ස්තුතිකරව්. තත් දසයේ වීණාව රැගෙන උන්වහන්සේට ප්‍රශංසා ගීතිකා කියව්.


ජීවමාන සත්වයන් සතරදෙනාගෙන් එක්කෙනෙක් සදාකාලේටම ජීවත්වන්නාවූ දෙවියන්වහන්සේගේ උදහසින් පූර්ණවූ රන් පාත්‍රා සතක් දේවදූතන් සත්දෙනාට දුන්නේය.


ගින්නෙන් මිශ්‍රවූ වීදුරු සාගරයක් වැනි දෙයක් සහ මෘගයාගෙනුත් උගේ රූපෙයනුත් උගේ නමේ ගණනෙනුත් ජයගෙන එන්නන් දෙවියන්වහන්සේගේ වීණා රැගෙන වීදුරු සාගරය ළඟ සිටිනවාත් මම දුටිමි.


පියාණන්වහන්සේ කවරෙකුවත් විනිශ්චය නොකොට සියලු විනිශ්චයම පුත්‍රයාටදී තිබේ. පුත්‍රයාට ගෞරව නොකරන්නා ඔහු එවූ පියාණන්වහන්සේටත් ගෞරව නොකරයි.


ගීතිකා පටන්ගෙන, රබානත් මිහිරි වීණාව සහ කුඩා වීණාවත් ගෙනෙව්.


එවිට මම දෙවියන්වහන්සේගේ පූජාසනය ළඟට, එනම් මාගේ අධික ප්‍රීතියවූ දෙවියන්වහන්සේ වෙතට, යන්නෙමි. දෙවියන්වහන්ස, මාගේ දෙවියන්වහන්ස, වීණාවෙන් ඔබට ප්‍රශංසාකරන්නෙමි.


හොරණෑ ශබ්දයෙන් උන්වහන්සේට ප්‍රශංසාකරව්. කුඩා වීණාව හා මහා වීණාවෙන් උන්වහන්සේට ප්‍රශංසාකරව්.


උන්වහන්සේ තමන්ගේ කුළුඳුල් පුත්‍රයා ලෝකයට නැවත ගෙනෙන කල: දෙවියන්වහන්සේගේ සියලු දූතයෝ උන්වහන්සේට නමස්කාරකරත්වයි කියනසේක.


සුගන්ධ ද්‍රව්‍යවලින් පිරී තිබුණාවූ ෂෙකෙල් දසයක් බර ඇති එක රන් පාත්‍රයක්ද;


පසුවදා ඔහු තමා ළඟට යේසුස්වහන්සේ එනවා දැක කථාකොට: අන්න, ලෝකයේ පාපය දුරුකරන දෙවියන්වහන්සේගේ බැටළු පැටියාණෝ!


සිංහාසනය ඉදිරියෙහි පළිඟු හා සමානවූ වීදුරු සමුද්‍රයක් වැනි පෙනීමක් විය; සිංහාසනය මධ්‍යයෙහිත් සිංහාසනය අවටත් ඉස්සරහින්ද පස්සෙන්ද ඇස්වලින් පිරුණාවූ ජීවමාන සත්වයන් සතර දෙනෙක් සිටියෝය.


තවද මම බැලීමි, එවිට සිංහාසනයද ජීවමාන සත්වයන්ද වැඩිමහල්ලන්ද වටකර බොහෝ දේවදූතයන් සිටිනවා දුටිමි, ඔවුන්ගේ හඬද මට ඇසුණේය; ඔවුන්ගේ ගණන දසදහසක් වර දසදහසක් සහ දහස්වර දහස්ව තිබුණේය.


ඔව්හු කථාකොට: මරනු ලැබූ බැටළුපැටවාණෝ බලයත් ධනයත් ප්‍රඥාවත් පරාක්‍රමයත් ගෞරවයත් තේජසත් ප්‍රශංසාවත් ලබන්ට වටින තැනන්වහන්සේයයි මහත් හඬකින් කීවෝය.


තවද බැටළුපැටවාණන් මුද්‍රා සතෙන් එකක් කැඩූ කල, මම බැලුවෙමි, ජීවමාන සත්වයන් සතරදෙනාගෙන් එක්කෙනෙක් ගර්ජනා ශබ්දයකින් මෙන් කථාකොට: එන්නැයි කියනවා ඇසීමි.


ලෝකය පටන්ගැන්මේ සිට මරනලද බැටළුපැටවාණන්ගේ ජීවනපොතෙහි නම් ලියවී නොතිබුණු පොළොවෙහි වසන සියල්ලෝ ඌට නමස්කාරකරන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්