Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 15:28 - Sinhala Revised Old Version

28 මෙසේ සියලු ඉශ්‍රායෙල්වරු ඔල්වර හඬත් හොරණෑ-ශබ්දයත් ඇතුව, නළාවලිනුත් අත්තල්වලිනුත් වීණාවලිනුත් මහ වීණාවලිනුත් ශබ්ද පවත්වමින්, ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනාවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 මෙසේ සියලු ඉශ්රායෙල්වරු ඔල්වර හඬත්, හොරණෑ ශබ්දයත් ඇති ව, නළාවලිනුත්, අත්තල්වලිනුත්, වීණාවලිනුත්, මහා වීණාවලිනුත් ශබ්ද පවත්වමින් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනාවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 මෙසේ සියලු ඉශ්රායෙල්වරු ඔල්වර හඬත්, හොරණෑ ශබ්දයත් ඇති ව, නළාවලිනුත්, අත්තල්වලිනුත්, වීණාවලිනුත්, මහා වීණාවලිනුත් ශබ්ද පවත්වමින් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනාවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 15:28
16 හුවමාරු යොමු  

දාවිත්ද සියලු ඉශ්‍රායෙල්වරුද ගීතිකාවලිනුත් වීණාවලිනුත් කුඩා වීණාවලිනුත් රබන්වලිනුත් අත්තල්වලිනුත් නළාවලිනුත් දෙවියන්වහන්සේ ඉදිරියෙහි මුළු ශක්තියෙන් ගායනාකළෝය.


තවද දාවිත් කුඩා වීණාද මහ වීණාද අත්තල්ද යන තූර්ය භාණ්ඩවලින් ගායනාකරමින් ප්‍රීති හඬ පැවැත්වීමට තමුන්ගේ සහෝදරයන්වූ ගීතිකාකාරයන් නියමකරන්ට ලෙවීවරුන්ගේ ප්‍රධානීන්ට කීවේය.


රබන් ගසන කන්‍යාවන් මැද ගී කියන්නෝ පෙරටුව ගියෝය, ගායනාකාරයෝ පසුව ගියෝය.


මෙසේ දාවිත් හා මුළු ඉශ්‍රායෙල් වංශය ඔල්වරහඬත් හොරණෑ ශබ්දයත් ඇතුව ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනාවෝය.


දාවිත් සහ මුළු ඉශ්‍රායෙල් වංශය සියලු ආකාර දේවදාර තූර්යභාණ්ඩවලින්ද කුඩා වීණාවලින්ද වීණාවලින්ද රබන්වලින්ද කයිතාලම්වලින්ද අත්තල්වලින්ද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගායනාකරමින් නැටූහ.


පූජකයෝවූ ෂෙබනියාද යෝෂාපාට්ද නෙතනෙල්ද අමසයිද සෙකරියාද බෙනායාද එලීයෙසෙර්ද දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය පෙරටුවෙන් නළා පිම්බෝය. ඵිබෙද්-ඒදොම්ද යෙහියාද ගිවිසුම් පෙට්ටිය උදෙසා දොරටුපාලයෝව සිටියෝය.


දාවිත්ද ගිවිසුම් පෙට්ටිය උසුලාගත් සියලු ලෙවීවරුද ගීතිකාකාරයෝද ගීතිකාකාරයන් අතරේ ගායනාකිරීමට ප්‍රධානියාව සිටි කෙනනියාද සිහින් හණ සළු ඇඳගෙන සිටියෝය. දාවිත් හණ ඒඵොද් සැට්ටයක් පැළඳගෙන සිටියේය.


ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය දාවිත්ගේ නුවරට පැමිණෙනවිට, සාවුල්ගේ දූවූ මීඛල් කවුළුවෙන් බලා රජවූ දාවිත් පනිනවාත් නටනවාත් දැක, ඇගේ සිතින් ඔහු හෙළා දැක්කාය.


යෙරුසලමේ පවුර කැපකිරීමේදී ස්තුතිකිරීමෙන්ද ගීතිකාකිරීමෙන්ද අත්තල්වලින්ද වීණාවලින්ද මහ වීණාවලින්ද ප්‍රීති සහිතව කැපකිරීමේ උත්සවය පවත්වන පිණිස ලෙවීවරුන් යෙරුසලමට ගෙනෙන්ට ඔවුන්ගේ සියලු ස්ථානවලින් ඔවුන් සොයාගත්තෝය.


තවද දාවිත්ද සේනාවේ අධිපතියෝද ආසාප්ගෙත් හේමාන්ගෙත් යෙදූතුන්ගෙත් පුත්‍රයන්ගෙන් වීණා හා කුඩා වීණාවලින්ද අත්තල්වලින්ද ගායනාකරන තැනැත්තන් සේවයට වෙන්කළෝය. තමුන්ගේ සේවයේ වැඩය කළාවූ ඒ මනුෂ්‍යයන්ගේ ගණන මෙසේය:


දෙවියන්වහන්සේට ප්‍රශංසා ගී කියව්, ප්‍රශංසා ගී කියව්. අපේ රජ්ජුරුවන්ට ප්‍රශංසා ගී කියව්, ප්‍රශංසා ගී කියව්.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්