ද්විතීය නීතිය 16 - Sinhala Revised Old Versionඅවුරුදු මංගල්‍ය තුන 1 ආබීබ් මාසය සිහිකර නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පාස්කුව පවත්වන්න. මක්නිසාද ආබීබ් මාසයේදී නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ රාත්‍රියෙහි නුඹ මිසරයෙන් පිටතට ගෙනාසේක. 2 එබැවින් ස්වාමීන්වහන්සේ ස්වකීය නාමය වාසය කරවන්ට තෝරාගන්න ස්ථානයේදී එළු බැටළුවන් හා ගවයන්ගෙන් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පාස්කුව පූජාකරන්න. 3 නුඹ මිසර දේශයෙන් පිටතට ආ දවස නුඹේ ජීවිතයේ සියලු දවස්හි සිහිකරන පිණිස, ඒ සමඟ මුහුන් දැමූ රොටි නොකා, දුක් රොටි වන මුහුන් නොදැමූ ඒවා සත් දවසක් ඒ සමඟ කන්න; මක්නිසාද නුඹ ඉක්මනින් මිසර දේශයෙන් ආවෙහිය. 4 සත් දවසක් නුඹේ සියලු සීමා ඇතුළත නුඹ ළඟ මුහුන් නොතිබේවා; නුඹ පළමුවෙනිදා සවස පූජාකරන මාංසවලින් කිසිවක් උදය දක්වා ඉතිරිව නොතිබේවා. 5 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන්නාවූ නුඹේ කොයි නුවරකදී නුමුත් පාස්කුව පූජානොකොට, 6 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන්ගේ නාමය වාසයකරවන්ට තෝරාගන්න ස්ථානයේදී, සවස ඉර බසින විට, එනම් මිසරයෙන් නුඹ පිටතට ආ කාලයේ, නුඹ පාස්කුව පූජාකරන්න. 7 තවද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තෝරාගන්න ස්ථානයේදී ඒක පුලුස්සා කා, උදය නුඹේ කූඩාරම්වලට හැරී යන්න. 8 සදවසක් මුහුන් නොදැමූ රොටි කන්න. සත්වෙනිදා නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ගරුමය රැස්වීමක් වන්නේය; ඒ දවසේදී කිසි වැඩක් නොකරන්න. 9 සති සතක් නුඹට ගණන්කරගන්න. දෑකැත්ත ගොයමට යොදන තැන් පටන් ඒ සති සත ගණන්කරන්ට පටන් ගන්න. 10 එවිට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට ආශීර්වාදකරන හැටියට නුඹේ අතින් සිය කැමැත්තෙන් දෙන්නාවූ පූජා පඬුරකින් සති මංගල්‍යය නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පවත්වන්න. 11 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ස්වකීය නාමය වාසයකරවන්ට තෝරාගන්න ස්ථානයේදී නුඹද නුඹේ පුත්‍රයාද නුඹේ දුවද නුඹේ වැඩකරුවාද නුඹේ වැඩකාරීද නුඹේ දොරටු ඇතුළත සිටින ලෙවීයයාද නුඹලා අතරෙහි සිටින විදේශියාද පියා නැත්තාද වැන්දඹුවද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ප්‍රීතිවන්න. 12 නුඹ මිසරයෙහි වහලෙක්ව සිටි බව සිහිකරමින්, මේ පනත් රක්ෂාකරන්ට බලාගන්න. 13 නුඹේ පාවරෙන්ද මිදිපැසෙන්ද රැස්කරගත් පසු දවසක් කූඩාරම් මංගල්‍යය පවත්වන්න. 14 නුඹද නුඹේ පුත්‍රයාද නුඹේ දුවද නුඹේ වැඩකරුවාද නුඹේ වැඩකාරීද නුඹේ දොරටු ඇතුළත සිටින ලෙවීයයාද විදේශියාද පියා නැත්තාද වැන්දඹුවද නුඹේ මංගල්‍යයෙහිදී ප්‍රීතිවන්න. 15 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තෝරාගන්න ස්ථානයේදී සත් දවසක් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට මංගල්‍යයක් පවත්වන්න. මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹේ මුළු අස්වැන්නෙන්ද නුඹේ අත්වල සියලු වැඩවලදීද නුඹට ආශීර්වාද කරනවා ඇත, නුඹද මුළුමනින් ප්‍රීතිමත්වන්න. 16 අවුරුද්දට තුන් වරක් එනම් මුහුන් නොදැමූ රොටි මංගල්‍යයේදීද සති මංගල්‍යයේදීද කූඩාරම් මංගල්‍යයේදීද නුඹේ සියලු පිරිමි නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තෝරාගන්න ස්ථානයට පැමිණ උන්වහන්සේ ඉදිරියෙහි පෙනෙන්ට ඕනෑය. ඔවුන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි හිස් අතින් නොපෙනී, 17 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දී තිබෙන ආශීර්වාදයේ හැටියට, එකිනෙකා තම තමාගේ පුළුවන්කම ප්‍රකාර දීමනාවක් ඇතුව පෙනී සිටීවා. විනිශ්චයකාරයෝ 18 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන සියලු දොරටුවල නුඹේ ගෝත්‍රවල හැටියට විනිශ්චයකාරයන්ද මුලාදෑනීන්ද පත්කරගන්න. ඔව්හු ධර්මිෂ්ඨකමින් සෙනඟ විනිශ්චය කෙරෙත්වා. 19 නුඹ විනිශ්චය නොපෙරළන්න; මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන්න. අල්ලසක් නොගන්න; මක්නිසාද අල්ලස ප්‍රඥාවන්තයන්ගේ ඇස් අන්ධකොට ධර්මිෂ්ඨයන්ගේ වචන පෙරළන්නේය. 20 නුඹ ජීවත්ව නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන දේශය උරුමකරගන්න පිණිස ධර්මිෂ්ඨකමම අනුව යන්න. නොනිසි නමස්කාරයට විරුද්ධව අණදීම 21 නුඹ සාදන්නාවූ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ පූජාසනය ළඟ කිසියම් වෘක්ෂයකින් කළ අෂේරා කණුවක් සිටුවානොගන්න. 22 නුඹට රූපස්තම්භයක්ද පිහිටුවා නොගන්න; නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඊට ද්වේෂකරනසේක. |
Ceylon Bible Society
Ceylon Bible Society