මක්නිසාද මා නිසාත් මාගේ මෙහෙකරුවූ දාවිත් නිසාත් මේ නුවර ගළවන්ට මම ඒක රැකගන්නෙමියි කියනසේකැයි කියා ඇරියේය.
ගීතාවලිය 46:6 - Sinhala Revised Old Version ජාතීහු කෝලාහල කළෝය, රාජ්‍යයෝ සෙල්වුණෝය. උන්වහන්සේ ස්වකීය හඬ නිකුත් කළසේක, පොළොව දියවූවාය. Sinhala New Revised Version ජාතීහු කෝලහල කළහ; රාජධානි බිඳ වැටිණි. දෙවි තුමාණෝ ගිගුරුම් දුන් සේක. මහ පොළොව දිය විණි. Sinhala New Revised Version 2018 ජාතීහු කෝලහල කළහ; රාජධානි බිඳ වැටිණි. දෙවි තුමාණෝ ගිගුරුම් දුන් සේක. මහ පොළොව දිය විණි. |
මක්නිසාද මා නිසාත් මාගේ මෙහෙකරුවූ දාවිත් නිසාත් මේ නුවර ගළවන්ට මම ඒක රැකගන්නෙමියි කියනසේකැයි කියා ඇරියේය.
මින්පසු මෝවබ් පුත්‍රයෝද අම්මොන් පුත්‍රයෝද ඔවුන් සමඟ අම්මොනිවරුන්ගෙන් සමහරෙක්ද යෙහෝෂාපාට්ට විරුද්ධව යුද්ධයට ආවෝය.
ස්වාමීන්වහන්සේ අහසෙහි ගර්ජනා කළසේක, මහෝත්තමයාණෝද තමන් හඬ නිකුත්කළසේක; ගල්වැසිද ගිනි අඟුරුද විය.
පොළොව කම්පාවූවාය, දෙවියන්වහන්සේ අභිමුඛයෙහි අහස් තලයද පොද හෙළීය. සීනයි පවා දෙවියන්වහන්සේ, එනම් ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ, අභිමුඛයෙහි වෙවුලීය.
පැටවුන් මත්තෙහි කරන කුරුල්ලන්ගේ පියාසරය මෙන් සේනාවල ස්වාමීන්වහන්සේ යෙරුසලම ආවරණකරනසේක; ඒක ආරක්ෂාකොට ගළවනසේක, එය මතුපිට හැසිරෙමින් ප්‍රවේසම්කරනසේක.
අපේ මංගල්‍ය නගරය වන සියොන් බලන්න. යෙරුසලම නිශ්චල වාසස්ථානයක්ව අහක් නොවෙන කූඩාරමක්ව තිබෙනවා නුඹේ ඇස්වලින් දකිනවා ඇත. ඒකේ ඇණ කවදාවත් උගුලනු නොලබන්නේය; ඒකේ කිසි ලනුවක් කඩනු නොලබන්නේය.
එබැවින් නුඹ ඔවුන්ට අනාගතවාක්‍ය කියා, මේ සියලු වචන ඔවුන්ට කියන්න: ස්වාමීන්වහන්සේ උසස්ථානයේ සිට ගර්ජනාකොට තමන්ගේ ශුද්ධවූ වාසස්ථානයේ සිට තමන් හඬ පවත්වනසේක; උන්වහන්සේ තමන් පට්ටියට විරුද්ධව බලවත්ලෙස ගර්ජනාකරනසේක; මුද්‍රික ඵල මඩින්නන් මෙන් සියලු පොළෝ වැසියන්ට විරුද්ධව ඝෝෂාවක් පවත්වනසේක.
ස්වාමීන්වහන්සේ තමන්ගේ සේනාවට පෙරටුවෙන් ස්වකීය හඬ පවත්වනසේක; මක්නිසාද උන්වහන්සේගේ හමුදාව ඉතා මහත්ය; උන්වහන්සේ තමන් වචන ඉෂ්ටකරමින් බලවත්ව සිටිනසේක. එසේය, ස්වාමීන්වහන්සේගේ දවස මහත්ව ඉතා භයංකරව තිබේ; එය දරන්ට කාට පුළුවන්ද?
ඔහු මෙසේ කීවේය. ස්වාමීන්වහන්සේ සියොන්හි සිට ගර්ජනාකොට, යෙරුසලමේ සිට තමන්ගේ හඬ පවත්වනවා ඇත; එවිට එඬේරුන්ගේ ගොදුරුබිම් වැලපෙනවා ඇත, කර්මෙල් මුදුනද වියළී යන්නේය.
හීහාන්නා ගොයම් කපන්නාටත් මුද්‍රිකඵල මඩින්නා බීජ වපුරන්නාටත් කිට්ටුවෙන දවස් පැමිණෙන්නේය; කඳු මිහිරි මිදිපැන් වස්වන්නේය, සෑම හෙල් දියවන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
මක්නිසාද පොළොව දියවෙන හැටියටත් එහි සියලු වැසියන් වැලපෙන හැටියටත් එය ගංගාව මෙන් මුළුමනින්ම ගලා මිසරයේ ගංගාව මෙන් බැසයන හැටියටත් ඊට අතගසන්නේ සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේය.
උන්වහන්සේ යට කඳු දියවන්නේය, ගින්න ඉදිරියෙහි ඉටි මෙන්ද පල්ලමක වගුරුවන වතුර මෙන්ද මිටියාවත් පැළෙන්නේය.
කඳු උන්වහන්සේට භයින් වෙවුලති, හෙල්ද දියවෙති; උන්වහන්සේ ඉදිරියෙහි පොළොවද ලෝකය සහ එහි වාසයකරන සියල්ලෝද කම්පාවෙති.
මහත්වූ භයානකවූ දෙවිකෙනෙක් ව සිටින නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා අතරෙහි සිටින බැවින් ඔවුන් නිසා තැති නොගන්න.
ඒ ඇසූ කෙණෙහිම අපේ සිත් දියවගියේය, නුඹලා නිසා කිසිවෙකු තුළ ධෛර්යයක් තවත් නොවීය. මක්නිසාද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේම ඉහළ ස්වර්ගයෙහිද පහත පොළොවෙහිද දෙවියන්වහන්සේය.
ඔව්හුද: සැබවින් ස්වාමීන්වහන්සේ මුළු දේශය අපේ අත්වලට දී තිබේ; දේශයේ සියලු වැසියන්ගේ සිත් අප ඉදිරියෙහි දියවීයතියි යෝෂුවාට කීවෝය.
ඒ මනුෂ්‍යයන්ට කථාකොට: ස්වාමීන්වහන්සේ දේශය නුඹලාට දී තිබෙන බවද නුඹලා නිසා භීතිය අප පිට පැමිණ තිබෙන බවද දේශයේ සියලු වැසියන්ගේ සිත් නුඹලා නිසා දියවී තිබෙන බවද දනිමි.
තවද මහත් සුදු සිංහාසනයක්ද එහි වැඩහුන් තැනන්වහන්සේද දුටිමි, උන්වහන්සේගේ අභිමුඛයෙන් අහසත් පොළොවත් පලාගියේය; ඒවාට ස්ථානයක් සම්බනූණේය.