Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 20:1 - Sinhala Revised Old Version

1 මින්පසු මෝවබ් පුත්‍රයෝද අම්මොන් පුත්‍රයෝද ඔවුන් සමඟ අම්මොනිවරුන්ගෙන් සමහරෙක්ද යෙහෝෂාපාට්ට විරුද්ධව යුද්ධයට ආවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 මින්පසු මෝවබ්වරු ද අම්මොන්වරු ද ඔවුන් සමඟ මෙයුනිවරුන්ගෙන් සමහරෙක් ද ජෙහෝෂාපාට්ට විරුද්ධ ව යුද්ධයට ආවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 මින්පසු මෝවබ්වරු ද අම්මොන්වරු ද ඔවුන් සමඟ මෙයුනිවරුන්ගෙන් සමහරෙක් ද ජෙහෝෂාපාට්ට විරුද්ධ ව යුද්ධයට ආවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 20:1
15 හුවමාරු යොමු  

මම ප්‍රේමකරන සියල්ලන්ට තරවටුකොට දඬුවම්කරමි. එබැවින් නුඹ ජ්වලිතව සිට පශ්චාත්තාපවෙන්න.


ස්වාමීන්වහන්ස, ඔබ මා කිසිත් නැතිකමට නොපමුණුවන පිණිස ඔබගේ උදහසින් නොව නිසි ප්‍රමාණයෙන් මට දඬුවම් කළ මැනව.


ඉතා උඩඟුවූ මෝවබ්ගේ උඩඟුකමද ඔහුගේ උදාරම්කමද ඔහුගේ ආඩම්බරයද ඔහුගේ උදහසද ගැන ඇසීමුව, ඔහුගේ පාරට්ටුකිරීම් හිස්ය.


මේ කාරණාවලටත් මේ විශ්වාස මෙහෙයටත් පසුව අෂූර්හි රජවූ සෙනකෙරිබ් ඇවිත් යූදාට ඇතුල්ව, පවුරු ඇති නුවරවල් අල්ලාගන්ට සිතා ඒවාට විරුද්ධව කඳවුරු බැන්දේය.


මෙන්න, ස්වාමීන්වහන්සේගේ සියලු කාරණා ගැන උත්තම පූජකවූ අමරියාද රජුගේ සියලු කාරණා ගැන යූදා වංශයේ අධිපතියාවූ ඉෂ්මායෙල්ගේ පුත්‍රවූ සෙබදියාද නුඹලාගේ ප්‍රධානියෝය. ලෙවීවරුද නුඹලා ඉදිරියෙහි මුලාදෑනීහු වෙති. ධෛර්යවත්ව ක්‍රියාකරන්න, ස්වාමීන්වහන්සේ යහපතුන් සමඟ වනසේක්වයි කීවේය.


තවද උස්සියාගේ පුත්‍රවූ යෝතාම්ගේ පුත්‍රයා වන යූදාහි රජවූ ආහාස්ගේ දවස්වලදී සිරියේ රජවූ රෙශීන්ද රෙමලියාගේ පුත්‍රවූ, ඉශ්‍රායෙල්හි රජවූ පෙකාද යෙරුසලමට විරුද්ධව යුද්ධකරන්ට ආවෝය; නුමුත් ජයගන්ට නොහැකි වූවෝය.


ඔහු යූදා දේශයේ සියලු බලකොටු නුවරවල නුවරක් නුවරක් පාසා විනිශ්චයකාරයන් සිටුවා කථාකොට:


නුමුත් හනානිගේ පුත්‍රවූ යේහු නම් දිවස් ඇත්තා යෙහෝෂාපාට් රජුගේ පෙරමගට පිටත්ව ගොස් ඔහුට කථාකොට: දුෂ්ටයාට උපකාරකිරීමත් ස්වාමීන්වහන්සේට වෛරවෙන්නන්ට ප්‍රේමකිරීමත් නුඹට යුතුද? මේ කාරණය නිසා නුඹ කෙරෙහි ස්වාමීන්වහන්සේගේ උදහස පැමිණ තිබේ.


නම් වශයෙන් ලියනලද මොව්හු යූදාහි රජවූ හෙසකියාගේ කාලයේදී ඇවිත් එහි සම්බවුණු මෙයූනිවරුන්ටත් ඔවුන්ගේ කූඩාරම්වලටත් පහරදී, අද දක්වා තිබෙන හැටියට ඔවුන් මුළුමනින්ම නැතිකරදමා ඔවුන් වෙනුවට එහි වාසය කළෝය. මක්නිසාද ඔවුන්ගේ එළු බැටළු රැළවලට එහි තණබිම් තිබුණේය.


බැලුවමැනව, ඉශ්‍රායෙල් මිසරයෙන් ආකල අම්මොන් සහ මෝවබ් පුත්‍රයන්ද සෙයිර් කඳුකරයේ වැසියන්ද අතරට පැමිණෙන්ට ඔබ ඔවුන්ට ඉඩ නුදුන් බැවින්, ඔව්හු ඔවුන් විනාශනොකර, ඔවුන් වෙතින් අහක්ව ගියෝය.


දෙවියන්වහන්සේ පිලිස්තිවරුන්ටත් ගුර්-බාල්හි සිටි අරාබිවරුන්ටත් මෙයූනිවරුන්ටත් විරුද්ධව ඔහුට උපකාරකළසේක.


අම්මොන් පුත්‍රයන් ගැනය. ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඉශ්‍රායෙල්ට පුත්‍රයෝ නැද්ද? ඔහුට උරුමක්කාරයෙක් නැද්ද? ඇත්නම් මල්කාම් ගාද් රට හිමිකරගත්තෙත් ඔහුගේ සෙනඟ එහි නුවරවල වාසයකරන්නෙත් මක්නිසාද?


යූදාවරුන්ගෙන් පලිස් සහ හෙල්ල දරන තුන්ලක්ෂයකින්ද බෙන්යමින්ගෙන් පලිස් දරන දුනුගත් දෙලක්ෂ අසූදහසකින්ද යුක්තවූ සේනාවක් ආසාට සිටියාය. මේ සියල්ලෝ බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්