Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 2:24 - Sinhala Revised Old Version

24 ඔව්හුද: සැබවින් ස්වාමීන්වහන්සේ මුළු දේශය අපේ අත්වලට දී තිබේ; දේශයේ සියලු වැසියන්ගේ සිත් අප ඉදිරියෙහි දියවීයතියි යෝෂුවාට කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 ඔව්හු ජෝෂුවාට කතා කොට, “සැබැවින් ම සමිඳාණන් වහන්සේ මේ මුළු දේශය අප අතට පාවා දී තිබේ. දේශයේ වැසියන් සියල්ලෝ ම අප කෙරෙහි භීතියෙන් සිටිති”යි කීවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 ඔව්හු ජෝෂුවාට කතා කොට, “සැබැවින් ම සමිඳාණන් වහන්සේ මේ මුළු දේශය අප අතට පාවා දී තිබේ. දේශයේ වැසියන් සියල්ලෝ ම අප කෙරෙහි භීතියෙන් සිටිති”යි කීවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 2:24
16 හුවමාරු යොමු  

මම නුඹේ සීමාව රතු මුහුද පටන් පිලිස්තිවරුන්ගේ මුහුද දක්වාද වනාන්තරය පටන් ගංගාව දක්වාද තබන්නෙමි. මක්නිසාද නුඹ විසින් දේශයේ වැසියන් නුඹ ඉදිරියෙන් පන්නාදමන පිණිස ඔවුන් නුඹේ අතට පාවාදෙන්නෙමි.


විශ්වාස පණිවිඩකාරයා තමා යවන්නන්ට ගොයම් කපන කාලයේ හිමේ ශීතල මෙනි; ඔහු තමාගේ ස්වාමිවරුන්ගේ ආත්මය ප්‍රාණවත්කරන්නේය.


ඉශ්‍රායෙල් පුත්‍රයන් මෙතර වෙන තුරු ස්වාමීන්වහන්සේ ඔවුන් ඉදිරියෙන් යොර්දානේ ජලය හින්දවා දැමූ බව යොර්දානට මෙතර බස්නාහිරදිග සිටි අමෝරිවරුන්ගේ සියලු රජවරුන්ද මුහුද ළඟ සිටි කානානිවරුන්ගේ සියලු රජවරුන්ද ඇසූ කල ඔවුන්ගේ සිත් දියව ගියේය, ඉශ්‍රායෙල් පුත්‍රයන් නිසා තවත් ඔවුන් තුළ ධෛර්යයක් නොවීය.


මේ ව්‍යවස්ථා පොත නුඹේ මුඛයෙන් පහනොවේවා, එහි ලියා තිබෙන සියල්ල කරන්ට බලාගන්න පිණිස රෑ දාවල් ඒ ගැන මෙනෙහි කරන්න. එවිට නුඹේ මාර්ගය සඵලවී නුඹට ශුභ සිද්ධවන්නේය.


එවිට ඒදොම්හි අධිපතියෝ විස්මයට පත්වූවෝය; වෙවුලුම මෝවබ්හි බලවන්තයන් අල්වාගනී. කානාන්හි සියලු වැසියෝ දියව ගියෝය.


එවිට ඒ මනුෂ්‍යයෝ දෙදෙනා හැරී කඳුකරයෙන් බැස, එතරවී, නූන්ගේ පුත්‍රවූ යෝෂුවා වෙතට අවුත් තමුන්ට සිද්ධවුණු සියල්ල ඔහුට කීවෝය.


එදා රෑ ස්වාමීන්වහන්සේ ඔහුට කථාකොට: නැගිට කඳවුරට බැස යන්න; මක්නිසාද මම එය නුඹ අතට පාවාදුනිමි.


ස්වාමීන්වහන්සේ යෝෂුවාට කථාකොට: බලන්න, යෙරිකෝවද එහි රජද බලවත් යුද්ධකාරයන්ද නුඹ අතට පාවාදුනිමි.


ස්වාමීන්වහන්සේ යෝෂුවාට කථාකොට: භය නොවෙන්න, නොකැලඹෙන්න. මුළු යුද්ධ සේනාව නුඹ සමඟ ගෙන නැගිට හායිට යන්න. මා විසින් හායි රජු හා ඔහුගේ සෙනඟත් ඔහුගේ නුවරත් ඔහුගේ රටත් නුඹ අතට පාවාදී තිබේ.


ස්වාමීන්වහන්සේද: යූදා යා යුතුය. මම ඔහු අතට දේශය දුනිමියි කීසේක.


නුඹලා ගියාම අප්‍රවේසමෙන් සිටින සෙනඟක් කරා පැමිණෙනවා ඇත, ඒ රට විශාලය. දෙවියන්වහන්සේ නුඹලා අතට ඒක දී තිබේ; එය පොළොවේ තිබෙන කිසි දෙයකින් හිඟයක් නැති ස්ථානයක්යයි කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්