Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 125 - Sinhala Revised Old Version


අදහාගන්නන්ගේ ස්ථිරභාවය

1 ස්වාමීන් කෙරෙහි විශ්වාසකරන්නෝ සෙලවිය නොහැකිවූ සදාකල් පවතින්නාවූ සියොන් කන්ද මෙන්ය.

2 යෙරුසලම හාත්පස කඳු තිබෙන්නාක්මෙන්, දැන් පටන් සදාකල්ම, ස්වාමීන්වහන්සේ ස්වකීය සෙනඟ හාත්පසින් සිටිනසේක.

3 මක්නිසාද ධර්මිෂ්ඨයන් අයුතුකමට අත් දිගු නොකරන පිණිස දුෂ්ටකමේ ජයකොන්තය ධර්මිෂ්ඨයන්ගේ උරුමකොටසෙහි නොරඳන්නේය.

4 ස්වාමිනි, යහපතුන්ටත් අවංක සිත් ඇත්තන්ටත් යහපත කළ මැනව.

5 නුමුත් වංක මාර්ගවලට හැරී යන්නන් වනාහි ස්වාමීන්වහන්සේ අයුතුකම් කරන්නන් සමඟ ගෙනයනසේක. ඉශ්‍රායෙල් කෙරෙහි සමාදානය වේවා.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්