Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ආමොස් 9:5 - Sinhala Revised Old Version

5 මක්නිසාද පොළොව දියවෙන හැටියටත් එහි සියලු වැසියන් වැලපෙන හැටියටත් එය ගංගාව මෙන් මුළුමනින්ම ගලා මිසරයේ ගංගාව මෙන් බැසයන හැටියටත් ඊට අතගසන්නේ සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 “සව් බලැති දෙවි සමිඳු, අතගසන විට දෙරණට, දෙරණ සැලෙනු ඇත, සව් ලෝ සත වැලපෙනු ඇත. මිසරයේ ගඟ වන නයිල් නදිය විලසින නඟියි, බසියි මුළු දෙරණ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 “සව් බලැති දෙවි සමිඳු, අතගසන විට දෙරණට, දෙරණ සැලෙනු ඇත, සව් ලෝ සත වැලපෙනු ඇත. මිසරයේ ගඟ වන නයිල් නදිය විලසින නඟියි, බසියි මුළු දෙරණ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ආමොස් 9:5
17 හුවමාරු යොමු  

ඒ ගැන දේශය නොවෙවුලන්නේද? එහි වසන සියල්ලෝම නොවැලපෙන්නෝද? එසේය, ඒක ගංගාව මෙන් මුළුමනින්ම ගලා, කැලඹී, මිසරයේ ගංගාව මෙන් බැසයනවා ඇත.


ජාතීහු කෝලාහල කළෝය, රාජ්‍යයෝ සෙල්වුණෝය. උන්වහන්සේ ස්වකීය හඬ නිකුත් කළසේක, පොළොව දියවූවාය.


තවද මහත් සුදු සිංහාසනයක්ද එහි වැඩහුන් තැනන්වහන්සේද දුටිමි, උන්වහන්සේගේ අභිමුඛයෙන් අහසත් පොළොවත් පලාගියේය; ඒවාට ස්ථානයක් සම්බනූණේය.


අහෝ ඔබගේ එදිරිකාරයන්ට ඔබගේ නාමය දන්වන පිණිසද ඔබ ඉදිරියෙහි ජාතීන් වෙවුලවන පිණිසද ඔබවහන්සේ අහස පළාගන බසින්ටත්,


වැසි වැස, ජලය ගලා, හුළඟ හමා, ඒ ගෙට ගැසුවේය; ඒක වැටුණේය. එහි වැටීමද බලවත්විය.


කඳු ඔබ දැක භයවූය; ජලධාරාව වැගුරුණේය. ගැඹුර සිය හඬ පවත්වා, සිය අත් ඉහළ එසවිය.


උන්වහන්සේගේ කෝපය ඉදිරියෙහි සිටින්ට පුළුවන් කාටද? උන්වහන්සේගේ බලවත් උදහසේදී පවතින්නේ කවුද? උන්වහන්සේගේ කෝපය ගිනි මෙන් වැගිරෙන්නේය, පර්වතද උන්වහන්සේ ඉදිරියෙහි කඩාවැටෙන්නේය.


එබැවින් දේශය වැලපෙනවා ඇත, එහි වසන සියල්ලෝ වනයේ මෘගයන් හා ආකාශයේ පක්ෂීන්ද ඇතුළුව මලානිකවන්නෝය; මුහුදු මත්ස්‍යයෝ පවා පහකරනු ලබන්නෝය.


දේශය වැලපෙන්නෙත් මුළු රටේ තෘණ මැලවෙන්නෙත් කොපමණ කල්ද? එහි වැසියන්ගේ දුෂ්ටකම නිසා මෘගයෝද පක්ෂීහුද නැතුව ගියෝය; මක්නිසාද: ඔහු අපේ අන්තිමය නොදකින්නේයයි ඔව්හු කීවෝය.


ස්වාමිනි, ඔබගේ අහස නමාගෙන බැස්ස මැනව. කඳු ස්පර්ශකළ මැනව, එවිට එයින් දුම් නගින්නේය.


එසේ හෙයින් ඔබ සම්බවිය හැකි ප්‍රස්තාවයකදී සෑම භක්තිවන්තයාම ඔබට යාච්ඤාකෙරේවා. සැබවින් මහත් ජලධාරාවන් ගලන කල ඒවා ඔහු වෙතට නොපැමිණෙන්නේය.


හෙල් ස්වාමීන් ඉදිරියෙහි, එනම් මුළු පොළොවේ ස්වාමීන් ඉදිරියෙහි, ඉටි මෙන් උණුවූය.


උන්වහන්සේ පොළොව දෙස බලන කල එය කම්පාවේ; උන්වහන්සේ කඳු ස්පර්ශකරන කල එයින් දුම් නගියි.


කඳු උන්වහන්සේට භයින් වෙවුලති, හෙල්ද දියවෙති; උන්වහන්සේ ඉදිරියෙහි පොළොවද ලෝකය සහ එහි වාසයකරන සියල්ලෝද කම්පාවෙති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්