Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 125:1 - Sinhala Revised Old Version

1 ස්වාමීන් කෙරෙහි විශ්වාසකරන්නෝ සෙලවිය නොහැකිවූ සදාකල් පවතින්නාවූ සියොන් කන්ද මෙන්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 සමිඳුන් විශ්වාස කරන්නෝ සියොන් කන්ද මෙන් අචල ය, සදාකාලික ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 සමිඳාණන් වහන්සේ විශ්වාස කරන්නෝ සියොන් කන්ද මෙන් අචල ය, සදාකාලික ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 125:1
41 හුවමාරු යොමු  

මාගේ පර්වතයත් මාගේ ගැළවීමත් උන්වහන්සේ පමණක්ය. උන්වහන්සේ මාගේ බලකොටුවය; මම බොහෝසෙයින් නොසෙල්වන්නෙමි.


නැවත මොරගසා මෙසේ කියන්න: සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක. නැවත මාගේ නුවරවලින් යසස ඉතිරීයන්ටත් ස්වාමීන්වහන්සේ විසින් සියොන් නැවත සනසා යෙරුසලම නැවත තෝරාගන්ටත් යෙදේයයි කීය.


ස්වාමීන්වහන්සේ ස්වකීය මෙහෙකරුවන්ගේ ආත්මය මුදනසේක. උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන කිසිවෙක්වත් වරදට පත්කරනු නොලබන්නේය.


මාගේ දෙවියන්වහන්ස, ඔබ කෙරෙහි විශ්වාසකෙළෙමි, මම ලජ්ජා නොවෙම්වා; මා කෙරෙහි ජය නාද පවත්වන්ට මාගේ සතුරන්ට ඉඩ නුදුන මැනව.


මාගේ විපත්තියේදී ස්වාමීන්ට, මොරගැසීමි, උන්වහන්සේද මට උත්තරදුන්සේක.


ඒ අයට විරුද්ධව ඔවුන්ට පිහිට ලැබුණු බැවින් හග්රීවරුද ඔවුන් සමඟ සිටි සියල්ලෝද ඔවුන් අතට පාවාදෙනලද්දෝය. මක්නිසාද සටනේදී ඔව්හු දෙවියන්වහන්සේට යාච්ඤාකළෝය; ඔවුන් උන්වහන්සේ කෙරෙහි විශ්වාසකළ බැවින් උන්වහන්සේ ඔවුන්ට ඇහුම්කන් දුන්සේක.


කඳු දෙසට මාගේ ඇස් ඔසවන්නෙමි. මට උපකාර පැමිණෙන්නේ කොතැනින්ද?


මාගේ පර්වතයත් මාගේ ගැළවීමත් උන්වහන්සේ පමණක්ය. උන්වහන්සේ මාගේ බලකොටුවය; මම නොසෙල්වන්නෙමි.


එම්බා සියොන් වැසිය, ශබ්ද පවත්වා මොරගසන්න; මක්නිසාද නුඹ මධ්‍යයෙහි ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ උතුම්ව සිටිනසේක.


ස්වාමීන්ගේ ගෘහයට යමුයයි ඔවුන් මට කී විට මම සන්තෝෂවීමි.


බොහෝ ජාතීන්ද ගොස් කථාකොට: එන්න, ස්වාමීන්වහන්සේගේ කන්දටත් යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ ගෘහයටත් යමු; උන්වහන්සේ තමන්ගේ මාර්ග ගැන අපට උගන්වනවා ඇත, අපිද උන්වහන්සේගේ මාවත්වල යන්නෙමුයයි කියනවා ඇත. මක්නිසාද ශික්ෂාව සියොන් කෙරෙන්ද ස්වාමීන්වහන්සේගේ වචනය යෙරුසලමෙන්ද නිකුත්වන්නේය.


මා විසින් අහස පිහිටුවීමටත්, පොළොවේ පදනම් තැබීමටත්: නුඹ මාගේ සෙනඟයයි සියොන්ට කීමටත්, මාගේ වචනය නුඹේ මුඛයෙහි තබා, මාගේ අතේ සෙවණෙහි නුඹ සැඟෙවුවෙමි.


ස්වර්ගයෙහි වැඩහිඳින තැනන්වහන්ස, ඔබ දෙසට මාගේ ඇස් ඔසවමි.


ස්වාමීන්වහන්සේ මාගේ ආලෝකයත් ගැළවීමත්ය; මම කාට භයවන්නෙම්ද? ස්වාමීන්වහන්සේ මාගේ ජීවිතයේ ශක්තියය; මම කාට භීතවන්නෙම්ද?


තවද බැටළුපැටවාණන්ද උන්වහන්සේ සමඟ එක්ලක්ෂක් සතළිස් සාරදහස් දෙනෙක්ද සියොන් කන්දේ සිටිනවා දුටිමි, උන්වහන්සේගේ නාමයද උන්වහන්සේගේ පියාණන්ගේ නාමයද ඔවුන්ගේ නළල්වල ලියා තිබුණේය.


මා සමග කථාකළ දූතයාද: නුඹ මොරගසා මෙසේ කියන්න–සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම යෙරුසලම සහ සියොන් ගැන මහත් ජ්වලිතයකින් ජ්වලිතව සිටිමි.


තවද ඒසව්ගේ කඳුකරය විනිශ්චයකරන්ට ගැළවුම්කාරයෝ සියොන් කන්දෙහි නැගිටින්නෝය; රාජ්‍යයද ස්වාමීන්වහන්සේගේ වන්නේය.


ස්වාමීන්වහන්සේ යහපත්ය, අවංකය. එහෙයින් උන්වහන්සේ පව්කාරයන්ට මාර්ගය උගන්වනසේක.


උන්වහන්සේ කාලවල කෙළවරදී ප්‍රකාශකරනු ලැබූසේක; මෙසේ නුඹලාගේ ඇදහිල්ල සහ බලාපොරොත්තුව දෙවියන්වහන්සේ කෙරෙහි ඇත්තේය.


සියොන්, පිබිදෙන්න, පිබිදෙන්න, නුඹේ බලය පැළඳගන්න; ශුද්ධ නුවරවූ යෙරුසලම, නුඹේ අලංකාර වස්ත්‍ර පැළඳගන්න. මක්නිසාද තවත් අචර්මඡේදිතයෙක්වත් අපවිත්‍රයෙක්වත් නැවත නුඹ තුළට නොපැමිණෙන්නේය.


මක්නිසාද කාවා ඔවුන් වස්ත්‍රයක් මෙන් කාදමන්නේය, පණුවාද ඔවුන් ලෝම මෙන් කන්නේය. නුමුත් මාගේ ධර්මිෂ්ඨකම සදාකාලයටත් මාගේ ගැළවීම සියලු පරම්පරාවලටත් පවත්නේය.


එවිට ජාතියේ තානාපතියන්ට දිය යුතු උත්තරය කිමෙක්ද? ස්වාමීන්වහන්සේ සියොන් පිහිටුවා තිබේ, උන්වහන්සේගේ සෙනඟ අතරෙන් පීඩිත අය එහි ආරක්ෂාව ලබන්නෝය කියාය.


ස්වාමීන්වහන්සේ තමන් කෙරෙහි භය ඇත්තන්ටත් තමන්ගේ කරුණාව ගැන බලාසිටින්නන්ටත් ප්‍රසන්නවනසේක.


ඉශ්‍රායෙල් දැන් මෙසේ කියත්වා: අපේ පක්ෂයෙහි සිටියේ ස්වාමීන්වහන්සේ නොවී නම්,


දෙවියන්වහන්සේ ඒ මැද සිටිනසේක; එය නොසෙල්වන්නේය. දෙවියන්වහන්සේ අලුයම්හිම එයට උපකාරකරනසේක.


ස්වාමීන්වහන්සේ විසින් මුදනලද්දෝ ගී කියමින් සියොන්ට හැරීඑන්නෝය; සදාකාල ප්‍රීතියද ඔවුන්ගේ ඉස් පිට තිබෙන්නේය. සන්තෝෂයද ප්‍රීතිමත්කමද ඔවුන් පිටට පැමිණෙන්නේය, දුකද සුසුම්ලෑමද පලායන්නේය.


ඔව්හු අලුයම නැගිට තෙකෝවා කාන්තාරයට පිටත්ව ගියෝය. ඔවුන් පිටත්වෙද්දී යෙහෝෂාපාට් නැගිට සිට කථාකොට: යූදාවරුනි, යෙරුසලමේ වැසියෙනි, මාගේ වචන අසන්න; නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්න, එවිට නුඹලා ස්ථිරවන්නහුය; උන්වහන්සේගේ ප්‍රොපේතවරුන් විශ්වාස කරන්න. එවිට නුඹලා සඵලවන්නහුයයි කීවේය.


ඔව්හු නැමී වැටී සිටිති. නුමුත් අපි නැගිට කෙළින් සිටිමුව.


ජාතීහු කෝලාහල කළෝය, රාජ්‍යයෝ සෙල්වුණෝය. උන්වහන්සේ ස්වකීය හඬ නිකුත් කළසේක, පොළොව දියවූවාය.


මනුෂ්‍යයෙකු ඇල ගැසූ භිත්තියක් මෙන්ද සෙලවෙන වැටක් මෙන්ද නැතිකරන පිණිස නුඹලා සියල්ලෝ කොපමණ කල් ඔහුට විරුද්ධව සිටින්නහුද?


මාගේ ගැළවීමත් මාගේ උතුම්කමත් දෙවියන්වහන්සේගෙන්ය; මාගේ ශක්තියේ පර්වතයත් මාගේ රක්ෂාස්ථානයත් දෙවියන්වහන්සේ තුළෙහිය.


සුළිහුළඟ ගසන කල්හි දුෂ්ටයා නැතිවන්නේය; එහෙත් ධර්මිෂ්ඨයා සදහටම අත්තිවාරමක්ය.


ඔබ කෙරෙහි සිත තබා සිටින තැනැත්තා, ඔබ කෙරෙහි විශ්වාසකරන බැවින්, ඔබ ඔහු ශාන්ත සමාදානයෙන් ආරක්ෂා කරනසේක.


ස්වාමීන්වහන්සේ කෙරෙහි සදාකාලයටම විශ්වාසකරන්න. මක්නිසාද යෙහොවඃ නම්වූ ස්වාමීන්වහන්සේ සදාකාල පර්වතයක්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්