Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 68:33 - Sinhala Revised Old Version

33 බලව, උන්වහන්සේ ස්වකීය හඬ එනම් බලවත්වූ හඬක් නික්මවනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

33 ආදි කාලීන අහස් තලයෙනි, අහස් කුස සැරිසරන හිමි තුමන්ට ගායනා කරන්න; එතුමන්ගේ හඬ වන ගිගුරුම් හඬට සවන් දෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

33 ආදි කාලීන අහස් තලයෙනි, අහස් කුස සැරිසරන හිමිතුමාණන්ට ගායනා කරන්න; එතුමාණන්ගේ හඬ වන ගිගුරුම් හඬට සවන් දෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 68:33
18 හුවමාරු යොමු  

ඔබ තමන් උඩුමහල් දිය පිට පිහිටුවනසේක; වලාකුල් ස්වකීය රථය කරගන්නසේක; හුළං නමැති පියාපත් පිට යනසේක.


උන්වහන්සේ කෙරුබයෙක් පිට නැඟී පියාසරකළසේක, එසේය, උන්වහන්සේ සුළඟ නමැති පියාපත් මතුයෙහි වේගයෙන් ගමන්කළසේක.


දෙවියන්වහන්සේට ගීතිකාකරව්, උන්වහන්සේගේ නාමයට ප්‍රශංසා ගී කියව්. කාන්තාර මැදින් නැගී යන්නාවූ උන්වහන්සේට මාවතක් සාදව්; යාඃ යනු උන්වහන්සේගේ නාමයවේ; උන්වහන්සේ ඉදිරියෙහි ප්‍රීතිමත්වව්.


ඔබගේ සිංහාසනය ආදියේ පටන් පිහිටා තිබේ. ඔබ සදාකාලයේ පටන් සිටිනසේක.


නුමුත් දෙවියන්වහන්සේ සැබවින්ම පොළොවෙහි වසන්ට සතුටුවනසේක්ද? ස්වර්ගයද ස්වර්ගවල ස්වර්ගයද ඔබවහන්සේට ඉඩ මදිය; එසේ නම් මා විසින් ගොඩනැගූ මේ ගෘහය ඊට වඩා කොපමණ මදිද?


එවිට ස්වර්ගයෙහි තිබෙන දෙවියන්වහන්සේගේ මාළිගාව අරිනලද්දේය. උන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියද උන්වහන්සේගේ මාළිගාවෙහි පෙනුණේය; එවිට විදුලිද ශබ්දද ගර්ජනාද භූමිකම්පාවක්ද මහත් ගල්වර්ෂාවක්ද විය.


සත්වෙනි දේවදූතයාද පිම්බේය; එවිට: ලෝකයේ අධිපතිකම අපගේ ස්වාමීන්වහන්සේටද තමන් ක්‍රිස්තුස්වහන්සේටද වූයේය. උන්වහන්සේ සදාකාලේටම රජකම්කරනසේකැයි කියන මහත් ශබ්ද ස්වර්ගයෙහි විය.


මෙහි නැගී එන්නැයි ස්වර්ගයෙන් තමුන්ට කියන මහත් හඬක් ඔවුන්ට ඇසුණේය. ඔව්හුද වලාකුළෙන් ස්වර්ගයට නැගී ගියෝය; ඔවුන්ගේ සතුරෝද ඔවුන් දුටුවෝය.


කෙරුබ්වරුන්ගේ පියාපත්වල ශබ්දයද සර්වපරාක්‍රම දෙවියන්වහන්සේ කථාකරන හඬ මෙන් පිටත මළුව දක්වා ඇසුණේය.


ආදියෙහි ඔබ පොළොවේ අත්තිවාරම ලූසේක; ආකාශය ඔබගේ අත් වැඩය වේ.


ජාතීහු කෝලාහල කළෝය, රාජ්‍යයෝ සෙල්වුණෝය. උන්වහන්සේ ස්වකීය හඬ නිකුත් කළසේක, පොළොව දියවූවාය.


බලව, ස්වර්ගය සහ ස්වර්ගවල ස්වර්ගයද පොළොව සහ එහි ඇති සියල්ලද අයිති නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ය.


අහෝ යෙෂුරූන්, නුඹට උපකාර කරන්ට අහස පිටද ස්වකීය මහිමයෙන් වලාකුල් පිටද නැගී එන්නාවූ දෙවියන්වහන්සේට සමාන කෙනෙක් නැත.


පොළෝවැසි සියල්ලෙනි, දෙවියන්වහන්සේට ප්‍රීති නාද පවත්වව්.


උන්වහන්සේගේ නාමයේ මහිමය ගැන ගී කියව්. උන්වහන්සේගේ ප්‍රශංසාව කීර්තිමත් කරව්.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්