ගීතාවලිය 46 - Sinhala New Revised Version 2018දෙවිඳාණෝ අප සමඟ ය කෝරාගේ පුත්‍රයන්ට යි. 1 දෙවිඳාණෝ අපේ ශක්තිය හා සරණ වන සේක; හැම දා විපතේ දී අප හට පිළිසරණක් වන සේක. 2 මහ පොළොව කම්පා වෙතත්, කඳු වැටි මහ මුහුදට කඩා වැටෙතත්, 3 සත් සමුදුර ගුගුරා කැළඹෙතත්, එයින් නැඟෙන රැළ වේගයෙන් කඳු වැටි සැලෙතත් අපට කිසි විටක බියක් නැත. 4 එක් ගංගාවක් ඇත. එහි දිය පාරවල් ගලා ගොස්, අපේ උතුම් දෙවිඳුන්ගේ ශුද්ධ මණ්ඩපය වන දෙව් නුවරට සතොස ගෙන දෙයි. 5 දෙවි තුමාණෝ ඒ නුවර වැඩ වසන සේක. ඊට කිසි දා විපතක් නොවනු ඇත. දෙවි තුමාණෝ අලුයම් වේලෙහි ඊට පිහිට වන සේක. 6 ජාතීහු කෝලහල කළහ; රාජධානි බිඳ වැටිණි. දෙවි තුමාණෝ ගිගුරුම් දුන් සේක. මහ පොළොව දිය විණි. 7 සව් බලැති සමිඳාණෝ අප සමඟ ය. ජාකොබ්ගේ දෙවිඳාණෝ අපේ බලකොටුව ය. 8 එන්න, සමිඳුන්ගේ වික්‍රම ක්‍රියා බලන්න; මිහි මත කර ඇති පුදුම ක්‍රියා නරඹන්න. 9 එතුමාණෝ මිහි මත දස දෙස යුද බිය නවත්වන සේක; දුන්න බිඳ, හෙල්ලය කපා, පලිහ ගින්නෙන් දවන සේක. 10 නිශ්චල වන්න; මා දෙවිඳුන් බව සිතට ගන්න; මුළු දෙරණට අග රජ බව, සව් සත හට අග රජ බව වටහාගන්න; 11 සව් බලැති සමිඳාණෝ අප සමඟ ය; ජාකොබ්ගේ දෙවිඳාණෝ අපේ බලකොටුව ය. |