Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ආමොස් 9:13 - Sinhala Revised Old Version

13 හීහාන්නා ගොයම් කපන්නාටත් මුද්‍රිකඵල මඩින්නා බීජ වපුරන්නාටත් කිට්ටුවෙන දවස් පැමිණෙන්නේය; කඳු මිහිරි මිදිපැන් වස්වන්නේය, සෑම හෙල් දියවන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 තවද සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “සීසා ඉවර වූ වහා ම අස්වැන්න ඇති වේ. බීජ වැපුරූ වහා ම මිදි මිරිකීම ඇති වේ. කඳුවලින් මිහිරි මිදිපැන් වෑස්සේ, සියලු හෙල්වලින් මිදිපැන් ගලා යේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 තවද සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “සීසා ඉවර වූ වහා ම අස්වැන්න ඇති වේ. බීජ වැපුරූ වහා ම මිදි මිරිකීම ඇති වේ. කඳුවලින් මිහිරි මිදිපැන් වෑස්සේ, සියලු හෙල්වලින් මිදිපැන් ගලා යේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ආමොස් 9:13
15 හුවමාරු යොමු  

ඒ කාලයෙහි කඳුවලින් මිදි පැන් වැගිරෙනවා ඇත, හෙල්වලින් කිරි ගලනවා ඇත, යූදාහි සියලු ඔයවල වතුර ගලා යනවා ඇත; ස්වාමීන්වහන්සේගේ ගෘහයෙන් උල්පතක් නික්ම ෂිට්ටීම් මිටියාවතට වතුර දෙනවා ඇත.


තව සාරමසක් ගිය කල ගොයම් කපන කාලය පැමිණෙන්නේයයි නුඹලා කියනවා නොවේද? මම නුඹලාට කියමි–නුඹලාගේ ඇස් ඔසවා කුඹුරු දෙසට යොමා, ගොයම් දැනටම කැපීමට පැහී තිබෙන බව බලන්න.


කටු ගස වෙනුවට දේවදාරු ගසද තිබොල් ගස වෙනුවට මරඳ ගසද අටගන්නේය. ඒක ස්වාමීන්වහන්සේට නාමයක් සහ මැකී නොයන සදාකාල ලකුණක්ද පිණිස වන්නේය.


නුඹලාගේ ගොයම් මඩින කාලය මුද්‍රිකඵල නෙළන කාලය දක්වා පවත්නේය, මුද්‍රිකඵල නෙළන කාලය වපුරන කාලය දක්වා පවත්නේය. නුඹලා සෑහෙන්ට කෑම කා නුඹලාගේ දේශයෙහි සුරක්ෂිතව සිටින්නහුය.


මිනිස්සුද කථාකොට: පාළුවී තිබුණු මේ දේශය ඒදන් උයන මෙන් වී තිබේ; නාස්තිව පාළුව ජරාවාසව තිබුණාවූ නුවරවල් බලකොටුවී වැසියන් ඇතුව තිබේයයි කියන්නෝය.


නුමුත් යූදා සදාකාලේටත් යෙරුසලම පරම්පරාවෙන් පරම්පරාවටත් පවතිනවා ඇත.


හෙල් ස්වාමීන් ඉදිරියෙහි, එනම් මුළු පොළොවේ ස්වාමීන් ඉදිරියෙහි, ඉටි මෙන් උණුවූය.


කඳු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහිද අර සීනයි කන්ද ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහිද දියව ගියේය.


මක්නිසාද පොළොව දියවෙන හැටියටත් එහි සියලු වැසියන් වැලපෙන හැටියටත් එය ගංගාව මෙන් මුළුමනින්ම ගලා මිසරයේ ගංගාව මෙන් බැසයන හැටියටත් ඊට අතගසන්නේ සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේය.


ඔහු තමාගේ කොටළු පැටවා මුද්‍රික වැලේද තමාගේ කොටළු වස්සා සාරවූ මුද්‍රික වැලේද බඳිමින් තමාගේ වස්ත්‍ර මුද්‍රිකපානයෙන්ද තමාගේ සළුව මුද්‍රික යුසයෙන්ද සේදුවේය.


සාරවත් කෙතෙන් සතුටද ප්‍රීතියද පහකරනලද්දේය; මිදිවතුවල කවිකීමවත් ප්‍රීති ඝෝෂාවවත් නොවන්නේය. කිසි මඩින්නෙක් මිදිපැස්වල මුද්‍රිකඵල මැඩ නොගන්නේය; මම මිදිඵල නෙළීමේ ප්‍රීති ඝෝෂාව නැවැත්වීමි.


ඔව්හු එහි සුවසේ වාසයකොට, ගෙවල් ගොඩනගන්නෝය, මිදිවතු වවන්නෝය; ඔවුන් අවට සිටින්නාවූ, ඔවුන්ව සුළුකළාවූ සියල්ලන් කෙරෙහි මා විසින් විනිශ්චයන් ඉෂ්ටකළ කල්හි ඔවුන් එසේ සුවසේ වාසයකරනවා ඇත; මෙසේ මා ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බව ඔව්හු දැනගන්නෝයයි කීය.


එවිට කමත් ධාන්‍යවලින් පිරෙනවා ඇත. මිදියුසද තෙල්ද පැස්වලින් ඉතිරෙනවා ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්