එම රාත්‍රියෙහි ස්වාමීන්වහන්සේ ඔහුට පෙනී: මම නුඹේ පියවූ ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේය. භයනොවන්න, මක්නිසාද නුඹ සමඟ සිටිමි, මම නුඹට ආශීර්වාදකර මාගේ මෙහෙකරුවූ ආබ්‍රහම් නිසා නුඹේ වංශය වැඩිකරන්නෙමියි කීසේක.
ද්විතීය නීතිය 13:17 - Sinhala Revised Old Version විනාශයට කැපකරනලද දේවලින් කිසිවක් නුඹේ අතෙහි නොඇලේවා. මෙසේ මා විසින් අද නුඹට අණකරන නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ සියලු ආඥා නුඹ පවත්වමින් උන්වහන්සේට හරිව පෙනෙන දේ කරන පිණිස, Sinhala New Revised Version විනාශයට කැප කළ දෙයින් කිසිවක් ඔබ අත ඉතිරි කර නොගත යුතු ය. එවිට සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන්ට දිවුරා පොරොන්දු වූ ලෙස සිය දැඩි කෝපය සන්සිඳුවාගෙන ඔබ වෙත දයානුකම්පාව දක්වා උන් වහන්සේ ඔබ ගණනින් වර්ධනය කරන සේක. Sinhala New Revised Version 2018 විනාශයට කැප කළ දෙයින් කිසිවක් ඔබ අත ඉතිරි කර නොගත යුතු ය. එවිට සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන්ට දිවුරා පොරොන්දු වූ ලෙස සිය දැඩි කෝපය සන්සිඳුවාගෙන ඔබ වෙත දයානුකම්පාව දක්වා උන් වහන්සේ ඔබ ගණනින් වර්ධනය කරන සේක. |
එම රාත්‍රියෙහි ස්වාමීන්වහන්සේ ඔහුට පෙනී: මම නුඹේ පියවූ ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේය. භයනොවන්න, මක්නිසාද නුඹ සමඟ සිටිමි, මම නුඹට ආශීර්වාදකර මාගේ මෙහෙකරුවූ ආබ්‍රහම් නිසා නුඹේ වංශය වැඩිකරන්නෙමියි කීසේක.
ආබ්‍රහම් මාගේ හඬට කීකරුව මාගේ නියමයද මාගේ ආඥාද මාගේ පනත්ද මාගේ ව්‍යවස්ථාද පැවැත්වූ හෙයින්
නුඹේ වංශය පොළොවේ ධූලි මෙන් වැඩිවන්නේය, නුඹ බස්නාහිර දෙසටද නැගෙනහිර දෙසටද උතුර දෙසටද දකුණු දෙසටද පැතිර යන්නෙහිය. පොළොවේ සියලු ගෝත්‍රයෝ නුඹ සහ නුඹේ වංශය කරණකොටගෙන ආශීර්වාද ලබන්නෝය.
නුමුත් අනුකම්පාවෙන් යුක්තවූ උන්වහන්සේ ඔවුන්ගේ අයුතුකම කමා කළසේක, ඔවුන් විනාශ නොකළ සේක. එසේය, උන්වහන්සේ නොයෙක්විට තමන්ගේ කෝපය ඉවත හරවා, තමන්ගේ මුළු උදහස ඇවිස්සෙන්ට නුදුන්සේක.
මට ප්‍රේමකරමින් මාගේ ආඥා පවත්වන්නවුන්ගෙන් පැවතෙන දහස් ගණන් පරම්පරා දක්වා දයාව පෙන්වන්නාවූ දෙවිකෙනෙක්ය.
උන්වහන්සේ ඔවුන් පිටතට ගෙනගියේ නපුර පිණිසය, එනම් කඳුවලදී ඔවුන් මරා පොළෝතලය මතු පිටින් ඔවුන් නාස්තිකරන පිණිසයයි කියන්ට මිසරවරුන්ට ඉඩදෙන්නේ මක්නිසාද? ඔබගේ තද උදහසෙන් හැරී ඔබගේ සෙනඟට පමුණුවන්ට යන මේ විපත ගැන තැවුණ මැනව.
තවද මම සමාදාන ගිවිසුමක් ඔවුන් සමඟ කරන්නෙමි. එය ඔවුන් සමඟ සදාකාල ගිවිසුමක්වන්නේය. මම ඔවුන් පිහිටුවා, ඔවුන් වැඩිකොට, මාගේ ශුද්ධස්ථානය ඔවුන් අතරෙහි සදාකාලේටම පිහිටුවන්නෙමි.
මාගේ බලවත් උදහස ඉෂ්ට නොකරන්නෙමි, එප්‍රායිම් නැවත විනාශ නොකරන්නෙමි. මක්නිසාද මම මනුෂ්‍යයෙක් නොව දෙවියන්වහන්සේය; නුඹලා අතරෙහි සිටින ශුද්ධ තැනන්වහන්සේය.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: සෙනඟගේ සියලු නායකයන් රැගෙන ස්වාමීන්වහන්සේගේ තද උදහස ඉශ්‍රායෙල්වරුන් කෙරෙන් පහවෙන පිණිස ඔවුන් ස්වාමීන්වහන්සේ උදෙසා සූර්යයා ඉදිරිපිට එල්ලා තබන්නැයි කීසේක.
යමෙක් ස්වාමීන්වහන්සේට ප්‍රේම නොකරන්නේ නම් ඔහු ශාපලද්දෙක් වේවා. ස්වාමීන්වහන්සේ එනසේක.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට ඇහුම්කන්දෙන කල්හි, ස්වාමීන්වහන්සේ තමන්ගේ තද උදහසෙන් හැරී නුඹට කරුණාව පෙන්වා, නුඹට අනුකම්පාකර නුඹේ පියවරුන්ට දිවුළ ලෙස නුඹ වැඩිකරනවා ඇත.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹේ වහල්කම පහකර, නුඹට අනුකම්පාකොට, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ විසිරෙවූ සියලු ජනයන් අතරෙන් නුඹ නැවත රැස්කරගන්නසේක.
නුඹේ පියවරුන් භුක්තිවින්දාවූ දේශය නුඹ විසින් භුක්තිවිඳින පිණිස නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ එහි පමුණුවා, උන්වහන්සේ නුඹට යහපතකොට, නුඹේ පියවරුන්ට වඩා නුඹ වැඩිකරනසේක.
නුඹට ප්‍රේමවී, නුඹට ආශීර්වාදකොට, නුඹ වැඩිකර, නුඹට දෙන ලෙස නුඹේ පියවරුන්ට දිවුළ දේශයෙහිදී නුඹේ ගර්භයෙහි ඵලයට සහ නුඹේ භූමියේ ඵලය වන නුඹේ ධාන්‍යවලටද මුද්‍රික රසයටද තෙල්වලටද නුඹේ ගවයන්ගේ බෝවීමටද නුඹේ එළු බැටළු පැටවුන්ටද ආශීර්වාදකරනවා ඇත.
පිළිකුල් දෙයක් නුඹේ ගෙට ගෙනගොස් නුඹ ඊට සමානවී නාස්තියට කැපනොවන්න. නුඹ ඊට ද්වේෂකොට එය සහමුලින්ම පිළිකුල්කොට සිතන්න. මක්නිසාද එය නාස්තියට කැපය.
ශෙරාගේ පුත්‍රවූ ආකාන් කැපවූ දෙය සම්බන්ධ අපරාධය කළ නිසා මුළු ඉශ්‍රායෙල් සභාව පිටට උදහස නොපැමිණියේද? ඒ මනුෂ්‍යයා තමාගේ අපරාධය කරණකොටගෙන තනියම විනාශනූණේය කියා ස්වාමීන්වහන්සේගේ මුළු සභාව කියනවායයි ඔවුන්ට කීවෝය.
විනාශයට කැපවූ දෙයින් කොහොමහරි වළකින්න, නැතහොත් නුඹලා කැපකළ පසු කැපවූ දෙයින් යමක් ගත්තොත්, නුඹලා ඉශ්‍රායෙල් කඳවුරට ශාප ලැබෙන්ට සලස්වා එය කලඹනවා ඇත.
නුවර හා එහි තිබුණු සියල්ල ගින්නෙන් පුලුස්සා දැමුවෝය. රන් රිදීද පිත්තල හා යකඩ බඩුද පමණක් ඔව්හු ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ගබඩාවෙහි තැබුවෝය.
ඒ කාලයෙහි යෝෂුවා දිවුරමින්: යමෙක් නැගිට මේ යෙරිකෝ නුවර ගොඩනගන්නේ නම්, ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ශාපලත්තෙක් වේවා. ඔහු එහි අත්තිවාරම තබන විට ඔහුගේ කුලුඳුලාද එහි දොරටු තබන විට ඔහුගේ බාල පුත්‍රයාද නැතිවෙනවා ඇතැයි ඔවුන්ට කීවේය.
එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයෝ කැපකළ දේ සම්බන්ධව අපරාධයක් කළෝය. මක්නිසාද යූදා ගෝත්‍රයට අයිති සෙරාගේ පුත්‍රවූ ශබ්දීගේ පුත්‍රයා වන කර්මීගේ පුත්‍රවූ ආකාන් කැපවූ දෙයින් ගත්තේය. ස්වාමීන්වහන්සේගේ උදහස ඉශ්‍රායෙල් පුත්‍රයන්ට විරුද්ධව ඇවුළුණේය.
මහත් ගල් ගොඩක්ද ඔහු පිට ගොඩගැසූහ, එය අද දවස දක්වා තිබේ; ස්වාමීන්වහන්සේ තමන්ගේ බලවත් උදහසෙන් හැරුණුසේක, එබැවින් ඒ ස්ථානයට අද දවස දක්වා ආකොර් මිටියාවතයයි කියනලද්දේය.
මෙසේ යෝෂුවා හායි ගිනිලා, එය සදාකල් පවතින ගොඩක් එනම් අද දක්වා පවතින පාළු ස්ථානයක් කෙළේය.