Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 13:16 - Sinhala Revised Old Version

16 එහි තිබෙන සම්පත් සියල්ලම වීථිය මැදට රැස්කර, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උදෙසා නුවරද එහි තිබෙන සම්පත් සියල්ලද ගින්නෙන් පුලුස්සාදමන්න. ඒක නැවත ගොඩනගනු නොලැබ සදාකල්ම ගොඩක්ව තිබේවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 ඉන්පසු එහි ධන සම්පත වීදිය මැදට රැස්කොට, ඒ නගරය ද ඒ ධන සම්පත් සියල්ල ද ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ උදෙසා ගින්නෙන් පුළුස්සාදැමිය යුතු ය. ඒ නුවර නැවත ඉදි නොකළ යුතු අතර එය නටබුන් ගොඩක් ලෙස ම, සදහට ම තිබෙන්නට හැරිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 ඉන්පසු එහි ධන සම්පත වීදිය මැදට රැස්කොට, ඒ නගරය ද ඒ ධන සම්පත් සියල්ල ද ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ උදෙසා ගින්නෙන් පුළුස්සාදැමිය යුතු ය. ඒ නුවර නැවත ඉදි නොකළ යුතු අතර එය නටබුන් ගොඩක් ලෙස ම, සදහට ම තිබෙන්නට හැරිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 13:16
13 හුවමාරු යොමු  

එබැවින් අම්මොන් පුත්‍රයන්ගේ රබ්බාහි යුද්ධ ඝෝෂාවක් ඇසෙන්ට මා විසින් සලස්වන දවස් පැමිණෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක; ඒක පාළුවූ ගොඩක් වන්නේය, ඊට අයිති ගම්ද ගින්නේ දවා දමනු ලබන්නේය. ඉශ්‍රායෙල්ද තමුන්ගේ දේශය හිමිකරගත් අයගේ දේශය හිමිකරගන්නවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


මෙසේ යෝෂුවා හායි ගිනිලා, එය සදාකල් පවතින ගොඩක් එනම් අද දක්වා පවතින පාළු ස්ථානයක් කෙළේය.


එසේය, ඔබ නුවරක් පස් ගොඩකටද බලකොටු නුවරක් ජරාවාස ගොඩකටද විදේශීන්ගේ මාළිගාවක් නුවරක් නොවන ලෙසද හැරෙවුසේක; ඒක කවදාවත් ගොඩනගනු නොලබන්නේය.


දමස්කය ගැන දිව්‍ය ප්‍රකාශනයය. බලව, දමස්කය නුවරක්ව නොතිබෙන ලෙස අහක්කරනු ලැබ ජරාවාස ගොඩක් වන්නේය.


නුවර හා එහි තිබුණු සියල්ල ගින්නෙන් පුලුස්සා දැමුවෝය. රන් රිදීද පිත්තල හා යකඩ බඩුද පමණක් ඔව්හු ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ගබඩාවෙහි තැබුවෝය.


එබැවින් මම සමාරිය කෙතේ ගොඩක්ද මිදිවතුද කරන්නෙමි. එහි ගල් මිටියාවතට වගුරුවා, එහි අත්තිවාරම් ප්‍රකාශකරන්නෙමි.


ඒ කාලයෙහි යෝෂුවා දිවුරමින්: යමෙක් නැගිට මේ යෙරිකෝ නුවර ගොඩනගන්නේ නම්, ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ශාපලත්තෙක් වේවා. ඔහු එහි අත්තිවාරම තබන විට ඔහුගේ කුලුඳුලාද එහි දොරටු තබන විට ඔහුගේ බාල පුත්‍රයාද නැතිවෙනවා ඇතැයි ඔවුන්ට කීවේය.


ඔවුන්ගේ දෙවිවරුන්ගේ රූප ගින්නෙන් දවාදමන්න. ඒවායේ තිබෙන රන් රිදීවලට ආශාවී ඒවා නොගන්න, එසේ කළොත් නුඹ මලපතකට අසුවන්නේය. මක්නිසාද ඒවා නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය.


පිළිකුල් දෙයක් නුඹේ ගෙට ගෙනගොස් නුඹ ඊට සමානවී නාස්තියට කැපනොවන්න. නුඹ ඊට ද්වේෂකොට එය සහමුලින්ම පිළිකුල්කොට සිතන්න. මක්නිසාද එය නාස්තියට කැපය.


මම නුඹ මුඩු පර්වතයක් කරන්නෙමි. නුඹ වනාහි දැල් ඇතිරීම පිණිස ස්ථානයක් වන්නෙහිය; නුඹ තවත් ගොඩනගනු නොලබන්නෙහිය. මක්නිසාද ස්වාමීන්වහන්සේ වන මම ඒක කීයෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


මෘගයෙකු සමඟ සංවාසයකරන කවරෙක් නමුත් සැබවින් මරනු ලැබිය යුතුය,


පුරුෂයන් හා ස්ත්‍රීන්ද බාලයන් හා මහල්ලන්ද ගවයන්ද බැටළුවන්ද කොටළුවන්ද යන නුවර සිටි සියල්ලන්ම කඩුමුවහතින් මුළුමනින්ම විනාශකර දැමුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්