Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 13:17 - Sinhala New Revised Version

17 විනාශයට කැප කළ දෙයින් කිසිවක් ඔබ අත ඉතිරි කර නොගත යුතු ය. එවිට සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන්ට දිවුරා පොරොන්දු වූ ලෙස සිය දැඩි කෝපය සන්සිඳුවාගෙන ඔබ වෙත දයානුකම්පාව දක්වා උන් වහන්සේ ඔබ ගණනින් වර්ධනය කරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 විනාශයට කැප කළ දෙයින් කිසිවක් ඔබ අත ඉතිරි කර නොගත යුතු ය. එවිට සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන්ට දිවුරා පොරොන්දු වූ ලෙස සිය දැඩි කෝපය සන්සිඳුවාගෙන ඔබ වෙත දයානුකම්පාව දක්වා උන් වහන්සේ ඔබ ගණනින් වර්ධනය කරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

17 විනාශයට කැපකරනලද දේවලින් කිසිවක් නුඹේ අතෙහි නොඇලේවා. මෙසේ මා විසින් අද නුඹට අණකරන නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ සියලු ආඥා නුඹ පවත්වමින් උන්වහන්සේට හරිව පෙනෙන දේ කරන පිණිස,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 13:17
26 හුවමාරු යොමු  

තවද, ඔව්හු මහ ගල් ගොඩක් ඔහු පිට ගොඩ ගැසූ හ. එය අද දක්වා තිබේ. ඒ ස්ථානයට ආකොර් මිටියාවත යයි අද දක්වා කියන්නේ ඒ නිසා ය. ඉන්පසු සමිඳාණන් වහන්සේගේ උදහස සංසිඳුණේ ය.


මෙවැනි පිළිකුල් දේ ඔබේ ගෙදරට ද නොගත යුතු ය. එසේ කළොත්, ඔබත් ඒවා හා සමාන සාප ලත් දෙයක් වනු ඇත. ඒ පිළිම සාප ලත් ඒවා බැවින් ඔබ ඒවා සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කොට හෙළා දැකිය යුතු ය.”


එම රාත්‍රියහි ම සමිඳාණන් වහන්සේ ඔහුට දර්ශනය වී මෙසේ වදාළ සේක; “නුඹ පිය ආබ්‍රහම්ගේ දෙවිඳාණෝ මම ය. බිය නොවන්න. නුඹ සමඟ ද මම සිටිමි; නුඹට ආසිරි දෙමි. මාගේ දාසයා වන ආබ්‍රහම් නිසා, නුඹේ පෙළපත මම වැඩි වර්ධනය කරමි.”


අහසේ තරු මෙන්, ඔබ පෙළපත මම වැඩි කරමි. මේ මුළු රට ඔබේ පෙළපතට මම දෙමි. මිහි පිට සියලු ජාතීහු, ඔබ මඟින්, තමන්ට ආශීර්වාද කරගන්නාහ.


විනාශයට වෙන් කළ දෙයින් ඔබ වැළකී සිටිය යුතු ය: නැතහොත් වෙන් කළ පසු කැප වූ දෙයින් යමක් ඔබ ගත්තොත්, ඔබ ඉශ්රායෙල් කඳවුර පිට විනාශයක් පැමිණෙන්නට සලස්වා එය කලඹනු ඇත.


උන් වහන්සේ ඔබට අනුකම්පාව දක්වා ඔබේ වහල්කම පහකොට, උන් වහන්සේ පැමිණ, විසුරුවනු ලැබූ සියලු ජාතීන් අතරෙන් ඔබ හැම එක්රැස් කරගන්නා සේක.


තවද, නුඹේ පෙළපත පොළොවේ දූවිලි මෙන් වැඩි වී, උතුරු, දකුණු, බටහිර, නැගෙනහිර දිශාවල පැතිර යන්නේ ය. මිහි පිට සියලු ජාතීහු නුඹ හා නුඹේ පෙළපත මඟින් තමන් ආශීර්වාද කරගන්නෝ ය.


යමෙක් සමිඳාණන් වහන්සේට ප්‍රේම නොකරන්නේ නම්, ඔහු සාප ලද්දෙක් වේ වා! ‘මරනථා’ - සමිඳාණන් වහන්ස, වැඩිය මැනව.


තවද, මම සාමදාන ගිවිසුමක් ඔවුන් සමඟ කරන්නෙමි. එය ඔවුන් සමඟ සදාකාල ගිවිසුමක් වන්නේ ය. මම ඔවුන්ට ආසිරි පතා, ඔවුන් වැඩි වර්ධනය කොට, මාගේ ශුද්ධස්ථානය ඔවුන් අතරෙහි සදාකාලයට ම පිහිටුවන්නෙමි.


එතුමාණන් ශෝකය පමුණුවන නමුත්, තමන්ගේ ඉමහත් කරුණාව ලෙස අනුකම්පා ද කරන සේක.


එහෙත්, දයානුකම්පාවෙන් එතුමාණෝ ඔවුන්ගේ පාප කමා කළ සේක; ඔවුන් නොවැනසූ සේක; විටින් විට තම කෝපය සංසිඳුවාගෙන තම උදහස ඇවිලෙන්නට ඉඩ නුදුන් සේක.


ශෙරාගේ පුත් ආකාන් කැප වූ දෙය සම්බන්ධ අපරාධය කළ නිසා මුළු ඉශ්රායෙල් සෙනඟ පිටට උදහස පැමිණියේ නැද් ද? ඒ මිනිසාගේ අපරාධය නිසා විනාශයට පත් වුණේ ඔහු පමණක් නොවේ.’ “


විනාශයට වෙන් කළ දෙයින් කිසිවක් නොගන්න ලෙස සමිඳාණන් වහන්සේ දුන් ආඥාව ඉශ්රායෙල් සෙනඟ කඩ කළෝ ය. මන්ද, ආකාන් කැප වූ දෙයින් කොටසක් ගත්තේ ය. ඔහු වනාහි ජුදා ගෝත්‍රයට අයිති සෙරාගේ පුත් ශබ්දිගේ පුත්‍රයා වන කර්මීගේ පුත්‍රයා ය. ඒ නිසා සමිඳාණන් වහන්සේගේ උදහස ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව ඇවිළුණේ ය.


එවිට ජෝෂුවා දිවුරමින්, “යමෙක් මේ ජෙරිකෝ නුවර ගොඩනඟන්නට උත්සාහ කරන්නේ නම්, ඔහු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සාප ලද්දෙක් වේ වා! ඔහු අත්තිවාරම් තබන විට ඔහුගේ කුලුඳුලා ද, එහි දොරටු තබන විට ඔහුගේ බාල පුත්‍රයා ද නැති වනු ඇතැ”යි ඔවුන්ට කීවේ ය.


තවද උන් වහන්සේ ඔබේ පියවරුන්ට දෙන්නට දිවුළ දේශයේ දී, ඔබට ප්‍රේම කොට, ආසිරි දී, වැඩි වර්ධනය කරන සේක. ඔබට ලැබෙන දරු පරපුරට ද රටේ පලදාවට ද ධාන්‍යවලට ද මිදියුසට හා තෙල්වලට ද ආසිරි දෙන සේක. ඔබේ ගවමහිෂයන් ද බැටළු පට්ටි ද ගණනින් බහුල කරන සේක.


උන් වහන්සේ මෝසෙස් අමතා, “සෙනඟ අතර නායක සියල්ලන් කැඳවන්න, සමිඳාණන් වහන්සේගේ උදහස ඉශ්රායෙල් කෙරෙන් පහවී යන පිණිස, ප්‍රසිද්ධියේ ඔවුන් එල්ලා මරන්නැ”යි වදාළ සේක.


එහෙත්, මට ප්‍රේම කරමින් මාගේ ආඥා පිළිපදින දහස් ගණන් අයට මම කරුණාව දක්වමි.


‘දෙවියන් වහන්සේ ඔවුන් පිටතට ගෙනාවේ දුෂ්ට අදහසකින්, කඳුකරයේ ඔවුන් මරාදමා, මිහි පිටින් ඔවුන් තුරන් කිරීමට ය’යි කීමට මිසර වාසීන්ට ඔබ ඉඩ තබන්නේ මන් ද? ඔබ මේ ඇවිලෙන කෝපාග්නිය නිවාගෙන ඔබේ සෙනඟට විරුද්ධ ව කරන්න යන මේ නපුර ගැන සිත වෙනස් කරගනු මැනව.


එසේ කරන්නේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ හඬට සවන් දී, මා ඔබට අද නියම කරන උන් වහන්සේගේ ආඥා සියල්ල ආරක්ෂා කොට, උන් වහන්සේ අබිමුව දැහැමි දේ කළහොත් පමණක් ය.”


තවද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන්ට හිමි වූ දේශයට ඔබ ගෙනා පසු ඔබ එය අයිති කරගන්නහු ය. උන් වහන්සේ ඔබේ ආදි පියවරුන්ට වඩා ඔබට සෙත සලසා, ඔබේ ජන සංබ්‍යාව ගණනින් වර්ධනය කරන සේක.


ඔබ ඔබේ සියලු කෝපාග්නිය නිවාදැමූ සේක; ඔබේ ඇවිලෙන උදහස පහකළ සේක.


දැඩි කෝපයට මම ඉඩ නොදෙමි. මම නැවත එප්‍රායිම් විනාශ නොකරමි. මන්ද, මම මනුෂ්‍යයෙකු නොව දෙවියන් වහන්සේ වෙමි. ඔබ සමඟ සිටින ශුද්ධ තැනැන් වහන්සේ මම ය, විනාශ කරන්නට මට ආශාවක් නැත. කෝපයෙන් මම ඔබ වෙත නොඑමි.


ඉන්පසු ඔව්හු නුවර හා එහි තිබුණ සියල්ල ගින්නෙන් පුළුස්සා දැමුවෝ ය. රන් රිදී ද ලෝකඩ හා යකඩ බඩු ද ඔව්හු සමිඳාණන් වහන්සේගේ ගෘහයෙහි ගබඩාවෙහි තැන්පත් කළෝ ය.


මෙසේ ජෝෂුවා ආයි නගරයට ගිනි ලා, එය සදහට ම පවතින නටබුන් ගොඩක් කෙළේ ය. එය අද දක්වා පවතී.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්