Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ද්විතීය නීතිය 30:5 - Sinhala Revised Old Version

5 නුඹේ පියවරුන් භුක්තිවින්දාවූ දේශය නුඹ විසින් භුක්තිවිඳින පිණිස නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ එහි පමුණුවා, උන්වහන්සේ නුඹට යහපතකොට, නුඹේ පියවරුන්ට වඩා නුඹ වැඩිකරනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 තවද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන්ට හිමි වූ දේශයට ඔබ ගෙනා පසු ඔබ එය අයිති කරගන්නහු ය. උන් වහන්සේ ඔබේ ආදි පියවරුන්ට වඩා ඔබට සෙත සලසා, ඔබේ ජන සංබ්‍යාව ගණනින් වර්ධනය කරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 තවද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන්ට හිමි වූ දේශයට ඔබ ගෙනා පසු ඔබ එය අයිති කරගන්නහු ය. උන් වහන්සේ ඔබේ ආදි පියවරුන්ට වඩා ඔබට සෙත සලසා, ඔබේ ජන සංබ්‍යාව ගණනින් වර්ධනය කරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 30:5
9 හුවමාරු යොමු  

ඔබ යහපත්ය, යහපත කරනසේක; ඔබගේ පනත් මට ඉගැන්නුව මැනව.


මම නුඹලාට සම්බවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක, මම නුඹලාගේ වාල්කම පහකොට, සියලු ජාතීන් අතරෙන්ද මා නුඹලා පන්නාදැමූ සියලු තැන්වලින්ද නුඹලා එකතුකොට, මා විසින් නුඹලා යම් ස්ථානයකින් ගෙන ගියාද ඒ ස්ථානයට නුඹලා නැවත ගෙනෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


මක්නිසාද මා විසින් මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්වරුන්ගෙත් යූදාවරුන්ගෙත් වාල්කම පහකරන දවස් පැමිණෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. මම ඔවුන්ගේ පියවරුන්ට දුන් දේශයට ඔවුන් නැවත ගෙනෙන්නෙමි, ඔව්හුද ඒක භුක්තිවිඳින්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


මා විසින් ඔවුන්ට කරන මුළු යහපත ගැන අසන්නාවූ පොළොවේ සියලු ජාතීන් අතරේ මේ නුවර මට ප්‍රීතිමත් නමක්ද ප්‍රශංසාවක්ද ගෞරවයක්ද වන්නේය, මා විසින් ඊට කරදෙන මුළු යහපත නිසාත් සමාදානය නිසාත් ඔව්හු භයව වෙවුලන්නෝය.


මම නුඹලා පිට මනුෂ්‍යයන්ද තිරිසනුන්ද වැඩිකරන්නෙමි; ඔව්හු වැඩිවී බෝවන්නෝය. නුඹලාගේ ප්‍රථම කාලවලදී මෙන් නුඹලා පිට මිනිසුන් වාසයකරවා, නුඹලාගේ මුල් කාලවලට වඩා මම නුඹලාට යහපත කරන්නෙමි. නුඹලාද මා ස්වාමීන්වහන්සේ බව දැනගන්නවා ඇත.


ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මෙය ඉශ්‍රායෙල් වංශයට කරන ලෙස මම ඔවුන්ගේ ඉල්ලීමට තව දුරටත් ඇහුම්කන්දෙන්නෙමි; රැළක් මෙන් ඔවුන්ගේ ගණන වැඩි කරන්නෙමි.


මෝසෙස් තමාගේ මාමා වන මිදියන්හි රෙවුයෙල්ගේ පුත්‍රවූ හොබාබ්ට කියනුයේ: මම නුඹලාට දෙන්නෙමියි කියා ස්වාමීන්වහන්සේ කී ස්ථානයට අපි ගමන්කරමුව. අප සමඟ එන්න, අපි නුඹට යහපත කරන්නෙමුව. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් ගැන යහපත කථාකර තිබේයයි කීවේය.


විනාශයට කැපකරනලද දේවලින් කිසිවක් නුඹේ අතෙහි නොඇලේවා. මෙසේ මා විසින් අද නුඹට අණකරන නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ සියලු ආඥා නුඹ පවත්වමින් උන්වහන්සේට හරිව පෙනෙන දේ කරන පිණිස,


නුඹට ප්‍රේමවී, නුඹට ආශීර්වාදකොට, නුඹ වැඩිකර, නුඹට දෙන ලෙස නුඹේ පියවරුන්ට දිවුළ දේශයෙහිදී නුඹේ ගර්භයෙහි ඵලයට සහ නුඹේ භූමියේ ඵලය වන නුඹේ ධාන්‍යවලටද මුද්‍රික රසයටද තෙල්වලටද නුඹේ ගවයන්ගේ බෝවීමටද නුඹේ එළු බැටළු පැටවුන්ටද ආශීර්වාදකරනවා ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්