Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 6:18 - Sinhala Revised Old Version

18 විනාශයට කැපවූ දෙයින් කොහොමහරි වළකින්න, නැතහොත් නුඹලා කැපකළ පසු කැපවූ දෙයින් යමක් ගත්තොත්, නුඹලා ඉශ්‍රායෙල් කඳවුරට ශාප ලැබෙන්ට සලස්වා එය කලඹනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 විනාශයට වෙන් කළ දෙයින් ඔබ වැළකී සිටිය යුතු ය: නැතහොත් වෙන් කළ පසු කැප වූ දෙයින් යමක් ඔබ ගත්තොත්, ඔබ ඉශ්රායෙල් කඳවුර පිට විනාශයක් පැමිණෙන්නට සලස්වා එය කලඹනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 විනාශයට වෙන් කළ දෙයින් ඔබ වැළකී සිටිය යුතු ය: නැතහොත් වෙන් කළ පසු කැප වූ දෙයින් යමක් ඔබ ගත්තොත්, ඔබ ඉශ්රායෙල් කඳවුර පිට විනාශයක් පැමිණෙන්නට සලස්වා එය කලඹනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 6:18
20 හුවමාරු යොමු  

මාගේ පිය දරුවෙනි, දේවතා රූපවලින් දුරුව සිටින්න.


අන්ධකාරයේ ඵල නැති ක්‍රියාවලට හවුල් නොවී, ඒවාට දොස් තබන්න;


එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයෝ කැපකළ දේ සම්බන්ධව අපරාධයක් කළෝය. මක්නිසාද යූදා ගෝත්‍රයට අයිති සෙරාගේ පුත්‍රවූ ශබ්දීගේ පුත්‍රයා වන කර්මීගේ පුත්‍රවූ ආකාන් කැපවූ දෙයින් ගත්තේය. ස්වාමීන්වහන්සේගේ උදහස ඉශ්‍රායෙල් පුත්‍රයන්ට විරුද්ධව ඇවුළුණේය.


යෝෂුවා: නුඹ අප කැලඹෙවුවේ මක්නිසාද? ස්වාමීන්වහන්සේ අද නුඹ කලඹවනසේකැයි කීවේය. එවිට සියලු ඉශ්‍රායෙල්වරු ඔහුට ගල් ගැසුවෝය; ඔව්හු ඔවුන්ට ගල්ගසා, ඔවුන් ගින්නෙන් පුලුස්සා දැමුවෝය.


එබැවින්– නුඹලා ඔවුන් අතරෙන් පිටතට ඇවිත්, වෙන්ව සිටින්න, අපවිත්‍ර දෙයකට අත නොගසා සිටින්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක. එවිට මම නුඹලා පිළිගෙන,


අපගේ පියවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි පිරිසිදුවූ නොකිලුටුවූ භක්තිය නම්, මවුපියන් නැති දරුවන්ද වැන්දඹු ස්ත්‍රීන්ද ඔවුන්ගේ විපත්තියේදී බලාගැනීමත්, ලෝකයෙන් කිලුටු නොවන ලෙස තමාම ආරක්ෂාකරගැනීමත්ය.


ප්‍රේමය වංචා රහිත වේවා. නපුරට පිළිකුල්කොට යහපතට ඇලුම්වෙන්න.


මා අරන් මුහුදේ දමන්න; එවිට මුහුද නුඹලාට නිශ්චලවන්නේය. කුමක්හෙයින්ද මේ මහත් කුණාටුව නුඹලා පිටට පැමිණ තිබෙන්නේ මා නිසා බව දනිමියි ඔහු ඔවුන්ට කීවේය.


යුද්ධායුධවලට වඩා ප්‍රඥාව වටනේය. නුමුත් එක පව්කාරයෙක් හොඳ බොහෝ කාරණා නැතිකරයි.


දාවිත්ගේ දවස්වලදී අවුරුද්දෙන් අවුරුද්ද තුන් අවුරුද්දක්ම සාගතයක් විය; දාවිත් ස්වාමීන්වහන්සේගෙන් විභාගකළ විට ස්වාමීන්වහන්සේ: සාවුල් විසින් ගිබියොන්වරුන් මැරූ බැවින් ඔහු නිසාත් ඔහුගේ කුරිරු වංශය නිසාත්යයි කීසේක.


පිළිකුල් දෙයක් නුඹේ ගෙට ගෙනගොස් නුඹ ඊට සමානවී නාස්තියට කැපනොවන්න. නුඹ ඊට ද්වේෂකොට එය සහමුලින්ම පිළිකුල්කොට සිතන්න. මක්නිසාද එය නාස්තියට කැපය.


කැපවූ දෙය ගත් තැනැත්තා අසුවූ කල්හි ඔහු ස්වාමීන්වහන්සේගේ ගිවිසුම කඩකළ නිසාත්, ඉශ්‍රායෙල්හි දුෂ්ටකමක් කළ නිසාත්, ඔහු හා ඔහු සන්තක සියල්ල ගින්නෙන් පුලුස්සා දමනු ලැබේයයි කියන්නැයි කීසේක.


විනාශයට කැපකරනලද දේවලින් කිසිවක් නුඹේ අතෙහි නොඇලේවා. මෙසේ මා විසින් අද නුඹට අණකරන නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ සියලු ආඥා නුඹ පවත්වමින් උන්වහන්සේට හරිව පෙනෙන දේ කරන පිණිස,


නුඹ නැගිට සෙනඟ පවිත්‍රකරන්න, ඔවුන්ට කථාකොට: නුඹලා හෙට දවසට පවිත්‍රවෙන්න. මක්නිසාද ඉශ්‍රායෙල්වරුනි, නුඹලා අතරේ කැපවූ දෙයක් තිබේ, කැපවූ දෙය නුඹලා අතරෙන් පහකරන තුරු නුඹලාගේ සතුරන් ඉදිරියෙහි සිටින්ට නුඹලාට බැරිවේයයි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියනසේක.


රාත්‍රියේ ධාතුපහවීමක් නිසා අපිරිසිදුවන මනුෂ්‍යයෙක් නුඹලා අතරෙහි වේනම්, ඔහු කඳවුරෙන් පිටතට ගොස් කඳවුරට ඇතුල් නොවී සිට,


එහෙත් සාවුල් සහ සෙනඟ ආගග්ද බැටළුවන් හා ගවයින්ගෙනුත් තර සතුන්ගෙනුත් ඉතා හොඳ එවුන්ද බැටළු පැටවුන්ද සියලු හොඳ දේවල්ද සහමුලින්ම විනාශකර දමන්ට අකැමැතිව ඉතිරි කරගත්තෝය. නුමුත් නුසුදුසුවූ නොවටින්නාවූ සියල්ලම ඔව්හු විනාශකර දැමුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්