Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 22:20 - Sinhala Revised Old Version

20 ශෙරාගේ පුත්‍රවූ ආකාන් කැපවූ දෙය සම්බන්ධ අපරාධය කළ නිසා මුළු ඉශ්‍රායෙල් සභාව පිටට උදහස නොපැමිණියේද? ඒ මනුෂ්‍යයා තමාගේ අපරාධය කරණකොටගෙන තනියම විනාශනූණේය කියා ස්වාමීන්වහන්සේගේ මුළු සභාව කියනවායයි ඔවුන්ට කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 ශෙරාගේ පුත් ආකාන් කැප වූ දෙය සම්බන්ධ අපරාධය කළ නිසා මුළු ඉශ්රායෙල් සෙනඟ පිටට උදහස පැමිණියේ නැද් ද? ඒ මිනිසාගේ අපරාධය නිසා විනාශයට පත් වුණේ ඔහු පමණක් නොවේ.’ “

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 ශෙරාගේ පුත් ආකාන් කැප වූ දෙය සම්බන්ධ අපරාධය කළ නිසා මුළු ඉශ්රායෙල් සෙනඟ පිටට උදහස පැමිණියේ නැද් ද? ඒ මිනිසාගේ අපරාධය නිසා විනාශයට පත් වුණේ ඔහු පමණක් නොවේ.’ ”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 22:20
11 හුවමාරු යොමු  

හායි නුවර මනුෂ්‍යයෝ ඔවුන්ගෙන් තිස් හදෙනෙක් පමණ මැරුවෝය. ඔව්හු නුවර දොරටුවේ සිට ෂෙබාරීම් දක්වා ඔවුන් පස්සේ එළවාගන ගොස්, පල්ලමේදී ඔවුන්ට පහරදුන්නෝය. එවිට සෙනඟගේ සිත් දියවී ගොස් වතුර මෙන් වුණේය.


එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයෝ කැපකළ දේ සම්බන්ධව අපරාධයක් කළෝය. මක්නිසාද යූදා ගෝත්‍රයට අයිති සෙරාගේ පුත්‍රවූ ශබ්දීගේ පුත්‍රයා වන කර්මීගේ පුත්‍රවූ ආකාන් කැපවූ දෙයින් ගත්තේය. ස්වාමීන්වහන්සේගේ උදහස ඉශ්‍රායෙල් පුත්‍රයන්ට විරුද්ධව ඇවුළුණේය.


ඉඳින් ඔවුන් නපුරු දේවලට ආශාවුණාක්මෙන් අප විසිනුත් ආශා නොවන පිණිස මේ කාරණා අපට ආදර්ශ විය.


එවිට යෝෂුවා සහ ඔහු සමඟ සියලු ඉශ්‍රායෙල්වරු ශෙරාගේ පුත්‍රවූ ආකාන්ද රිදීද සළුවද රන් පේනුවද ඔහුගේ පුත්‍රයන් හා දූවරුන්ද ඔහුගේ ගවයන්ද කොටළුවන්ද බැටළුවන්ද ඔහුගේ කූඩාරමද ඔහු සන්තක සියල්ලද අරගන ආකොර් මිටියාවතට ගෙනගියෝය.


ඔහුගේ පෙළපත එකිනෙකා වශයෙන් ළංකෙරෙවු විට යූදා ගෝත්‍රයට අයිති ශෙරාගේ පුත්‍රවූ ශබ්දීගේ පුත්‍රයා වන කර්මීගේ පුත්‍රවූ ආකාන් අසුවිය.


සොදොම හා ගොමොරාව යන නුවරවල් අළුකරමින් ඒවා පෙරළා දමා විනාශයට නියමකොට, මතු අභක්තිකලෙස හැසිරෙන්නන්ට ඒවා ආදර්ශයක් කළසේක් නම්,


මෝසෙස් ආරොන්ටත් ඔහුගේ පුත්‍රවූ එලෙයාසර්ට හා ඊතාමාර්ටත් කථාකොට: නුඹලා නොනස්නා පිණිසද උන්වහන්සේ මුළු සභාව කෙරෙහි උදහස් නොවන පිණිසද නුඹලාගේ හිසකේ විදහා නොගන්න, නුඹලාගේ වස්ත්‍ර ඉරානොගන්න. එහෙත් නුඹලාගේ සහෝදරයෝ වන මුළු ඉශ්‍රායෙල් වංශය ස්වාමීන්වහන්සේ ඇවිලෙවු දැවීම ගැන වැලපෙත්වා.


රූබෙන් පුත්‍රයෝද ගාද් පුත්‍රයෝද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද ඉශ්‍රායෙල්හි දහස්ගණන්වූ ජනයන්ගේ ප්‍රධානීන්ට උත්තරදෙමින්:


ඔව්හු තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගෘහය අත්හැර අෂේරා කණුවලටත් පිළිමවලටත් සේවයකළෝය. ඔවුන්ගේ මේ වරද නිසා යූදාද යෙරුසලමද පිටට උදහස පැමිණියේය.


නුඹේ දුෂ්ටකමෙන් නුඹ වැනි මනුෂ්‍යයෙකුට නපුරක් පැමිණෙන්ට පුළුවන; එසේම නුඹේ ධර්මිෂ්ඨකමෙන් මනුෂ්‍ය පුත්‍රයෙකුට ප්‍රයෝජනයක් වෙන්ටත් පුළුවන.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්