ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 124:1 - Sinhala Revised Old Version

ඉශ්‍රායෙල් දැන් මෙසේ කියත්වා: අපේ පක්ෂයෙහි සිටියේ ස්වාමීන්වහන්සේ නොවී නම්,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඉශ්රායෙල් මෙසේ කියත් වා! “අපේ පැත්තට සමිඳාණෝ නොසිටි සේක් නම්,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඉශ්රායෙල් මෙසේ කියත් වා! “අපේ පැත්තට සමිඳාණෝ නොසිටි සේක් නම්,

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 124:1
27 හුවමාරු යොමු  

ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේද ඊසාක්ගේ භය භූමියද වූ තැනන්වහන්සේ, මාගේ පියාගේ දෙවියන්වහන්සේ, මා සමඟ නොසිටිසේක්නම් සැබවින් නුඹ මා හිස් අතින් යන්ට හරිනවා ඇත. දෙවියන්වහන්සේ මාගේ පීඩාව සහ මාගේ අත්වල වෙහෙසද දැක ඊයේ රාත්‍රියේ නුඹට තරවටුකළසේකැයි ලාබන්ට කීය.


මාගේ විපත්තියේදී ස්වාමීන්ට, මොරගැසීමි, උන්වහන්සේද මට උත්තරදුන්සේක.


කඳු දෙසට මාගේ ඇස් ඔසවන්නෙමි. මට උපකාර පැමිණෙන්නේ කොතැනින්ද?


ස්වාමීන්ගේ ගෘහයට යමුයයි ඔවුන් මට කී විට මම සන්තෝෂවීමි.


ස්වර්ගයෙහි වැඩහිඳින තැනන්වහන්ස, ඔබ දෙසට මාගේ ඇස් ඔසවමි.


ස්වාමීන් කෙරෙහි විශ්වාසකරන්නෝ සෙලවිය නොහැකිවූ සදාකල් පවතින්නාවූ සියොන් කන්ද මෙන්ය.


ස්වාමීන්වහන්සේ සියොන් කෙරෙන් වාලට ගෙනයනලද්දවුන් ආපසු ගෙනා කල, අපි හීනයක් දුටුවන් මෙන් වීමුව.


ස්වාමීන්වහන්සේ ගෙය නොසාදනසේක් නම්, සාදන්නෝ නිෂ්ඵලයේ වෙහෙසෙති. ස්වාමීන්වහන්සේ නුවර ආරක්ෂා නොකරනසේක් නම්, රැකවලා නිෂ්ඵලයේ අවදිව සිටියි.


ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවන්නාවූ, උන්වහන්සේගේ මාර්ගවල හැසිරෙන්නාවූ සියල්ලෝම භාග්‍යවන්තයෝය.


ඉශ්‍රායෙල් දැන් මෙසේ කියත්වා: මාගේ තරුණ වයසේ පටන් ඔව්හු බොහෝ වර මට පීඩාකළෝය.


ස්වාමිනි, ගැඹුරු තැන්වල සිට ඔබට මොරගැසීමි.


ස්වාමිනි, මාගේ සිත උඩඟු නොවේ, මාගේ ඇස්ද උදාර නොවේ; මහත් කාරණාවලවත් මාගේ පමණට වැඩිවූ මහත් ක්‍රියාවලවත් මැදි නොවෙමි.


ස්වාමිනි, දාවිත්ගේ දුක් සියල්ල ඔහු උදෙසා සිහිකළ මැනව;


බලව, සහෝදරයන් එකඟව වාසය කිරීම කොපමණ යහපත්ද, කොපමණ ප්‍රසන්නද!


රාත්‍රිභාගයේ ස්වාමීන්ගේ ගෘහයෙහි සිටින්නාවූ ස්වාමීන්ගේ සියලු මෙහෙකරුවෙනි, ස්වාමීන්ට ප්‍රශංසාකරව්.


ස්වාමීන්වහන්සේ මාගේ ආලෝකයත් ගැළවීමත්ය; මම කාට භයවන්නෙම්ද? ස්වාමීන්වහන්සේ මාගේ ජීවිතයේ ශක්තියය; මම කාට භීතවන්නෙම්ද?


සේනාවල ස්වාමීන්වහන්සේ අප සමඟය; යාකොබ්ගේ දෙවියන්වහන්සේ අපේ බලකොටුවය.


සේනාවල ස්වාමීන්වහන්සේ අප සමඟය; යාකොබ්ගේ දෙවියන්වහන්සේ අපේ බලකොටුවය.


බලව, දෙවියන්වහන්සේ මාගේ උපකාරකාරයාණෝය. මාගේ ප්‍රාණය ආරක්ෂාකරන්නන් අතරේ ස්වාමීන්වහන්සේ සිටිනසේක.


මම දෙවියන්වහන්සේ තුළ, උන්වහන්සේගේ වචනය වර්ණනා කරන්නෙමි. ස්වාමීන්වහන්සේ තුළ උන්වහන්සේගේ වචනය වර්ණනාකරන්නෙමි.


මා යාච්ඤාකරන දවසේ මාගේ සතුරෝ ආපසු හැරී යන්නෝය. මෙය මම දනිමි, දෙවියන්වහන්සේ මාගේ පක්ෂයෙහිය.


ස්වාමීන්වහන්සේ මට පිහිට නුවූසේක්නම් මාගේ ආත්මය නිශ්ශබ්ද ස්ථානයෙහි වාසයට ළංවිය.


එවිට මෝසෙස් සහ ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේට මේ ගීතිකාව ගායනාකරමින් මෙසේ කීවෝය: මම ස්වාමීන්වහන්සේට ගී කියන්නෙමි, මක්නිසාද උන්වහන්සේ තේජාන්විත ලෙස ජයගත්සේක. උන්වහන්සේ අශ්වයා සහ අසරුවා මුහුදට හෙළූසේක.


එසේවී නම් මේ කාරණා ගැන කුමක් කියමුද? දෙවියන්වහන්සේ අපේ පක්ෂයට සිටිනසේක් නම්, අපට විරුද්ධවෙන්නේ කවුද?