ගීතාවලිය 129 - Sinhala Revised Old Versionපීඩාවලින් මිදීම. නපුරන්ට ජය නොලැබීම. 1 ඉශ්‍රායෙල් දැන් මෙසේ කියත්වා: මාගේ තරුණ වයසේ පටන් ඔව්හු බොහෝ වර මට පීඩාකළෝය. 2 මාගේ තරුණ වයසේ පටන් ඔව්හු බොහෝ වර මට පීඩාකළෝය. එහෙත් මාගෙන් ජය නොගත්තෝය. 3 හී හාන්නෝ මාගේ පිටෙහි හෑවෝය; තමුන්ගේ හීවිටි දීර්ඝකොට හෑරූය. 4 ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨය. උන්වහන්සේ දුෂ්ටයන්ගේ බැමි කපා හැරියසේක. 5 සියොන්ට ද්වේෂකරන සියල්ලෝ ලජ්ජාවී ආපසු හරවනු ලබත්වා. 6 වැඩෙන්ට පළමුවෙන් වියළීයන්නාවූ වහල පිට තෘණ මෙන් වෙත්වා. 7 කපන්නා එයින් තමාගේ මිටවත් මිටි බඳින්නා තමාගේ තුරුල්ලවත් නොපුරවයි. 8 මගයන්නෝද: ස්වාමීන්ගේ ආශීර්වාදය නුඹලාට වේවා; ස්වාමීන්ගේ නාමයෙන් නුඹලාට ආශීර්වාදකරමුයයි නොකියති. |
Ceylon Bible Society
Ceylon Bible Society