Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 124 - Sinhala Revised Old Version


අන්තරායෙන් මිදුවේ ස්වාමීන්වහන්සේමය

1 ඉශ්‍රායෙල් දැන් මෙසේ කියත්වා: අපේ පක්ෂයෙහි සිටියේ ස්වාමීන්වහන්සේ නොවී නම්,

2 මනුෂ්‍යයන් අපට විරුද්ධව නැගිටි කල අපේ පක්ෂයෙහි සිටියේ ස්වාමීන්වහන්සේ නොවී නම්,

3 ඔවුන්ගේ උදහස අපට විරුද්ධව ඇවුළුණු කල, ඔවුන් අප පණපිටින් ගිලගන්ට තිබුණේය.

4 එකල්හි ජලය අප වසාගන්නවා ඇත, දියපාර අපේ ප්‍රාණය යටකොට ගලනවා ඇත.

5 එකල්හි උඩඟු ජලය අපේ ප්‍රාණය යටකොට ගලනවා ඇත.

6 ඔවුන්ගේ දත්වලට අප ගොදුරු කොට නුදුන් ස්වාමීන්ට ප්‍රශංසාවේවා.

7 පක්ෂි වැද්දන්ගේ උගුලෙන් පක්ෂියෙකු මෙන් අපේ ප්‍රාණය ගැළවුණේය. උගුල බිඳී ගියේය, අපි ගැළවුණෙමුව.

8 අපේ උපකාරය අහසත් පොළොවත් මැවූ ස්වාමීන්ගේ නාමය කෙරෙහිය.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්