ගීතාවලිය 122 - Sinhala Revised Old Versionයෙරුසලම ගැන වන්දනාකාරයාගේ ප්‍රීතිය 1 ස්වාමීන්ගේ ගෘහයට යමුයයි ඔවුන් මට කී විට මම සන්තෝෂවීමි. 2 එම්බා යෙරුසලම, අපේ පාද නුඹේ දොරටු ඇතුළේ තබා තිබේ. 3 එම්බා යෙරුසලම, මනාකොට සෑදූ නුවරක් මෙන් නුඹ ගොඩනගනලද්දීය. 4 ගෝත්‍රයෝ, ස්වාමීන්ගේ ගෝත්‍රයෝ, ඉශ්‍රායෙල්ට සාක්ෂියක් වශයෙන් ස්වාමීන්ගේ නාමයට ස්තුතිකරන පිණිස එතැනට යෙති. 5 මක්නිසාද සිංහාසන, එනම් දාවිත්ගේ වංශයේ සිංහාසන, විනිශ්චය පිණිස එහි පිහිටා තිබේ. 6 යෙරුසලමේ සමාදානය උදෙසා යාච්ඤාකරව්. නුඹට ප්‍රේමකරන්නෝ දියුණුවන්නෝය. 7 නුඹේ පවුරු ඇතුළත සමාදානයත් නුඹේ මාළිගා තුළ අභිවෘද්ධියත් වේවා. 8 මාගේ සහෝදරයන් හා සමාගම්කාරයන් නිසා: නුඹ ඇතුළේ සමාදානය වේවයි කියමි. 9 අපේ දෙවිවූ ස්වාමීන්ගේ ගෘහය නිසා නුඹේ යහපත සොයන්නෙමි. |
Ceylon Bible Society
Ceylon Bible Society