Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 123 - Sinhala Revised Old Version


නින්දා ලැබීමේදී ස්වාමීන්වහන්සේ දෙස බලාහිඳීම

1 ස්වර්ගයෙහි වැඩහිඳින තැනන්වහන්ස, ඔබ දෙසට මාගේ ඇස් ඔසවමි.

2 බලව, මෙහෙකරුවන්ගේ ඇස් ඔවුන්ගේ ස්වාමියාගේ අත දෙසත් මෙහෙකාරියෙකුගේ ඇස් ඇගේ ස්වාමි දුවගේ අත දෙසත් බලන්නාක්මෙන්, අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට කරුණාකරන තෙක්, අපේ ඇස් උන්වහන්සේ දෙස යොමා තිබේ.

3 ස්වාමිනි, අපට කරුණාකළ මැනව, අපට කරුණාකළ මැනව. මක්නිසාද අපි අධික ලෙස නින්දා වෙන් පිරී සිටිමුව.

4 සැපෙන් සිටින [අභක්තීන්ගේ] අපහාසයෙන්ද අහංකාරීන්ගේ නින්දාවෙන්ද අපේ ආත්මය අධික ලෙස පිරී තිබේ.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්