ගීතාවලිය 120 - Sinhala Revised Old Versionවංචාකාර දිවෙන් මිදීම 1 මාගේ විපත්තියේදී ස්වාමීන්ට, මොරගැසීමි, උන්වහන්සේද මට උත්තරදුන්සේක. 2 ස්වාමිනි, බොරු කියන තොල්වලින්ද වංචාකාර දිවෙන්ද මාගේ ආත්මය ගැළෙවුව මැනව. 3 එම්බා වංචාකාර දිව, නුඹට දිය යුත්තේ කිමෙක්ද? නුඹට තවත් කරන්නේ කිමෙක්ද? 4 රෝතෙම් ගිනි අඟුරු සමඟ බලවන්තයාගේ තියුණු ඊගස්ය. 5 අහෝ, මෙෂෙක්හි විදේශීව සිටීමද කේදාර්හි කූඩාරම් අතරේ වාසය කිරීමද මට දුකක්ය. 6 සමාදානයට ද්වේෂකරන්නා සමඟ මාගේ ආත්මය බොහෝ කල් වාසය කෙළේය. 7 මම සමාදානයට කැමැත්තෙමි. නුමුත් මා කථාකරන කල ඔව්හු සටනට සැරසෙති. |
Ceylon Bible Society
Ceylon Bible Society