Biblia Todo Logo
බයිබල් වචන
- දැන්වීම් -

ප්‍රවර්ගය

නො කලකිරෙනුආදරයමිත්රත්වයප්රශංසාව සහ නමස්කාරයඔයා බොන්නදෙමාපියන්ආශිර්වාද කරනවාමංගලසුවපහසුවඋපන් දිනයබලාපොරොත්තුවඑවැන්ජලිස්ත කරන්නඇදහිල්ලශක්තියඅවමංගල්යයයෞවනයන්විවාහයන්කාන්තාවන්මරණයළමයිපූජා කරනවායාච්ඤාවසමාවෙන්නගැලවීමසෞඛ්යයශුද්ධකමසදාකාල ජීවනයපුළුවන්දෙවියනේජේසුස් වහන්සේආත්මික යථාර්ථයඅවශ්‍ය වේලාවන්ආශිර්වාද කරන්නමැදිහත් වන්නනිරාහාරව සිටීමවිශේෂ දිනකෘතඥතාවකීකරුකමසියලුම අවස්ථාවන්දෙවියන්ගේ දේවල්ස්වභාවයසාමයප්රසිද්ධලස්සනයිඉරිදාවිශේෂ සිදුවීම්අමාත්‍යාංශඅමුත්තන්වේදනාව සහ දුෂ්කරතාප්රීතියදුෂ්ටකම් සහ ඇබ්බැහිවීම්අනාවැකියමුදල්ලිංගික තේමාපව්යුක්තියදුෂ්කර පදකටපාඩම් කරන්නජීවිතයේ අදියරයාච්ඤාවඉල්ලීම්විජිල්ස්ආරාධනාහුස්ම ගන්නනත්තල්විශ්වාසයආරක්ෂාවබයිබලානුකුල පොරොන්දුශුද්ධාත්මයාණන්පිළිම වන්දනාව

98 දෙමාපියන්ට කීකරු වීම පිළිබඳ බයිබල් පද

98 දෙමාපියන්ට කීකරු වීම පිළිබඳ බයිබල් පද

මගේ යහළුවා, ඔබ දන්නවාද දෙවියන් වහන්සේගේ අභිප්‍රාය අපි පොඩි කාලේ ඉඳලම, තරුණ වියේදී වගේම වැඩිහිටියන් වුණාමත් අපේ දෙමව්පියන්ට ගරු කරලා, කීකරු වෙන එක කියලා. ඒකෙන් අපිට ප්‍රඥාවන්තව ජීවත් වෙන්න පුළුවන්. "ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ ලෙස ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න. එවිට ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන දේශයේ ඔබේ දවස් දිග වේවා, ඔබට යහපතක් වේවා" (ද්විතීය කථාව 5:16).

ශුභාරංචිය කියවද්දී, යේසුස් වහන්සේ පොඩි කාලේ ඉඳලම, දෙවියන් වහන්සේගේ පුත්‍රයා වුණත්, එතුමාගේ දෙමව්පියන්ට කීකරු වෙලා, ප්‍රඥාවන්තව වැඩුණා කියලා අපිට පැහැදිලිව පේනවා. ඉතින් අපිත් යේසුස් වහන්සේගෙන් ඉගෙන ගත්ත මේ කීකරුකමේ ආදර්ශය අනුගමනය කරන්න ඕනේ. මොකද දෙමව්පියන්ට කීකරු වෙන අයට විතරයි දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලැබෙන්නේ, එතුමාගේ වචනයට ගරු කරන අයට විතරයි එතුමාගේ සදාකාලික ප්‍රතිපත්ති අනුව ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ.




නික්මයාම 21:15

තමාගේ පියාටවත් මවුටවත් පහරදෙන තැනැත්තා සැබවින් මරනු ලැබිය යුතුය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
නික්මයාම 20:12

නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන දේශයෙහි නුඹේ දවස් බොහෝ වන පිණිස නුඹේ පියාටත් නුඹේ මවුටත් ගෞරවකරව.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 1:30

කේලාම් කියන්නෝව, දෙවියන්වහන්සේට පිළිකුල්වූවෝව, නින්දාකරන්නෝව, උඩඟුවූවෝව, පාරට්ටුකරගන්නෝව, නපුරු දේවල් උපදවන්නෝව, මවුපියන්ට අකීකරුවෝව,

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ද්විතීය නීතිය 5:16

නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන දේශයෙහි නුඹේ දවස් බොහෝවන පිණිසද නුඹට ශුභසිද්ධ වන පිණිසද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට අණකළ ලෙස නුඹේ පියාටද නුඹේ මවුටද ගෞරව කරව.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 13:1

ඥානවන්ත පුත්‍රයා තම පියාගේ ඔවා බස් අසන්නේය; එහෙත් නින්දාකරන්නා තරවටුව නොඅසන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 1:8

මාගේ පුත්‍රය, නුඹේ පියාගේ ගුරුකම අසන්න, නුඹේ මවුගේ උපදෙස්ද අත් නොහරින්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 6:20

මාගේ පුත්‍රය, නුඹේ පියාගේ ආඥාව රක්ෂාකරන්න, නුඹේ මවුගේ උපදෙස්ද අත් නොහරින්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මාක් 7:10

මක්නිසාද–නුඹේ පියාටත් නුඹේ මවුටත් ගෞරවකරන්න; පියා ගැන හෝ මවු ගැන හෝ අගුණ කියන්නා මරනු ලබන්ටම ඕනෑයයි මෝසෙස් කීවේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 13:24

ඉපල පාවිච්චි නොකරන්නා තම පුත්‍රයාට වෛරවන්නේය; එහෙත් ඔහුට ප්‍රේමවෙන්නා කල්තබා ඔහුට දඬුවම්කරන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මතෙව් 15:4

නුඹේ පියාටත් මවුටත් ගෞරවකරව; පියා ගැන හෝ මවු ගැන හෝ අගුණ කියන්නා මැරුම්කෑ යුතුමයයි දෙවියන්වහන්සේ කීසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ලෙවී කථාව 19:3

නුඹලා එකිනෙකා තමතමාගේ මවුටද පියාටද භයවිය යුතුය, මාගේ සබත් රක්ෂාකළ යුතුය. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 20:20

තමාගේ පියාට හෝ මවුට හෝ දෙස්කියන්නාගේ පහන ඝනාන්ධකාරයේදී නිවීයන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
එපීස 6:1

දරුවෙනි, නුඹලාගේ දෙමවුපියන්ට ස්වාමීන්වහන්සේ තුළ කීකරුවෙන්න. මක්නිසාද එසේ කරන්ට යුතුය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
කොලොස්සි 3:20

දරුවෙනි, සියලු කාරණාවලදී මවුපියන්ට කීකරුවෙන්න, මක්නිසාද ඒක ස්වාමීන්වහන්සේට ප්‍රසන්නය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ද්විතීය නීතිය 27:16

තමාගේ පියාට හෝ මවට හෝ අගෞරව කරන්නාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියත්වා.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 6:20-21

මාගේ පුත්‍රය, නුඹේ පියාගේ ආඥාව රක්ෂාකරන්න, නුඹේ මවුගේ උපදෙස්ද අත් නොහරින්න. ඒවා නිතරම නුඹේ සිතෙහි බැඳගෙන, නුඹේ ගෙලෙහි ගැටගසාගන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 10:1

සාලමොන්ගේ හිතෝපදේශය. ඥානවන්ත පුත්‍රයෙක් පියා ප්‍රීතිකරන්නේය; එහෙත් අඥාන පුත්‍රයෙක් තමාගේ මවුට ශෝකයක්ය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 15:5

මෝඩයා තමාගේ පියාගේ උපදෙස් සුළුකරයි; එහෙත් අවවාදය සලකන්නා නුවණ ලබාගනියි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 15:20

ප්‍රඥාවත් පුත්‍රයෙක් පියා ප්‍රීතිකරවයි; එහෙත් අඥාන මනුෂ්‍යයෙක් තම මවු සුළුකරයි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 19:26

තමාගේ පියාගෙන් කොල්ලකමින් තමාගේ මවු පන්නාදමන්නා ලජ්ජා උපදවන්නාවූ, නින්දා පමුණුවන්නාවූ පුත්‍රයෙක්ය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 22:6

දරුවෙකු සුදුසු මාර්ගයෙහි පුහුණුකරන්න, එවිට ඔහු වයස්ගතවූ කලත් එයින් අහක්ව නොයන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 23:22

නුඹ ජනිතකළ නුඹේ පියාගේ බස් අසන්න; නුඹේ මෑණියන් මහලුවූ කල ඈ සුළු නොකරන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 23:24-25

ධර්මිෂ්ඨයාගේ පියා ඉතා ප්‍රීතිමත්වන්නේය; බුද්ධිමත් දරුවෙකු ජනිතකරන්නාද ඔහු නිසා ප්‍රීතිවන්නේය. නුඹේ පියාද මවුද සතුටුවෙත්වා, එසේය, නුඹ වැදූ තැනැත්තී ප්‍රීතිමත්වේවා.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 28:7

ව්‍යවස්ථාව රක්ෂාකරන්නා ඥානවත් පුත්‍රයෙක්ය; එහෙත් නාස්තිකාරයන්ගේ යහළුවා තමාගේ පියා ලජ්ජාවට පමුණුවයි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 30:11

තමුන්ගේ පියවරුන්ට ශාපකරන්නාවූ, තමුන්ගේ මව්වරුන්ට ආශීර්වාද නොකරන්නාවූ පරම්පරාවක් ඇත්තේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 30:17

පියාට නින්දාකරන්නාවූ, මවුට කීකරුවීම සුළුකරන්නාවූ ඇස දෙණියේ කපුටුවෝ උගුලාගන්නෝය, රාජාලි පැටව්ද ඒක කන්නෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
දේශනාකාරයා 12:1

තවද නුඹේ යෞවන දවස්වලදී නුඹේ මැවුම්කාරයා සිහිකරන්න, මක්නිසාද විපත්ති දවස් පැමිණෙන්නේය, මට ඒවා ප්‍රිය නැතැයි නුඹ කියන දවස්ද ළංවන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 1:19

නුඹලා කැමැතිව කීකරුවන්නහු නම්, දේශයේ සාරවත්කම භුක්තිවිඳින්නහුය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
එසකියෙල් 22:7

නුඹ තුළ ඔව්හු පියාත් මවුත් සුළුකළෝය; නුඹ ඇතුළෙහි විදේශියාට බලාත්කාරයෙන් ක්‍රියාකළෝය. නුඹ තුළ පියා නැත්තාට සහ වැන්දඹුවටත් පීඩාකළෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මලාකි 1:6

පුත්‍රයා තමාගේ පියාටත් මෙහෙකරුවා තමාගේ ස්වාමියාටත් ගෞරවකරති. එබැවින් මාගේ නාමය සුළුකරන පූජකයෙනි, මම පියෙක් නම් මාගේ ගෞරවය කොයිද? මම ස්වාමියෙක් නම් මා කෙරෙහි ඇති භය කොයිදැයි සේනාවල ස්වාමීන්වහන්සේ නුඹලාගෙන් අසනසේක. එහෙත්: අපි ඔබවහන්සේගේ නාමය කුමකින් සුළුකෙළෙමුදැයි නුඹලා අසන්නහුය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මලාකි 4:6

මා ඇවිත් ශාපයකින් දේශයට පහර නොදෙන පිණිස, ඔහු පියවරුන්ගේ සිත් දරුවන් වෙතටත් දරුවන්ගේ සිත් පියවරුන් වෙතටත් හරවන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මතෙව් 19:19

නුඹේ පියාටත් මවුටත් ගෞරවකරව; තමාට මෙන් තමාගේ අසල්වාසියාට ප්‍රේමකරව යන මේවායයි කීසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මතෙව් 21:28-31

නුමුත් නුඹලා සිතන්නේ කුමක්ද? එක් මනුෂ්‍යයෙකුට පුත්‍රයන් දෙදෙනෙක් සිටියෝය; ඔහු පළමුවෙනියා ළඟට ඇවිත්: පුත්‍රය, ගොස් අද මිදිවත්තේ වැඩකරන්නැයි කීවේය. ඔහු උත්තරදෙමින්: නොයමියි කීවේය; නුමුත් පසුව පසුතැවිලිවී ගියේය. යමෙක් නුඹලාට කිසිවක් කීවොත්: ස්වාමීන්වහන්සේට උන් ඕනෑ කෙරේයයි කියන්න; එවිට ඔහු එවලේම උන් එවන්නේයයි ඔවුන්ට කීසේක. ඔහු දෙවෙනියා ළඟට ඇවිත් එසේම කීවේය. ඔහු උත්තරදෙමින්: ස්වාමිනි, යමියි කීවේය; නුමුත් ගියේ නැත. ඒ දෙදෙනාගෙන් පියාගේ කැමැත්ත කළේ කවුදැයි ඇසූසේක. පළමුවෙනියායයි ඔව්හු කීවෝය. යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: සැබවක් නුඹලාට කියමි, සුංගම් අයකරන්නොත් වේශ්‍යාවොත් නුඹලාට පළමුවෙන් දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වෙති.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මාක් 10:19

මිනී නොමරව, කාමමිථ්‍යාචාරය නොකරව, සොරකම් නොකරව, බොරුසාක්ෂි නොකියව, වංචාකම් නොකරව, නුඹේ පියාටත් මවුටත් ගෞරවකරව යන මේ ආඥා නුඹ දන්නෙහියයි කීසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ලූක් 2:51

උන්වහන්සේ ඔවුන් සමඟ ගොස් නාසරෙත්ට පැමිණ, ඔවුන්ට යටත්ව සිටිසේක. උන්වහන්සේගේ මෑණියෝ මේ සියලු කීම් සිතේ තබාගත්තාය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ලූක් 18:20

කාමමිථ්‍යාචාරය නොකරව, මිනී නොමරව, සොරකම් නොකරව, බොරු සාක්ෂි නොකියව, නුඹේ පියාටත් මවුටත් ගෞරව කරව යන මේ ආඥා නුඹ දන්නවායයි ඔහුට කීසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යොහන් 19:26-27

එකල යේසුස්වහන්සේ තමන්ගේ මෑණියන්ද ළඟ සිටියාවූ තමන් විසින් ප්‍රේමකළාවූ ගෝලයාද දැක: ස්ත්‍රිය, මෙන්න, නුඹේ පුත්‍රයා! යයි තමන් මෑණියන්ට කීසේක. එවිට උන්වහන්සේ ගෝලයාට කථාකොට: මෙන්න, නුඹේ මෑණියෝ! යයි කීසේක. ඒ පැයේ පටන් ඒ ගෝලයා තමාගේ ගෙදරට ඇය පිළිගත්තේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
එපීස 6:2-3

නුඹට වැඩසිද්ධවන පිණිසද නුඹ පොළොවෙහි බොහෝ කල් ජීවත්වන පිණිසද, මා විසින් කථාකරන්ට යුතුව තිබෙන හැටියට ඒ ගැන භය නැතුව කථාකරන පිණිසත්, සියලු ශුද්ධවන්තයන් ගැනද මා උදෙසාද නොකඩවම සියලු ඉල්ලීම්වලින් අවදිව සිටින්න. නුමුත් මාගේ කාරණාත් මා සිටින්නේ කෙලෙසද කියාත් නුඹලා දැනගන්නා පිණිස, ස්වාමීන්වහන්සේ තුළ ප්‍රේමවන්ත සහෝදරයාද විශ්වාස සේවකයාද වූ තුඛීකස් සියල්ල නුඹලාට දන්වනවා ඇත. මේ අදහස පිණිසම, එනම් නුඹලා අපේ කාරණා දැනගන්න පිණිසත් ඔහු නුඹලාගේ සිත් සනසන පිණිසත්, ඔහු නුඹලා වෙතට එවීමි. පියවූ දෙවියන්වහන්සේගෙන්ද ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද සමාදානයත් ඇදහිල්ල සමඟ ප්‍රේමයත් සහෝදරයන්ට වේවා. අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේට අවංකකමින් ප්‍රේමකරන්නාවූ සියල්ලන්ට අනුග්‍රහය වේවා. නුඹේ පියාටත් මවුටත් ගෞරවකරන්න. එය පොරොන්දුවක් ඇති පළමුවෙනි ආඥාවය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 තිමෝති 5:4

නුමුත් යම් වැන්දඹු ස්ත්‍රියෙකුට දරුවෝවත් මුණුබුරෝවත් සිටිත් නම්, ඔව්හු පළමුකොට තමුන්ගේම පවුල ගැන භක්තිවන්ත ලෙස හැසිරෙමින් ස්වකීය මවුපියන්ට ප්‍රත්‍යුපකාරකරන්ට ඉගෙනගනිත්වා. මක්නිසාද ඒක දෙවියන්වහන්සේ ඉදිරියෙහි ප්‍රසන්නව තිබේ.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 තිමෝති 5:8

යමෙක් තමාගේ අය, ප්‍රධානකොටම තමාගේම පවුලේ අය, රක්ෂා නොකරන්නේ නම්, ඔහු ඇදහිල්ල එපාකළේය, ඔහු නොඇදහිලිකාරයෙකුට වඩා නරකය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 තිමෝති 5:16

යම් ඇදහිලිවන්තියෙකුට වැන්දඹු ස්ත්‍රීහු සිටිත් නම්, ඈ ඔවුන්ට උපකාර කරාවා, සභාව විසින් ඇත්තටම අසරණව සිටින වැන්දඹුවන්ට උපකාරකරන පිණිස අනික් අය ඒ සභාවට බර නොවෙත්වා.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
2 තිමෝති 3:2

මක්නිසාද මනුෂ්‍යයෝ තමුන්ටම ප්‍රේමකරන්නෝව, මුදලට ප්‍රේමකරන්නෝව, පාරට්ටුකරගන්නෝව, උදාරම්කාරයෝව, අපහාසකරන්නෝව, මවුපියන්ට අකීකරුවන්නෝව, ස්තුතිවන්ත නොවන්නෝව, අභක්තිකයෝව,

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හෙබ්‍රෙව් 12:9

තවද අපට දඬුවම්කළාවූ මාංසයේ පියවරු අපට සිටියෝය. අපි ඔවුන්ට ගෞරවකළෙමුව. ඊට බොහෝ වැඩියෙන් අප විසින් ආත්මවල පියාණන්වහන්සේට යටත්ව ජීවත්වෙන්ට යුතු නොවේද?

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 පේත්‍රැස් 5:5

එසේම, තරුණයෙනි, වැඩිමහල්ලන්ට යටත්වෙන්න. එසේය, නුඹලා සියල්ලෝම එකිනෙකාට මෙහෙකරන පිණිස යටත්කම පැළඳගන්න. මක්නිසාද දෙවියන්වහන්සේ උඩඟු අයට විරුද්ධව සිට යටහතුන්ට කරුණාව දෙනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
නික්මයාම 21:17

තමාගේ පියාට හෝ මවුට හෝ ශාප කරන තැනැත්තා සැබවින් මරනු ලැබිය යුතුය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ලෙවී කථාව 20:9

පියාට හෝ මෑණියන්ට හෝ දෙස් කියන කවරෙක් නුමුත් සැබවින් මරනු ලැබිය යුතුය. ඔහු තමාගේ පියාට හෝ මෑණියන්ට දෙස් කීවේය; ඔහුගේ ලේ ඔහු පිට වන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ද්විතීය නීතිය 21:18-21

තමාගේ පියාගේ හඬටත් මවගේ හඬටත් කීකරු නොවෙන්නාවූ, ඔවුන් ඔහුට දඬුවම්කරන නුමුත් ඔවුන්ට ඇහුම්කන් නොදෙන්නාවූ, මුරණ්ඩුවූ, කැරළිකාර පුත්‍රයෙක් යමෙකුට ඇත්නම්, ඔහුගේ මවුපියෝ ඔහු අල්ලා ඔහුගේ නුවර වැඩිමහල්ලන් වෙතටත් ඔහුගේ ස්ථානයේ දොරටුවටත් ගෙන ගොස්: නුඹේ වැඩිමහල්ලෝද විනිශ්චයකාරයෝද පිටතට අවුත් ඒ මළකඳ වටේට තිබෙන නුවරවල් දක්වා මැන බලත්වා. මේ අපේ පුත්‍රයා මුරණ්ඩුය, කැරළිකාරය, ඔහු අපට කීකරු නොවී නාස්තිකාරයෙක් ව බේබද්දෙක්ව සිටීයයි ඔහුගේ නුවර වැඩිමහල්ලන්ට කියත්වා. එවිට ඔහුගේ නුවර සියලු මනුෂ්‍යයෝ ඔහු මැරෙන පිණිස ඔහුට ගල්ගසත්වා. මෙසේ නුඹලා අතරෙන් දුෂ්ටකම පහකරන්න; මුළු ඉශ්‍රායෙල්ද අසා භය වෙනවා ඇත.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 4:1

මාගේ පුත්‍රයෙනි, පියෙකුගේ ගුරුකම අසා, නුවණ දැනගැනීමට කන් යොමුකරන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 සාමුවෙ 17:20

දාවිත් අලුයම නැගිට, බැටළුපාලයෙකුට බැටළුවන් භාරදී, යෙස්සේ තමාට අණකළ ලෙස අරගෙන ගොස්, ගැල් තිබුණු ස්ථානයට පැමුණුණේය. එවිට සේනාව යුද්ධ-භූමියට යමින් ඔල්වර හඬ පැවැත්තුවෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 සාමුවෙ 17:22

දාවිත් තමා ගෙනා දේවල් බඩු ප්‍රවේසම්කරන්නා අතට භාරදී, සේනාව ළඟට දිවගොස් තමාගේ සහෝදරයන්ට ආචාරකෙළේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 රාජාවලිය 2:19

එබැවින් බැත්-ෂෙබා අදොනියා උදෙසා සාලමොන් රජුට කථාකරන්ට ඔහු ළඟට ගියාය. රජ ඈ ඉදිරියෙහි නැගිට, ඈට වැඳ, තමාගේ සිංහාසනය පිට හිඳගත්තේය, රජුගේ මෑණියන්ටත් සිංහාසනයක් තබන්ට යෙදුණේය; ඈ ඔහුගේ දකුණෙන් හිඳගත්තාය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙරෙමියා 35:18-19

තවද යෙරෙමියා රේකාබ්වරුන්ගේ වංශයට කථාකොට: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලාගේ පියවූ යෝනාදාබ්ගේ ආඥාවට නුඹලා කීකරුව, ඔහුගේ සෑම ශික්ෂා රක්ෂාකර, ඔහු නුඹලාට අණකළ සියල්ල ලෙස කළ නිසා, සෑම කල්හිම මා ඉදිරියෙහි සිටින්ට රේකාබ්ගේ පුත්‍රවූ යෝනාදාබ්ගෙන් කෙනෙක් නැතුව නොයන්නේයයි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 කොරින්ති 16:14

නුඹලා කරන සියල්ලම ප්‍රේමයෙන් කරනු ලැබේවා.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
2 කොරින්ති 12:14

මෙන්න, තුන්වෙනි වරට නුඹලා වෙතට එන්ට සූදානම්ව සිටිමි. නුමුත් නුඹලා මිස නුඹලාගේ දේපළ මා නොසොයන නිසා මම නුඹලාට බරක් නොවන්නෙමි. මක්නිසාද රැස්කර තබන්ට යුතුව තිබෙන්නේ දරුවන් විසින් මවුපියන්ට නොව මවුපියන් විසින් දරුවන්ටය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 පේත්‍රැස් 3:8

අවසානකොට, නුඹලා සියල්ලෝම එක්සිත්ව, එකිනෙකා කෙරෙහි දයාවෙන් යුක්තව, සහෝදර ස්නේහයද අනුකම්පාවද යටහත්කමද ඇතුව සිටින්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මතෙව් 18:10

මේ බාලයන්ගෙන් එකෙකුටවත් හෙළා නොදක්නා ලෙස බලාගන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යොහන් 14:23

යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: යමෙක් මට ප්‍රේමකරන්නේ නම්, ඔහු මාගේ වචනය රක්ෂාකරන්නේය. මාගේ පියාණන්වහන්සේද ඔහුට ප්‍රේමකරනසේක, අපි ඔහු ළඟට ඇවිත් ඔහු සමඟ වාසය කරමුව.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ලූක් 2:40

ළදරුවා වැඩී, ශක්තිමත්ව, ප්‍රඥාවෙන් පූර්ණවූසේක. දෙවියන්වහන්සේගේ කරුණාවද උන්වහන්සේ කෙරෙහි විය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ලූක් 2:46-47

තවද තුන් දවසකට පසු, උන්වහන්සේ දේවමාළිගාවෙහි පණ්ඩිතයන් මැද වාඩිවී, ඔවුන් කියන දේ අසමින්ද ඔවුන්ගෙන් ප්‍රශ්න විචාරමින්ද ඉන්නවා ඔව්හු දුටුවෝය. උන්වහන්සේගේ බස් ඇසූ සියල්ලෝම උන්වහන්සේගේ නුවණ හා උත්තර ගැන විස්මිත වූහ.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ලූක් 15:20-24

නැගිට තමාගේ පියා ළඟට ගියේය. ඔහු දුර සිටියදීම ඔහුගේ පියා ඔහු දැක, අනුකම්පාවී, දුවගන ගොස්, ඔහුගේ බෙල්ල වැළඳගෙන, ඔහු සිඹගත්තේය. එවිට පුත්‍රයා ඔහුට කථාකොට: පියාණෙනි, ස්වර්ගයට විරුද්ධවද ඔබ ඉදිරියෙහිද පව්කෙළෙමි. තවත් ඔබගේ පුත්‍රයායයි කියනු ලබන්ට නොවටිමියි කීවේය. නුමුත් පියා තමාගේ දාසයන්ට කථාකොට: ඉතා හොඳ සළුව වහාම ගෙනැවිත් මොහුට හඳවන්න; මොහුගේ ඇඟිල්ලේ මුදුවක්ද පාදවල වහන්ද දමන්න. තරකළ වස්සා ගෙනැවිත් මරන්න, අපි කමින් ප්‍රීතිවෙමු. මක්නිසාද මේ මාගේ පුත්‍රයා නැසී, නැවත ජීවත්ව සිටියි; ඔහු නැතිවී, සම්බවීයයි කීවේය. එවිට ඔව්හු ප්‍රීතිවෙන්ට පටන්ගත්තෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 19:18

බලාපොරොත්තුවක් ඇති බැවින් නුඹේ පුත්‍රයාට දඬුවම්කරන්න; නුමුත් ඔහු නැතිකරන්ට කල්පනා නොකරන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 22:15

මෝඩකම ළමයෙකුගේ සිතට බැඳී තිබේ; දඬුවම්කිරීමේ ඉපල එය ඔහුගෙන් දුරුකරයි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 29:15

ඉපලද තරවටුකිරීමද ප්‍රඥාව දෙන්නේය; එහෙත් තමාගේ කැමැත්තට අත්හරිනු ලබන දරුවා තමාගේ මව් ලජ්ජාවට පමුණුවයි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 29:17

නුඹේ පුත්‍රයාට දඬුවම්කරන්න, එවිට ඔහු නුඹට නිශ්චලභාවය දෙන්නේය; එසේය, ඔහු නුඹේ ආත්මයට ප්‍රීතිය දෙන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 78:4-7

අපි ඔවුන්ගේ දරුවන් කෙරෙන් ඒ දේ නොසඟවා, ස්වාමීන්ගේ ප්‍රශංසාවත් ශක්තියත් උන්වහන්සේ කළ ආශ්චර්ය ක්‍රියාත් මතු එන පරම්පරාවට ප්‍රකාශ කරන්නෙමුව. කී වරක් ඔව්හු වනයෙහිදී උන්වහන්සේට විරුද්ධව කැරළිගැසුවෝද, කාන්තාරයේදී උන්වහන්සේට දුක් දුන්නෝද! ඔව්හු නැවත හැරී දෙවියන්වහන්සේ පරීක්ෂාකළෝය, ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ උදහස්කළෝය. ඔව්හු උන්වහන්සේගේ හස්තයවත්, උන්වහන්සේ සතුරාගෙන් තමුන් මුදාගත් දවසවත්, මිසර දේශයේදී ස්වකීය හාස්කම් සහ ශෝවාන් කෙතේදී ආශ්චර්යයන් කළ හැටිවත් සිහි නොකළෝය. බොන්ට බැරි ලෙස උන්වහන්සේ ඔවුන්ගේ ගංගාද දිය පාරවල්ද ලේ කළසේක. උන්වහන්සේ ඔවුන් අතරට නාස්ති කරන මැසි රංචුද විනාශකරන මැඩියන්ද යැවූසේක. ඔවුන්ගේ භෝග දළඹුවන්ටත් ඔවුන්ගේ ගොවිතැන් පළඟැටියන්ටත් දුන්සේක. ඔවුන්ගේ මිදිවැල් ගල් වැස්සෙන්ද අත්තික්කා ගස් තුෂාරයෙන්ද විනාශ කළසේක. උන්වහන්සේ ඔවුන්ගේ ගවයන් ගල් වැස්සටත් සිව්පා රැළවල් හෙණගින්නටත් පාවාදුන්සේක. උන්වහන්සේ විපත්ති දායක දූත සමූහයක් වන දැඩි රෝෂය සහ උදහසත් කෝපය සහ දුකත් ඔවුන් පිට හෙළූසේක. එසේ උන්වහන්සේ යාකොබ්හි සාක්ෂියක් පිහිටුවා, ඉශ්‍රායෙල්හි ව්‍යවස්ථාවක් පනවා, ඒවා තමුන්ගේ දරුවන්ට දන්වන්ට අපේ පියවරුන්ට අණකළසේක. උන්වහන්සේ ස්වකීය කෝපයට මාවතක් සෑදූසේක; ඔවුන්ගේ ප්‍රාණය මරණයෙන් නොවලක්වා, ඔවුන්ගේ ජීවිතය වසංගතයට භාර කළසේක; හාම්ගේ කූඩාරම්වල සිටි ඔවුන්ගේ ශක්තියේ ප්‍රථමඵලවූ මිසරයේ සියලු කුලුඳුලන්ට පහරදුන්සේක. නුමුත් උන්වහන්සේ ස්වකීය සෙනඟ බැටළුවන් මෙන් පිටතට ගෙනගොස්, බැටළු රැළක් මෙන් වනාන්තරයේදී ඔවුන්ට මගපෙන්වූසේක. උන්වහන්සේ ඔවුන් සුරැකිකොට ගෙන ගිය බැවින් ඔව්හු භයනුවූවෝය. නුමුත් මුහුද ඔවුන්ගේ සතුරන් වසා ගත්තේය. උන්වහන්සේ ස්වකීය ශුද්ධස්ථානයේ සීමාවට එනම් තමන් දකුණතින් ගත් මේ කන්දට ඔවුන් ගෙනාසේක. ඔවුන් ඉදිරියෙන් ජාතීන් එළවා, ලනුවෙන් ඔවුන්ට උරුමයක් බෙදාදී, ඔවුන්ගේ කූඩාරම්වල ඉශ්‍රායෙල් ගෝත්‍රයන් වාසයකෙරෙවුසේක. එසේවී නුමුත් ඔව්හු මහෝත්තමයාණන්වූ දෙවියන්වහන්සේ පරීක්ෂා කරමින්, උන්වහන්සේට විරුද්ධව කැරළිගැසුවෝය, උන්වහන්සේගේ ශික්ෂා රක්ෂා නොකළෝය. තමුන්ගේ පියවරුන් මෙන් ඔව්හු ආපසු හැරී ද්‍රෝහි ලෙස ක්‍රියාකළෝය. හොර දුන්නක් මෙන් වැරදි අතට හැරුණෝය. මක්නිසාද ඔව්හු තමුන්ගේ උස්තැන්වලින් උන්වහන්සේ කෝපයට පැමිණෙවුවෝය, තමුන්ගේ කැපූ රූපවලින් උන්වහන්සේගේ ජ්වලිතය ඇවිස්සුවෝය. දෙවියන්වහන්සේ මේ අසා උදහස්වූසේක, ඉශ්‍රායෙල් ඉතා පිළිකුල්කළසේක. මෙසේ කළේ එන්නාවූ පරම්පරාව, එනම් උපදින්ට සිටින දරුවන්, ඒවා දැනගෙන, නැගිට ස්වකීය දරුවන්ට කියාදෙන පිණිසත්, මෙසේ උන්වහන්සේ මනුෂ්‍යයන් අතරේ තමන් පිහිටෙවු කූඩාරම වන ෂීලෝහි මණ්ඩපය අත්හැරදමා, ස්වකීය ශක්තිය වහල්කමටත් ස්වකීය මහිමය එදිරිකාරයාගේ අතටත් පාවාදුන්සේක. ස්වකීය සෙනඟ කඩුවට භාරදුන්සේක; ස්වකීය උරුමයට උදහස්වූසේක. ගින්න ඔවුන්ගේ තරුණයන් නාස්ති කෙළේය; ඔවුන්ගේ තරුණියන්ට විවාහ ගීයක් නොවීය. ඔවුන්ගේ පූජකයෝ කඩුවෙන් වැටුණෝය; ඔවුන්ගේ වැන්දඹුවෝ නොවැලපුණෝය. එවිට ස්වාමීන්වහන්සේ නින්දෙන් පිබිදි අයෙකු මෙන්ද මුද්‍රික පානය බී ඝෝෂාකරන බලවන්තයෙකු මෙන්ද පිබිදිසේක. උන්වහන්සේ තමන්ගේ එදිරිකාරයන්ට ගසා ආපසු එළවා, ඔවුන් නිරන්තර නින්දාවකට පත්කළසේක. උන්වහන්සේ යෝසෙප්ගේ කූඩාරම එපාකළසේක, එප්‍රායිම් ගෝත්‍රය තෝරා නොගත්සේක; නුමුත් යූදා ගෝත්‍රය, තමන් ප්‍රේමකළ සියොන් කන්ද, තෝරාගත්සේක. උන්වහන්සේ උස්වූ ස්ථාන මෙන්ද සදාකාලේට තමන් පිහිටෙවු පොළොව මෙන්ද ස්වකීය ශුද්ධස්ථානය ගොඩනැගූ සේක. තමුන්ගේ විශ්වාසය දෙවියන්වහන්සේ කෙරෙහි තබා, උන්වහන්සේගේ ක්‍රියා සිහිනැති නොකොට, උන්වහන්සේගේ ආඥා රක්ෂාකරන පිණිසත්,

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ද්විතීය නීතිය 6:6-7

මා විසින් අද නුඹට අණකරන මේ වචන නුඹේ සිතේ තිබේවා. ඒවා නුඹේ දරුවන්ට හොඳාකාරයෙන් උගන්වා, නුඹ ගෙයි හිඳින කලද මග යන කලද නුඹ සයනයකරන කලද නැගිටින කලද ඒවා ගැන කථා කරන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යොෂුවා 24:15

ස්වාමීන්වහන්සේට සේවයකිරීම නුඹලාට නරකව පෙනේනම්, ගඟ එගොඩ සිටිය නුඹලාගේ පියවරුන් සේවයකළ දෙවිවරුන් හෝ නුඹලා වාසයකරන දේශයෙහි සිටිය අමෝරිවරුන්ගේ දෙවිවරුන් හෝ නුඹලා සේවයකරන්ට කැමති කාටද කියා අදම තෝරාගන්න. එහෙත් අපි නම්–මමද මාගේ පවුලද–ස්වාමීන්වහන්සේට සේවයකරමුයයි කීවේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 3:1-2

මාගේ පුත්‍රය, මාගේ උපදෙස් සිහි නැති නොකර, නුඹේ සිතින් මාගේ ආඥා රක්ෂාකරන්න. එවිට නුඹේ අටු බොහෝ ධාන්‍යයෙන් පිරෙන්නේය, නුඹේ මුද්‍රික යන්ත්‍රද අලුත් මුද්‍රිකපානයෙන් ඉතිරෙන්නේය. මාගේ පුත්‍රය, ස්වාමීන්වහන්සේගේ තරවටුකිරීම සුළුකොට නොසිතන්න; උන්වහන්සේගේ දඬුවමටද නොකලකිරෙන්න. මක්නිසාද පියෙකු ප්‍රිය පුත්‍රයාට දඬුවම්කරන්නාක්මෙන් ස්වාමීන්වහන්සේ තමන් ප්‍රේමකරන අයට දඬුවම්කරනසේක. ප්‍රඥාව සොයාගන්න මනුෂ්‍යයාද ඥානය ලබාගන්න මනුෂ්‍යයාද වාසනාවන්තයෝය. මක්නිසාද එහි ප්‍රයෝජනය රිදීවල ප්‍රයෝජනයටත් එහි ලාභය පිරිසිදු රනටත් වඩා හොඳය. ඈ රතුකැටවලට වඩා අනර්ඝය. නුඹේ සියලුම ප්‍රිය දේ ඈට සමානකළ නොහැක. ඇගේ දකුණතෙහි දීර්ඝායුසද ඇගේ වමතෙහි වස්තුව හා ගෞරවයද ඇත. ඇගේ මාර්ග ප්‍රසන්න මාර්ගවල්ය, ඇගේ සියලුම මාවත් සමාදානයය. ඈ අල්ලාගන්නන්ට ඈ ජීවන වෘක්ෂයක්ය; ඈ ලබාගන්නෝ වාසනාවන්තයෝය. ස්වාමීන්වහන්සේ ප්‍රඥාව කරණකොටගෙන පොළොවේ අත්තිවාරම් තැබූසේක; ඥානය කරණකොටගෙන අහස පිහිටෙවුසේක. මක්නිසාද එයින් දවස් ගණනද ජීවිතයේ අවුරුදුද සමාදානයද නුඹට වැඩිවන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 4:10

මාගේ පුත්‍රය, කන්දී මාගේ කීම් පිළිගන්න; එවිට නුඹේ ජීවිතයේ අවුරුදු බොහෝ වන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 7:1-3

මාගේ පුත්‍රය, මාගේ කීම් රක්ෂාකොට මාගේ ආඥා නුඹ වෙත තබාගන්න. එවිට වේශ්‍යාවකුගේ වස්ත්‍ර ඇඳ සිටි රැවටිලි සිත් ඇති ස්ත්‍රියෙක් ඔහුට මුණගැසුණාය. ඈ ඝෝෂාකාරවූ හිතුවක්කාර තැනැත්තියෙක්ය; ඇගේ පාද ඇගේ ගෙයි නොරඳයි. ඈ සමහරවිට වීථිවලද සමහරවිට එළිමහන් ඉඩම්වලද සිටින්නීය, සියලු මංසන්ධිවලද රැක සිටින්නීය. මෙසේ ඈ ඔහු අල්ලා සිඹ, ලජ්ජා නැති මුහුණක් ඇතුව ඔහුට කථාකොට: ශාන්ති පූජා මා ළඟ තිබේ; අද මාගේ භාර ඉෂ්ටකෙළෙමි. එබැවින් නුඹේ මුහුණ සොයා, නුඹ සම්බවෙන පිණිස පිටතට ආවෙමි, මෙසේ නුඹ සම්බවිය. මිසරයේ නූල්වලින් කළ විසිතුරු ඇතිරිළි මා විසින් මාගේ යහනේ අතුරා තිබේ. සුවඳලාටුවලින්ද අගිල්වලින්ද කුරුඳුවලින්ද මාගේ ඇඳ සුවඳකෙළෙමි. එන්න, උදය දක්වා අපි ප්‍රේමය බොමු; ආදරයෙන් ප්‍රීතිවෙමු. මක්නිසාද ස්වාමිපුරුෂයා ගෙදර නැත, ඔහු දුර ගමනක් ගියේය. මාගේ ආඥා පවත්වා ජීවත්වෙන්න; මාගේ උපදෙස්ද නුඹේ ඇසේ කළුරුවාව මෙන් රක්ෂාකරන්න. ඔහු මුදල් පසුම්බියක් අතේ ඇතුව ගියේය; ඔහු ගෙදර එන්නේ පසළොස්වක දවසේයයි කීවාය. ඇගේ බොහෝ මිහිරි කථාවලින් ඔහු කැමැතිකරවා, ඇගේ තොල්වල ඉච්චාවෙන් ඔහු ඇදගනයයි. ගොනෙකු මරණයට යන්නාක් මෙන්ද, අඥානයෙකු විලංගුවේ දඬුවමට යන්නාක්මෙන්ද, ඊගසක් ඔහුගේ අක්මාවට වදින තුරු, මලපත තම ප්‍රාණය හානිකිරීමට තිබෙන බව නොදැන පක්ෂියෙක් ඊට යුහුව යන්නාක්මෙන්ද, ඔහු එකෙණෙහිම ඇය කැටුව යන්නේය. එබැවින් මාගේ පුත්‍රයෙනි, මාගේ වචන අසා, මාගේ මුඛයේ කීම්වලට ඇහුම්කන් දෙන්න. නුඹේ සිත ඇගේ මාර්ගවලට හැරීනොයේවා, ඇගේ මාවත්වල මුළාව නොයන්න. මක්නිසාද ඈ බොහෝ දෙනෙකු තුවාළකොට හෙළාදැමුවාය. එසේය, ඇගේ මැරුම්කෑ අය මහත් සමූහයක්ය. ඇගේ ගෙය ෂෙයෝලට යන්නාවූ, මරණයේ ඇතුළු ගබඩාවලට බසින්නාවූ මාර්ගයක්ය. ඒවා නුඹේ ඇඟිලිවල බැඳගන්න; නුඹේ සිත නමැති පුවරුවෙහි ලියාගන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 8:32-33

එබැවින් මාගේ පුත්‍රයෙනි, මට ඇහුම්කන්දෙන්න. මක්නිසාද මාගේ මාර්ග රක්ෂාකරන්නෝ වාසනාවන්තයෝය. ඉගැන්වීම එපා නොකොට, එය අසා නැණවත් වෙන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 11:29

තමාගේ පවුල කලඹන්නාට සුළං උරුමවන්නේය; මෝඩයා ප්‍රඥා සිතක් ඇත්තාට වැඩකාරයෙක් වන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 127:3-5

බලව, දරුවෝ ස්වාමීන්වහන්සේ දෙන උරුමයක්ය. කුසේ ඵලයද උන්වහන්සේගෙන් ලැබෙන විපාකයක්ය. බලවන්තයෙකුගේ අතෙහි ඊගස් යම්සේද යෞවන මවුපියන්ගේ දරුවොත් එසේමය. එයින් පිරුණු ඊකොපුව ඇති මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය. ඔව්හු දොරටුවේදී සතුරන් සමඟ කථා කරන විට ලජ්ජාවට පත් නොවන්නෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 24:3-4

ප්‍රඥාවෙන් ගෙයක් ගොඩනගනු ලැබ, නුවණින් එය ස්ථිරවේ. අලසයාගේ කෙත ළඟින්ද තේරුම් නැත්තාගේ මිදිවත්ත ළඟින්ද ගියෙමි; එහි සෑම තැනම කටුගස් වැවී, මුළුල්ලම කහඹිලියාවලින් වැසී තිබුණේය, ඒකේ ගල් තාප්පයත් කඩා වැටී තිබුණේය. එවිට මම බලා හොඳින් සිතට ගත්තෙමි; මම ඒ දැක ගුරුකම් ලැබීමි. තව ටිකක් නිදාගැනීමක්ය. ටිකක් සැතපීමක්ය; නින්දට ස්වල්ප අත්පොරවාගැන්මක්යයි කියන නුඹට දිළිඳුකම සොරෙකුමෙන්ද හිඟකම අවිගත් කෙනෙකු මෙන්ද එනවා ඇත. දැනගැන්මෙන්ද එහි කාමර සියලු ආකාර අනර්ඝවූ ප්‍රසන්නවූ වස්තුවලින් පිරෙන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 29:3

ප්‍රඥාවට ප්‍රියවන්නා තමාගේ පියා ප්‍රීතිකරන්නේය; එහෙත් වේශ්‍යාවන් ආශ්‍රයකරන්නා තමාගේ සම්පත් නැතිකරන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 තිමෝති 3:4

තමාගේම පවුල හොඳින් හසුරුවාගනිමින්, සියලු ආකාර සන්සුන්කම ඇතුව ස්වකීය දරුවන් හික්මවාගන්නාවූ තැනැත්තෙක්ව සිටිය යුතුය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 තිමෝති 3:12

උපස්ථායකයෝ වනාහි එක එක භාර්යාවකට පුරුෂයෝව, තමුන්ගේ දරුවන්ද තමුන්ගේ ගෙදරවාසීන්ද හොඳහැටි හසුරුවා ගන්නෝව සිටිත්වා.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
තීතස් 2:7-8

සියල්ලෙහිදී නුඹම යහපත් ක්‍රියාවල ආදර්ශයක් වෙන්න; විරුද්ධකාරයාට අප ගැන කිසි නපුරක් කියන්ට නැතුව, ලජ්ජාවන පිණිස නුඹේ ගුරුකමෙන් පිරිසිදුකමත් සන්සුන්කමත් නිවැරදිවූ සාරවූ කථාවත් පෙන්වන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හෙබ්‍රෙව් 13:17

නුඹලාගේ ප්‍රධානියෝ ගණන්දෙන්ට සිටින්නන් මෙන් නුඹලාගේ ආත්ම ගැන රුකබලා සිටිති. ඔවුන් සුසුම්ලමින් එසේ කළොත් නුඹලාට අලාභ බැවින්, සුසුම්ලමින් නොව ප්‍රීතියෙන් එසේ කරන පිණිස ඔවුන්ට කීකරුව යටත්වෙන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 යොහන් 5:3

මක්නිසාද දෙවියන්වහන්සේට ප්‍රේමවීම නම් අප විසින් උන්වහන්සේගේ ආඥා පැවැත්වීමය. උන්වහන්සේගේ ආඥා බර නැත.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
නික්මයාම 18:19-24

ඉතින් මාගේ හඬට ඇහුම්කන් දෙන්න, මම නුඹට දැනමුතුකම්දෙමි, දෙවියන්වහන්සේ නුඹ සමඟ සිටිනසේක්වා. නුඹ සෙනඟ උදෙසා දෙවියන්වහන්සේ ඉදිරියේ සිට උන්වහන්සේ ඉදිරියට කාරණා පමුණුවන්න. එවිට මෝසෙස්ගේ මාමාවූ යෙත්‍රෝ මෝසෙස් ඇරලා සිටියාවූ ඔහුගේ භාර්යාවූ ශිප්-පොරාද ඇගේ පුත්‍රයන් දෙදෙනාද රැගෙන පිටත්වුණේය; නුඹ ඔවුන්ට නියෝග සහ ව්‍යවස්ථා උගන්වා ඔවුන් විසින් හැසිරිය යුතු මාර්ගයත් කළ යුතු වැඩත් ඔවුන්ට පෙන්වාදෙන්න. ඇරත් නුඹ මුළු සෙනඟ අතරෙන් දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ සත්‍යවාදීවූ අයුතු ලාභයට ද්වේෂකරන්නාවූ සමර්ථ මනුෂ්‍යයන් තෝරාගෙන ඔවුන් සහස්‍රාධිපතීන්ද ශතාධිපතීන්ද පනසාධිපතීන්ද දශාධිපතීන්ද කොට සෙනඟ කෙරෙහි පත්කරන්න. ඔව්හු සියලු ප්‍රස්තාවයන්හිදී සෙනඟ විනිශ්චය කෙරෙත්වා. ඔව්හු සියලු මහත් කාරණා නුඹ වෙතට පමුණුවා සියලු සුළු කාරණා තුමූම විනිශ්චය කෙරෙත්වා. මෙසේ නුඹට හුඟක් පහසු වන්නේය, ඔව්හු නුඹ සමඟ බර උසුලන්නෝය. නුඹ මෙසේ කරන්නෙහි නම්, දෙවියන්වහන්සේත් එසේ නුඹට අණකරනසේක්නම්, නුඹට දැරියහැකි වන්නේය, මේ මුළු සෙනඟද තමුන්ගේ ස්ථානයට සමාදානයෙන් යන්නෝයයි කීවේය. මෝසෙස් තම මාමාගේ බසට කන්දී ඔහු කී සියල්ල කෙළේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
2 සාමුවෙල් 7:14

මම ඔහුට පියා වන්නෙමි, ඔහු මට පුත්‍රයා වන්නේය. ඔහු අයුතුකම් කළොත් මම මනුෂ්‍යයන්ගේ ඉපලෙන්ද මනුෂ්‍ය පුත්‍රයන්ගේ පහරවලින්ද ඔහුට දඬුවම් කරන්නෙමි;

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 2:1-2

මාගේ පුත්‍රය, නුඹ මාගේ කීම් පිළිගෙන, මාගේ ආඥා නුඹ වෙත තබාගෙන, මක්නිසාද ප්‍රඥාව නුඹේ සිතට ඇතුල්වන්නේය, දැනගැන්මද නුඹේ ආත්මයට ප්‍රසන්නවන්නේය; සිහිය නුඹ රැකවල්කරන්නේය, ඥානයද නුඹ ආරක්ෂාකරන්නේය; නපුරාගේ මාර්ගයෙන්ද ප්‍රයෝග කථාකරන මිනිසුන්ගෙන්ද නුඹ ගළවන්නේය. ඔව්හු අන්ධකාරයේ මාර්ගවල යන පිණිස අවංක මාවත් අත්හරිති; ඔව්හු නපුර කිරීමට සන්තෝෂවී, නපුරුකමේ ප්‍රයෝගවලට ප්‍රීතිමත්වෙති. ඔව්හු තමුන්ගේ මාර්ගවල වංකව තමුන්ගේ මාවත්වල ඇදව සිටිති. එසේම අන්‍ය ස්ත්‍රියෙක් වන, තමාගේ වචනවලින් ඉච්චාකරන්නාවූ, තම යෞවන වයසේ මිත්‍රයා අත්හරින්නාවූ, තමාගේ දෙවියන්වහන්සේගේ ගිවිසුම සිහි නැතිකරන්නාවූ අන් තැනැත්තියගෙන් නුඹ ගැළවෙනවා ඇත. මක්නිසාද ඇගේ ගෙය මරණයටද ඇගේ මාවත් මළවුන් වෙතටද යොමුවන්නේය. ඇය ළඟට යන්නන්ගෙන් කිසිවෙකු හැරී එන්නේවත්, ජීවනයේ මාවත්වලට පැමිණෙන්නේවත් නැත. ප්‍රඥාවට ඇහුම්කන්දී, ඥානයට නුඹේ සිත යොමුකරන්නෙහි නම්,

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 19:18-19

බලාපොරොත්තුවක් ඇති බැවින් නුඹේ පුත්‍රයාට දඬුවම්කරන්න; නුමුත් ඔහු නැතිකරන්ට කල්පනා නොකරන්න. අධික තරහකාරයා දඬුවම විඳින්නේය; මක්නිසාද නුඹ ඔහු මිදුවත් නැවත නැවතත් එසේ කරන්ට ඕනෑ වෙයි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 1:10

මාගේ පුත්‍රය, පව්කාරයෝ නුඹ පොළඹත් නම්, එකඟ නොවන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
නික්මයාම 18:20

නුඹ ඔවුන්ට නියෝග සහ ව්‍යවස්ථා උගන්වා ඔවුන් විසින් හැසිරිය යුතු මාර්ගයත් කළ යුතු වැඩත් ඔවුන්ට පෙන්වාදෙන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
2 කොරින්ති 10:5

අපි විවාදයන්ද දෙවියන්වහන්සේ ගැන දැනගැනීමට විරුද්ධව උසස්වන්නාවූ සියලු උසස් දේවල්ද බිඳහෙළා, සියලු සිතිවිලි ක්‍රිස්තුස්වහන්සේට කීකරුවීමට වහල්කරදෙමුව.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 13:1

හැමදෙනාම බලයලත් මුලාදෑනීන්ට යටත්වෙත්වා. මක්නිසාද දෙවියන්වහන්සේගෙන් මිස කිසි මුලාදෑනිකමක් නැත්තේය; ඇත්තාවූ මුලාදෑනිකම් දෙවියන්වහන්සේ විසින් නියමකර තිබේ.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 34:11

දරුවෙනි, එව්, මට කන්දෙව්. ස්වාමීන් කෙරෙහි භයවීම නුඹලාට උගන්වන්නෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යොහන් 8:29

මා එවූ තැනන්වහන්සේ මා සමඟ සිටිනසේක; උන්වහන්සේ මා තනියම සිටින්ට නෑරියසේක; මක්නිසාද උන්වහන්සේට ප්‍රසන්නවූ දේවල් මම නිතරම කරමියි කීසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
2 පේත්‍රැස් 1:5-6

එසේය, මේ කාරණය නිසාම මුළු උත්සාහයෙන් නුඹලාගේ ඇදහිල්ල සමඟ ගුණයද, ගුණය සමඟ දැනගැන්මද, දැනගැන්ම සමඟ පමණ දැන ක්‍රියාකිරීමද, පමණ දැන ක්‍රියාකිරීම සමඟ ඉවසිල්ලද, ඉවසිල්ල සමඟ දේවභක්තියද,

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 යොහන් 2:17

ලෝකයත් ලෝකයේ තෘෂ්ණාවත් පහවයන්නේය. නුමුත් දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 3:11-12

මාගේ පුත්‍රය, ස්වාමීන්වහන්සේගේ තරවටුකිරීම සුළුකොට නොසිතන්න; උන්වහන්සේගේ දඬුවමටද නොකලකිරෙන්න. මක්නිසාද පියෙකු ප්‍රිය පුත්‍රයාට දඬුවම්කරන්නාක්මෙන් ස්වාමීන්වහන්සේ තමන් ප්‍රේමකරන අයට දඬුවම්කරනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ලූක් 2:52

යේසුස්වහන්සේ ප්‍රඥාවෙන් හා උස මහතින්ද දෙවියන්වහන්සේගෙත් මනුෂ්‍යයන්ගෙත් කරුණාවෙහිද වැඩුණුසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මතෙව් 5:9

සමාදානයකරන්නෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේගේ පුත්‍රයෝයයි කියනු ලබන්නෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 තෙසලෝනික 5:12-13

තවද, සහෝදරයෙනි, නුඹලා අතරෙහි වෙහෙසගන්නාවූ, ස්වාමීන්වහන්සේ තුළ නුඹලා කෙරෙහි ප්‍රධානකම් කරන්නාවූ, නුඹලාට දැනමුතුකම් දෙන්නාවූ තැනැත්තන් දැනගෙන, ඔවුන්ගේ වැඩේ නිසා ප්‍රේමයෙන් ඔවුන් ඉතා උතුම් කොට සලකන ලෙස අපි නුඹලාගෙන් ඉල්ලමුව. තම තමුන් අතරේ සමාදානයෙන් සිටින්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 103:13

පියෙක් තම දරුවන්ට අනුකම්පා කරන්නාක්මෙන් ස්වාමීන්වහන්සේ තමන් කෙරෙහි භය ඇත්තන්ට අනුකම්පා කරනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න

දෙවියන් වහන්සේට යාච්ඤා කිරීම

පියාණනි, ඔබ වහන්සේ කීකරුකමේ උත්තමාම ආදර්ශයයි. ඔබ වහන්සේගේ කැමැත්ත අපිත් ඔබ වහන්සේ මෙන් කීකරු හා නිහතමාන දු දරුවන් වීමයි. ඔබ වහන්සේගේ අණපනත් හා නීතිරීති අගයමින්, දෙමව්පියන්ගේ හැම ඉගැන්වීමක්ම හා උපදෙසක්ම අපි අගය කරමු. දරුවන්ට ඔබ වහන්සේගේ වචනයට ඇහුම්කන් දෙන, තේරුම් ගන්නා සිතක් ලැබේවා. ඔබ වහන්සේගේ ශුද්ධාත්මයාණන්ගේ පැමිණීම දිනපතාම ඔවුන්ට දෙමාපියන්ට ගෞරව කරන්නට හා ඔවුන්ට සැලකිලිමත් වන්නට ප්‍රඥාව ලබා දේවා. දරුවන්ගේ සිත් ගෞරවයෙන්, කීකරුකමෙන් හා නිහතමානීකමෙන් තම දෙමව්පියන් වෙත යොමු වේවා. එවිට ඔවුන්ට දීර්ඝායුෂ හා ජයග්‍රාහී ජීවිතයක් භුක්ති විඳිය හැකිය. ඔබ වහන්සේ ඔබ වහන්සේගේ වචනයෙන් මෙසේ පවසයි: "ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ පරිදි, ඔබේ පියාට සහ මවට ගෞරව කරන්න. එනම් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන දේශයෙහි ඔබේ දවස් දිගු වේවා, ඔබට යහපතක් වේවා." ස්වාමීන් වන ජේසුනි, දරුවන් නිදහස් කරන්න, ඔවුන්ගේ ජීවිත ප්‍රතිස්ථාපනය කරන්න, ඔවුන්ගෙන් කැරැල්ල, අහංකාරය, මුරණ්ඩුකම සහ අකීකරුකම යන සියලු සිතුවිලි ඉවත් කරන්න. ඔබ වහන්සේගේ පැමිණීම සොයන්නට සහ ඔබ වහන්සේගේ වචනය ගැන මෙනෙහි කරන්නට ඔවුන් තුළ ආශාවක් ඇති කරන්න. එවිට ඔවුන්ගේ ජීවිත වෙනස් වී ඔබ විසින් මෙහෙයවනු ලැබේ. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්!
අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්