Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හිතෝපදේශ 15:20 - Sinhala Revised Old Version

20 ප්‍රඥාවත් පුත්‍රයෙක් පියා ප්‍රීතිකරවයි; එහෙත් අඥාන මනුෂ්‍යයෙක් තම මවු සුළුකරයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 නැණවත් පුතා පියා ප්‍රීතියෙන් පිනවයි; එහෙත් අනුවණයා මව හෙළා දකියි;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 නැණවත් පුතා පියා ප්‍රීතියෙන් පිනවයි; එහෙත් අනුවණයා මව හෙළා දකියි;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හිතෝපදේශ 15:20
14 හුවමාරු යොමු  

ප්‍රඥාවට ප්‍රියවන්නා තමාගේ පියා ප්‍රීතිකරන්නේය; එහෙත් වේශ්‍යාවන් ආශ්‍රයකරන්නා තමාගේ සම්පත් නැතිකරන්නේය.


සාලමොන්ගේ හිතෝපදේශය. ඥානවන්ත පුත්‍රයෙක් පියා ප්‍රීතිකරන්නේය; එහෙත් අඥාන පුත්‍රයෙක් තමාගේ මවුට ශෝකයක්ය.


නුඹ ජනිතකළ නුඹේ පියාගේ බස් අසන්න; නුඹේ මෑණියන් මහලුවූ කල ඈ සුළු නොකරන්න.


හීරාම් සාලමොන්ගේ වචනය අසා ඉතා ප්‍රීතිවී: ඒ මහත්වූ සෙනඟ ආණ්ඩුකරන පිණිස ප්‍රඥාවන්ත පුත්‍රයෙකු දාවිත්ට දුන්නාවූ ස්වාමීන්වහන්සේට අද ප්‍රශංසා වේවයි කීවේය.


තවද රජ කථාකොට: මාගේ ඇස්වලින් දකින හැටියට අද මාගේ සිංහාසනයෙහි හිඳගැනීමට කෙනෙකු දුන්නාවූ ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවයි කීයේයයි අදොනියාට කීවේය.


නුඹලා එකිනෙකා තමතමාගේ මවුටද පියාටද භයවිය යුතුය, මාගේ සබත් රක්ෂාකළ යුතුය. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.


ඔහු නම් දරුවෙක් පියෙකුට සේවයකරන්නාක්මෙන් ශුභාරංචියේ වර්ධනය සඳහා මා සමඟ සේවයකළේය යන ඔහුගේ ඔප්පුව නුඹලා දනිහුය.


පියාට නින්දාකරන්නාවූ, මවුට කීකරුවීම සුළුකරන්නාවූ ඇස දෙණියේ කපුටුවෝ උගුලාගන්නෝය, රාජාලි පැටව්ද ඒක කන්නෝය.


එහෙත් ඔහුට අච්චුනොකර නාරින්න, මක්නිසාද නුඹ ප්‍රඥාවත් මනුෂ්‍යයෙකු බැවින් ඔහුගේ පැසුණු හිසකේ ලෙයින් යුක්තව මිනීවළට පමුණුවන පිණිස නුඹ විසින් කටයුතු කිමෙක්දැයි නුඹ දන්නෙහියයි කීවේය.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන දේශයෙහි නුඹේ දවස් බොහෝ වන පිණිස නුඹේ පියාටත් නුඹේ මවුටත් ගෞරවකරව.


ඥානවන්ත පුත්‍රයා තම පියාගේ ඔවා බස් අසන්නේය; එහෙත් නින්දාකරන්නා තරවටුව නොඅසන්නේය.


අලසයාගේ මාර්ගය කටු වැටක් වැනිය; එහෙත් අවංක අයගේ මාවත මහ පාරක්ය.


ධර්මිෂ්ඨයාගේ පියා ඉතා ප්‍රීතිමත්වන්නේය; බුද්ධිමත් දරුවෙකු ජනිතකරන්නාද ඔහු නිසා ප්‍රීතිවන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්