Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 27:16 - Sinhala Revised Old Version

16 තමාගේ පියාට හෝ මවට හෝ අගෞරව කරන්නාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියත්වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 ‘තම මවට හෝ පියාට හෝ අගෞරව කරන්නාට සාප වේ වා!’ මුළු සෙනඟ ‘ආමෙන්’ කිව යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 ‘තම මවට හෝ පියාට හෝ අගෞරව කරන්නාට සාප වේ වා!’ මුළු සෙනඟ ‘ආමෙන්’ කිව යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 27:16
11 හුවමාරු යොමු  

නුඹලා එකිනෙකා තමතමාගේ මවුටද පියාටද භයවිය යුතුය, මාගේ සබත් රක්ෂාකළ යුතුය. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.


තමාගේ පියාට හෝ මවුට හෝ ශාප කරන තැනැත්තා සැබවින් මරනු ලැබිය යුතුය.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන දේශයෙහි නුඹේ දවස් බොහෝ වන පිණිස නුඹේ පියාටත් නුඹේ මවුටත් ගෞරවකරව.


නුඹ තුළ ඔව්හු පියාත් මවුත් සුළුකළෝය; නුඹ ඇතුළෙහි විදේශියාට බලාත්කාරයෙන් ක්‍රියාකළෝය. නුඹ තුළ පියා නැත්තාට සහ වැන්දඹුවටත් පීඩාකළෝය.


පියාට හෝ මෑණියන්ට හෝ දෙස් කියන කවරෙක් නුමුත් සැබවින් මරනු ලැබිය යුතුය. ඔහු තමාගේ පියාට හෝ මෑණියන්ට දෙස් කීවේය; ඔහුගේ ලේ ඔහු පිට වන්නේය.


ඔහු: කානාන්ට ශාප වේවා; ඔහු තමාගේ සහෝදරයන්ට දාසයන්ගේ දාසයෙක් වන්නේයයි කීය.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන දේශයෙහි නුඹේ දවස් බොහෝවන පිණිසද නුඹට ශුභසිද්ධ වන පිණිසද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට අණකළ ලෙස නුඹේ පියාටද නුඹේ මවුටද ගෞරව කරව.


නුඹ ජාතකකරන්නේ මොකක්දැයි පියෙකුටවත් නුඹ බිහිකරන්නේ කුමක්දැයි ස්ත්‍රියෙකුටවත් කියන්නාට දුක්වේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්