Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 17:22 - Sinhala Revised Old Version

22 දාවිත් තමා ගෙනා දේවල් බඩු ප්‍රවේසම්කරන්නා අතට භාරදී, සේනාව ළඟට දිවගොස් තමාගේ සහෝදරයන්ට ආචාරකෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 දාවිත් තමා ගෙනා දේවල් බඩු ප්‍රවේසම් කරන්නා අතට දී, සේනාව ළඟට දිව ගොස් තමාගේ සහෝදරයන්ට ආචාර කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 දාවිත් තමා ගෙනා දේවල් බඩු ප්‍රවේසම් කරන්නා අතට දී, සේනාව ළඟට දිව ගොස් තමාගේ සහෝදරයන්ට ආචාර කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 17:22
11 හුවමාරු යොමු  

ඔහු අයාතට පැමිණ මිග්‍රෝන මැදින් ගියේය; මික්මාෂ්හි ඔහු තමාගේ බඩු තබන්නේය.


ඔව්හු එහි හැරීගොස් තරුණ ලෙවීයයාගේ ගේ වන මීකාගේ ගෙට පැමිණ ඔහුගේ සැප පහසු විචාළෝය.


ඔහු: යන්නෙමියි ඔහුට කීවේය. එවිට ඔහු කථාකොට: නුඹ ගොස් නුඹේ සහෝදරයොත් රැළත් සුවසේ සිටිද්ද කියා බලා ඇවිත් මට දන්වන්නැයි ඔහුට කීය. මෙසේ කියා හෙතෙම හෙබ්‍රොන් මිටියාවතේ සිට ඔහු හැරියේය. ඔහු ෂෙඛෙම්ට පැමුණුණේය.


මෙසේ ඔව්හු හැරී බාලයන්ද සිව්පාවුන්ද බඩුද ඉස්සරකරගන ගියෝය.


ඉශ්‍රායෙල්වරුද පිලිස්තිවරුද සේනාවට විරුද්ධව සේනාවක් වශයෙන් යුද්ධ පිළිවෙළින් සිටියාහ.


උරියා ඔහු ළඟට ආ කල දාවිත් යෝවාබ්ගේද සෙනඟගේද සැපසනීපත් යුද්ධය කෙරීගනයන හැටිත් ඔහුගෙන් විචාළේය.


මෝසෙස් තමාගේ මාමාගේ පෙරමගට ගොස් වැඳ ඔහු සිඹගත්තේය; ඔව්හු එකිනෙකාගේ සුවදුක් විචාරා කූඩාරමට ඇතුල්වූවෝය.


දාවිත් යෞවනයන් දස දෙනෙකු යවමින්: නුඹලා කර්මෙල්ට ගොස්, නාබල් ළඟට පැමිණ, මාගේ නාමයෙන් ඔහුගේ සැප සනීප අසා,


දාවිත් අනුව යන්ට බැරි ලෙස වෙහෙසව සිටියාවූ, බෙසොර් ඔය ළඟ සිටින්ට ඇරියාවූ මිනිසුන් දෙසියය ළඟට දාවිත් පැමිණි විට ඔව්හු දාවිත් සහ ඔහු සමඟ සිටි සෙනඟගේ පෙරමගට ආවෝය. දාවිත් සෙනඟ ළඟට ආ කල ඔවුන්ට ආචාරකෙළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්