Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 2:19 - Sinhala Revised Old Version

19 එබැවින් බැත්-ෂෙබා අදොනියා උදෙසා සාලමොන් රජුට කථාකරන්ට ඔහු ළඟට ගියාය. රජ ඈ ඉදිරියෙහි නැගිට, ඈට වැඳ, තමාගේ සිංහාසනය පිට හිඳගත්තේය, රජුගේ මෑණියන්ටත් සිංහාසනයක් තබන්ට යෙදුණේය; ඈ ඔහුගේ දකුණෙන් හිඳගත්තාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 එබැවින් බැත්-ෂෙබා අදොනියා උදෙසා සලමොන් රජුට කතා කරන්නට ඔහු ළඟට ගිය විට, රජ තෙම ද ඈ හමු වීමට නැඟිට, ඈට ආචාර කර තම සිංහාසනය අරා හිඳගත්තේ ය. රජුගේ මවටත් ආසනයක් තබන්නට සැලැස්සුවේ ය. ඈ ඔහුගේ දකුණෙන් හිඳගත්තා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 එබැවින් බැත්-ෂෙබා අදොනියා උදෙසා සලමොන් රජුට කතා කරන්නට ඔහු ළඟට ගිය විට, රජ තෙම ද ඈ හමු වීමට නැඟිට, ඈට ආචාර කර තම සිංහාසනය අරා හිඳගත්තේ ය. රජුගේ මවටත් ආසනයක් තබන්නට සැලැස්සුවේ ය. ඈ ඔහුගේ දකුණෙන් හිඳගත්තා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 2:19
9 හුවමාරු යොමු  

ඔබගේ කුල ස්ත්‍රීන් අතරෙහි රාජ දූවරු සිටිති. ඕපීර්හි රනින් සැරසී බිසව් තොමෝ ඔබගේ දකුණෙන් සිටින්නීය.


ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමීන්ට කථාකොට: මා විසින් නුඹේ සතුරන් නුඹේ පාපුටුව කරනතෙක් මාගේ දකුණු පැත්තෙහි හිඳින්නැයි කීසේක


තමාගේ මවුවූ මයකා අෂේරා කණුවක් පිණිස පිළිකුල් රූපයක් සෑදූ බැවින් ඔහු ඈ මව් බිසෝකමින් අහක්කර, ඇගේ රූපය කපාදමා, කිද්‍රොන් ඔය ළඟදී පුලුස්සාදැමුවේය.


පැසුණු හිසකේ ඇත්තා ඉදිරියෙහි නැගිට සිටින්න, මහල්ලාගේ මුහුණට ගෞරවකරන්න. නුඹේ දෙවියන්වහන්සේට භයවෙන්න; මම ස්වාමීන්වහන්සේය.


නුඹලා එකිනෙකා තමතමාගේ මවුටද පියාටද භයවිය යුතුය, මාගේ සබත් රක්ෂාකළ යුතුය. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන දේශයෙහි නුඹේ දවස් බොහෝ වන පිණිස නුඹේ පියාටත් නුඹේ මවුටත් ගෞරවකරව.


බැටළුවන් තමන්ගේ දකුණු පැත්තේද එළුවන් වම් පැත්තේද සිටුවනසේක.


බැත්-ෂෙබාද: හොඳයි නුඹ උදෙසා රජුට කථාකරන්නෙමියි කීවාය.


යෝසෙප් ඔවුන් ඔහුගේ දණහිස් අතරෙන් අහකට ගෙන තම මුහුණ බිමට නමා වැන්දේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්