Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 තිමෝති 3:4 - Sinhala Revised Old Version

4 තමාගේම පවුල හොඳින් හසුරුවාගනිමින්, සියලු ආකාර සන්සුන්කම ඇතුව ස්වකීය දරුවන් හික්මවාගන්නාවූ තැනැත්තෙක්ව සිටිය යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 මුදල් තණ්හාව නොමැති, සිය පවුල මැනැවින් පාලනය කරන, තම දරුවන් ගෞරව සම්ප්‍රයුක්ත බියෙන් හික්මවා ගන්න, තැනැත්තෙකු විය යුතු යි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

4 ඔහු තමාගේ පවුල මැනවින් හසුරුවා ගන්නා වූ, ගරුත්වය ආරක්ෂාකර ගනිමින්, තම දරුවන් තමාට අවනත කරගන්නා කෙනකු විය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 මුදල් තණ්හාව නොමැති, සිය පවුල මැනැවින් පාලනය කරන, තම දරුවන් ගෞරව සම්ප්‍රයුක්ත බියෙන් හික්මවා ගන්න, තැනැත්තෙකු විය යුතු යි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 තිමෝති 3:4
10 හුවමාරු යොමු  

පත්වෙන අය වනාහි නිදොස්ව, එක භාර්යාවකට පුරුෂයාව, අවකල් ක්‍රියාව ගැන දෝෂාරෝපණය නොලත් කීකරුවූ ඇදහිලිවන්ත දරුවන් ඇතුව සිටින්ට ඕනෑය.


උපස්ථායකයෝ වනාහි එක එක භාර්යාවකට පුරුෂයෝව, තමුන්ගේ දරුවන්ද තමුන්ගේ ගෙදරවාසීන්ද හොඳහැටි හසුරුවා ගන්නෝව සිටිත්වා.


මක්නිසාද ස්වාමීන්වහන්සේ ආබ්‍රහම් ගැන කී දේ ඔහු කෙරෙහි පමුණුවන ලෙස, ධර්මිෂ්ඨකමද යුක්තියද කරමින් ස්වාමීන්වහන්සේගේ මාර්ගය රක්ෂා කරන්ට ඔහු තමාට පසු තමාගේ දරුවන්ටද තමාගේ ගෙයි වැසියන්ටද අණකරන පිණිස ඔහු ඇඳිනගතිමියි කීසේක.


එනම් මහලු පුරුෂයන් පමණ දැන, සන්සුන්ව, සිහියෙන් යුක්තව, ඇදහිල්ලෙහිත් ප්‍රේමයෙහිත් ඉවසීමෙහිත් හරිලෙස සිටිය යුතුය.


ඔහු භක්තිවන්තවූ, තමාගේ ගෙදර සියල්ලන් සමඟ දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇතුව සිටියාවූ, සෙනඟට බොහෝ දන් දුන්නාවූ, නිතරම දෙවියන්වහන්සේට යාච්ඤා කළාවූ කෙනෙක්ය.


ස්වාමීන්වහන්සේට සේවයකිරීම නුඹලාට නරකව පෙනේනම්, ගඟ එගොඩ සිටිය නුඹලාගේ පියවරුන් සේවයකළ දෙවිවරුන් හෝ නුඹලා වාසයකරන දේශයෙහි සිටිය අමෝරිවරුන්ගේ දෙවිවරුන් හෝ නුඹලා සේවයකරන්ට කැමති කාටද කියා අදම තෝරාගන්න. එහෙත් අපි නම්–මමද මාගේ පවුලද–ස්වාමීන්වහන්සේට සේවයකරමුයයි කීවේය.


සියල්ලෙහිදී නුඹම යහපත් ක්‍රියාවල ආදර්ශයක් වෙන්න; විරුද්ධකාරයාට අප ගැන කිසි නපුරක් කියන්ට නැතුව,


ඉතින්, සහෝදරයෙනි, යම් පමණ දේ සැබෑද, යම් පමණ දේ ගරුකටයුතුද, යම් පමණ දේ සාධාරණද, යම් පමණ දේ පිරිසිදුද, යම් පමණ දේ ආදරණීයද, යම් පමණ දේ යහපත් කීර්තියක් ඇතිව තිබේද, යම් ගුණයක්, යම් ප්‍රශංසාවක් ඇද්ද, ඒ දේවල් මෙනෙහිකරන්න.


එබැවින් සභාව ක්‍රිස්තුස්වහන්සේට යටත්වෙන්නාක්මෙන් භාර්යාවෝද සියලු දේවලදී තමුන්ගේ පුරුෂයන්ට යටත්වෙත්වා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්