Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දේශනාකාරයා 12:1 - Sinhala Revised Old Version

1 තවද නුඹේ යෞවන දවස්වලදී නුඹේ මැවුම්කාරයා සිහිකරන්න, මක්නිසාද විපත්ති දවස් පැමිණෙන්නේය, මට ඒවා ප්‍රිය නැතැයි නුඹ කියන දවස්ද ළංවන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 විපත්ති දවස් පැමිණෙන්නට පෙර ඔබේ යොවුන් වියේ දී ඔබේ මැවුම්කාර දෙවියන් වහන්සේ සිහි කරන්න. මන්ද, ඒවා ප්‍රිය නැතැ යි ඔබ කියන දවස් උදා වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 විපත්ති දවස් පැමිණෙන්නට පෙර ඔබේ යොවුන් වියේ දී ඔබේ මැවුම්කාර දෙවියන් වහන්සේ සිහි කරන්න. මන්ද, ඒවා ප්‍රිය නැතැ යි ඔබ කියන දවස් උදා වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දේශනාකාරයා 12:1
40 හුවමාරු යොමු  

තමාගේ බාල වයසේදී වියගහ දැරීම මනුෂ්‍යයෙකුට යහපත.


එසේය, මනුෂ්‍යයෙක් බොහෝ අවුරුදු ජීවත්ව සිටියොත් ඔහු ඒ සියල්ලෙහි ප්‍රීතිවේවා; එහෙත් ඔහු අඳුරු දවස් සිහිකෙරේවා, මක්නිසාද ඒවා බොහෝ වන්නේය. පැමිණෙන සියල්ලම නිෂ්ඵලකමක්ය.


දරුවෙකු සුදුසු මාර්ගයෙහි පුහුණුකරන්න, එවිට ඔහු වයස්ගතවූ කලත් එයින් අහක්ව නොයන්නේය.


නුමුත් යේසුස්වහන්සේ ඔවුන් තමන් ළඟට කැඳවා: ළදරුවන් නොවලක්වා මා ළඟට එන්ට ඉඩහරින්න; මක්නිසාද දෙවියන්වහන්සේගේ රාජ්‍යය මෙබඳුවන්ගේය.


දරුවෙනි, එව්, මට කන්දෙව්. ස්වාමීන් කෙරෙහි භයවීම නුඹලාට උගන්වන්නෙමි.


ක්‍රිස්තුස් යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන ගැළවීම පිණිස නුඹ නැණවත්කරන්ට පුළුවන්වූ ශුද්ධලියවිලි නුඹ බාල වයසේ පටන් දැනගන සිටින බවත් දැන, ඒවායෙහි පිහිටා සිටින්න.


අපේ ජීවිතයේ දවස් අවුරුදු හැත්තෑවක්ය, ශක්තිය ඇත්නම් අවුරුදු අසූවක්ය; එසේ වූවත් ඒවායේ යහපත් භාගය පවා වෙහෙස හා දුකමය; මක්නිසාද එය වහාම ගතවෙයි, අපිද ඉගිලී යමුව.


එසේ නුඹේ සිතෙන් ශෝකය පහකර නුඹේ මාංසයෙන් දුක දුරුකරන්න. මක්නිසාද යෞවන කාලයත් පුරුෂ අවස්ථාවත් නිෂ්ඵලකමය.


මට ප්‍රේමකරන්නන්ට මම ප්‍රේමකරමි; මා සොයන්නන්ට මම සම්බවන්නෙමි;


මම දැනට අසූ අවුරුද්දක් වයස්ව සිටිමි. හොඳ නරක මට දැනෙනවාද? ඔබගේ මෙහෙකරුවූ මට කන බොන දේවල රස දැනේද? ගී කියන පුරුෂයන්ගෙත් ගී කියන ස්ත්‍රීන්ගෙත් හඬ මට තවත් අසන්ට පුළුවන්ද? එබැවින් ඔබගේ මෙහෙකරුවා මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ට තවත් බරක් වෙන්නේ කුමටද?


සාමුවෙල් නම් ළමයා වැඩෙමින් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහිත් මනුෂ්‍යයන් ඉදිරියෙහිත් ප්‍රසන්නව සිටියේය.


ස්වාමීන්වහන්සේ යෝසෙප් සමඟ වූ සේක, ඔහු සඵලවත් මනුෂ්‍යයෙක්ව තම ස්වාමිවූ මිසරයාගේ ගෙයි සිටියේය.


මක්නිසාද ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි උත්තමයෙක් වන්නේය, ඔහු මුද්‍රිකපානයවත් මද්‍යපානයවත් නොබොන්නේය; මවු කුස පටන්ම ඔහු ශුද්ධාත්මයෙන් පූර්ණව සිටින්නේය.


නුමුත් ස්වාමීන්වහන්සේ සාමුවෙල්ට කථාකොට: ඔහුගේ පෙනීම දෙසවත් ශරීරයේ උස දෙසවත් නොබලන්න; මක්නිසාද මම ඔහු එපාකෙළෙමි. ස්වාමීන්වහන්සේ මනුෂ්‍යයා බලන්නාක්මෙන් නොබලනසේක; මනුෂ්‍ය තෙමේ පිටාතර පෙනීම බලන්නේය, නුමුත් ස්වාමීන්වහන්සේ සිත බලනසේකැයි කීසේක.


හිරගෙයි නායකයා ඔහු අත යටතේ තිබුණු කිසිම දෙයක් බැලුවේ නැත, මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔහු සමඟ සිටිසේක; ඔහු කළ දේවල්ද ස්වාමීන්වහන්සේ සඵලකළසේක.


පියවරුනි, නුඹලාගේ දරුවන්ට කෝප නූපදවා, ස්වාමීන්වහන්සේගේ හික්මවීමෙන්ද අවවාදයෙන්ද ඔවුන් ඇතිකරන්න.


මේ යෞවනයන් සතරදෙනාට නම් දෙවියන්වහන්සේ සියලු ආකාර ලියවිලි ගැනත් ශාස්ත්‍ර ගැනත් දැනගැන්මද ඥානයද දුන්සේක. දානියෙල්ට සියලු දර්ශනද ස්වප්නද සම්බන්ධ තේරුම තිබුණේය.


එසේය, ස්වාමීන්වහන්ස, ඔබගේ විනිශ්චයවල මාර්ගයෙහි අපි ඔබ ගැන බලාසිටියෙමු; අපේ ආත්මයේ ආශාව ඔබගේ නාමය හා ඔබගේ සංඥා නාමය කෙරෙහිය.


එහෙත් ළමයෙක්ව සිටි සාමුවෙල් හණ ඒඵොද් සැට්ටයක් ඇඳගන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සේවයකෙළේය.


තවද මා ඔබ වෙතින් අහක්ව ගිය වහාම ස්වාමීන්වහන්සේගේ ආත්මය මා නොදන්නා තැනකට ඔබ ගෙනයනවා ඇත; මා ගොස් ආහබ්ට කී කල ඔහුට ඔබ සම්බ නොවන නිසා මා මරනවා ඇත. එහෙත් ඔබගේ මෙහෙකරුවූ මම බාලවයසේ පටන් ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව සිටිමි.


එබැවින් මමත් ඔහු ස්වාමීන්වහන්සේට දුනිමි; ඔහු ජීවත්ව සිටින තෙක් ඔහු ස්වාමීන්වහන්සේට කැපයයි කීවාය. ඔව්හු එහිදී ස්වාමීන්වහන්සේට නමස්කාර කළෝය.


විදේශියෝ ඔහුගේ සවිය නාස්තිකළෝය, නුමුත් ඔහු එය නොදන්නේය. පැසුණු ඉසකේ ඔහු මතුයෙහි තැනින්තැන තිබේ, නුමුත් ඔහු නොදන්නේය.


එසේය, ඔවුන්ගේ අත්වල ශක්තියෙන් මට ඇති කම මොකද? ඔව්හු වනාහි බලය පිරිහී ගියාවූ මනුෂ්‍යයෝය.


සියලු ඉශ්‍රායෙල්වරු ඔහු ගැන වැලපී ඔහු තැන්පත්කරන්නෝය; මක්නිසාද යෙරොබොවම්ගේ වංශය අතරෙන් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි යහපත්වූ යමක් ඔහු තුළ ඇති බැවින් යෙරොබොවම්ගේ වංශයෙන් ඔහු පමණක් සොහොනකට පැමිණෙන්නේය.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සිහිකරන්න, මක්නිසාද නුඹේ පියවරුන්ට දිවුළ තමන්ගේ ගිවිසුම අද තිබෙන්නාක් මෙන් ඉෂ්ටකරන පිණිස නුඹට සම්පත් ලබාගැනීමට පුළුවන්කම දෙන්නේ උන්වහන්සේය.


මම බලා, නැගිට, උත්තමයන්ටත් මුලාදෑනීන්ටත් ඉතිරි මිනිසුන්ටත් කථාකොට: ඔවුන් ගැන භය නොවෙන්න. මහත්ව භයංකරව සිටින ස්වාමීන්වහන්සේ සිහිකරමින් නුඹලාගේ සහෝදරයන්ද පුත්‍රයන්ද දූවරුන්ද භාර්යාවන්ද ගෙවල්ද උදෙසා සටන්කරන්නැයි කීවෙමි.


මාගේ ආත්මය ඇටමිදුලුවලින්ද තෙලින්ද මෙන් තෘප්තියට පැමිණෙන්නේය; මාගේ මුඛයද ප්‍රීතිමත් තොල්වලින් ඔබට ප්‍රශංසාකරන්නේය.


ස්වාමිනි, රාත්‍රියේදී ඔබගේ නාමය සිහිකොට ඔබගේ ව්‍යවස්ථාව පැවැත්වීමි.


සත්දෙනෙකුට වුණත් අට දෙනෙකුට වුණත් කොටසක් දෙන්න; මක්නිසාද පොළොවෙහි මොන විපත්තියක් සිද්ධවේද කියා නුඹ නොදන්නෙහිය.


ඔබගේ මෙහෙකරුවා රජ්ජුරුවන් සමඟ යොර්දානෙන් එගොඩට යෑම සුළු දෙයක්ය. එබැවින් රජ්ජුරුවන් එබඳු විපාකයක් මට දෙන්නේ මක්නිසාද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්