Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 10:19 - Sinhala Revised Old Version

19 මිනී නොමරව, කාමමිථ්‍යාචාරය නොකරව, සොරකම් නොකරව, බොරුසාක්ෂි නොකියව, වංචාකම් නොකරව, නුඹේ පියාටත් මවුටත් ගෞරවකරව යන මේ ආඥා නුඹ දන්නෙහියයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 ඔබ ආඥා දන්නෙහි ය. මිනී නොමරන්න; කාමමිථ්‍යාචාරය නොකරන්න; සොරකම් නොකරන්න; බොරු සාක්ෂි නොකියන්න; වංචා නොකරන්න; නුඹේ පියාටත්, මවටත් ගෞරව කරන්න යනු”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

19 ආඥා, ඔබ දනී: ‘මිනී නො මරනු, පරදාර සේවනයේ නො යෙදෙනු, සොරකම් නො කරනු, බොරු සාක්ෂි නො කියනු, වංචා නො කරනු, තම පියාට හා මවට ගරු කරනු යන දෑ’ යි” පැවසූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 ඔබ ආඥා දන්නෙහි ය. මිනී නොමරන්න; කාමමිථ්‍යාචාරය නොකරන්න; සොරකම් නොකරන්න; බොරු සාක්ෂි නොකියන්න; වංචා නොකරන්න; නුඹේ පියාටත්, මවටත් ගෞරව කරන්න යනු”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 10:19
16 හුවමාරු යොමු  

මක්නිසාද: කාමමිථ්‍යාචාරය නොකරව, මිනී නොමරව, සොරකම් නොකරව, ලෝභ නොවව යන ආඥාද, වෙන යම් ආඥාවක් ඇත්නම් ඒ ආඥාවද: නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්‍රේමකරව යන මේ කීමෙහි අන්තර්ගතය.


මක්නිසාද: කාමමිථ්‍යාචාරය නොකරවයි කී තැනන්වහන්සේ: මිනීනොමරව කියාත් කීසේක. ඉඳින් නුඹ කාමමිථ්‍යාචාරය නොකරන නුමුත්, මිනීමරනවා නම්, ව්‍යවස්ථාව කඩකරන්නෙක්ව සිටිනෙහිය.


කාමමිථ්‍යාචාරය නොකරව, මිනී නොමරව, සොරකම් නොකරව, බොරු සාක්ෂි නොකියව, නුඹේ පියාටත් මවුටත් ගෞරව කරව යන මේ ආඥා නුඹ දන්නවායයි ඔහුට කීසේක.


මේ කාරණය ගැන කිසිවෙක් තමාගේ සහෝදරයා රවටා වාසියක් නොගැනීමත්ය. මක්නිසාද අපි පළමු නුඹලාට කියා සාක්ෂිදුන් ලෙස, ස්වාමීන්වහන්සේ එබඳුවූ සියල්ල ගැන පළිගන්න කෙනෙක්ය.


මක්නිසාද: නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්‍රේමකරන්න යන එක වාක්‍යයෙන්ම මුළු ව්‍යවස්ථාව සම්පූර්ණවේ,


ව්‍යවස්ථාව යටතේ සිටින්ට කැමැත්තෙනි, නුඹලා ව්‍යවස්ථාව අසන්නේ නැද්දැයි මට කියන්න.


කුමක්හෙයින්ද ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් කිසිම මනුෂ්‍යයෙක් දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨකරනු නොලබන්නේය. මක්නිසාද ව්‍යවස්ථාව කරණකොටගෙන පාපය දැනගැනීම වේ.


ව්‍යවස්ථාවද සාක්ෂියද වෙතට යමු! ඒ වචනයේ හැටියට ඔවුන් නොකීවොත් ඔවුන්ට පහන්වීමක් නැත.


යේසුස්වහන්සේ ඔහුට කියනසේක්: මා යහපත්යයි නුඹ මට කියන්නේ මන්ද? එක්කෙනෙක් එනම් දෙවියන්වහන්සේ මිස වෙන කිසිවෙක් යහපත් නොවේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්