Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 7:10 - Sinhala Revised Old Version

10 මක්නිසාද–නුඹේ පියාටත් නුඹේ මවුටත් ගෞරවකරන්න; පියා ගැන හෝ මවු ගැන හෝ අගුණ කියන්නා මරනු ලබන්ටම ඕනෑයයි මෝසෙස් කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 මක්නිසා ද ‘ඔබේ පියාට ද මවට ද, ගෞරව කරන්නැ’යි ද, ‘පියාට හෝ මවට නිග්‍රහ කරන්නා මරණ දඬුවම ලැබිය යුතු ය’යි ද මෝසෙස් පවසා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

10 මන්ද මෝසෙස් පවසා ඇත්තේ, ‘ඔබේ පියාටත්, ඔබේ මවටත් ගෞරව කරන්න’ කියා හා ‘තම පියාට හෝ මවට ශාප කරන කවරකු වුව මරණයට පත් කළ යුතු ය’ කියා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 මක්නිසා ද ‘ඔබේ පියාට ද මවට ද, ගෞරව කරන්නැ’යි ද, ‘පියාට හෝ මවට නිග්‍රහ කරන්නා මරණ දඬුවම ලැබිය යුතු ය’යි ද මෝසෙස් පවසා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 7:10
9 හුවමාරු යොමු  

තමාගේ පියාට හෝ මවුට හෝ ශාප කරන තැනැත්තා සැබවින් මරනු ලැබිය යුතුය.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන දේශයෙහි නුඹේ දවස් බොහෝ වන පිණිස නුඹේ පියාටත් නුඹේ මවුටත් ගෞරවකරව.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන දේශයෙහි නුඹේ දවස් බොහෝවන පිණිසද නුඹට ශුභසිද්ධ වන පිණිසද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට අණකළ ලෙස නුඹේ පියාටද නුඹේ මවුටද ගෞරව කරව.


පියාට හෝ මෑණියන්ට හෝ දෙස් කියන කවරෙක් නුමුත් සැබවින් මරනු ලැබිය යුතුය. ඔහු තමාගේ පියාට හෝ මෑණියන්ට දෙස් කීවේය; ඔහුගේ ලේ ඔහු පිට වන්නේය.


නුඹේ පියාටත් මවුටත් ගෞරවකරව; පියා ගැන හෝ මවු ගැන හෝ අගුණ කියන්නා මැරුම්කෑ යුතුමයයි දෙවියන්වහන්සේ කීසේක.


මිනී නොමරව, කාමමිථ්‍යාචාරය නොකරව, සොරකම් නොකරව, බොරුසාක්ෂි නොකියව, වංචාකම් නොකරව, නුඹේ පියාටත් මවුටත් ගෞරවකරව යන මේ ආඥා නුඹ දන්නෙහියයි කීසේක.


පියාට නින්දාකරන්නාවූ, මවුට කීකරුවීම සුළුකරන්නාවූ ඇස දෙණියේ කපුටුවෝ උගුලාගන්නෝය, රාජාලි පැටව්ද ඒක කන්නෝය.


තමාගේ පියාට හෝ මවුට හෝ දෙස්කියන්නාගේ පහන ඝනාන්ධකාරයේදී නිවීයන්නේය.


තමාගේ පියාට හෝ මවට හෝ අගෞරව කරන්නාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියත්වා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්