Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




හිතෝපදේශ 29:15 - Sinhala Revised Old Version

15 ඉපලද තරවටුකිරීමද ප්‍රඥාව දෙන්නේය; එහෙත් තමාගේ කැමැත්තට අත්හරිනු ලබන දරුවා තමාගේ මව් ලජ්ජාවට පමුණුවයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 කෝටුව හා තරවටුව බුද්ධි වර්ධනය සලසයි; හිතු හිතූ දේ කරන දරුවා මවට ලජ්ජාවකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 කෝටුව හා තරවටුව බුද්ධි වර්ධනය සලසයි; හිතු හිතූ දේ කරන දරුවා මවට ලජ්ජාවකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හිතෝපදේශ 29:15
13 හුවමාරු යොමු  

නුඹ මෙසේ කළේ මන්දැයි කියා ඔහුගේ පියා කවදාවත් ඔහුට සැරකළේ නැත. තවද ඔහු ඉතා ශෝභමාන මනුෂ්‍යයෙක් විය; ඔහු අබ්සලොම්ට පසුව උපන්නේය.


සාලමොන්ගේ හිතෝපදේශය. ඥානවන්ත පුත්‍රයෙක් පියා ප්‍රීතිකරන්නේය; එහෙත් අඥාන පුත්‍රයෙක් තමාගේ මවුට ශෝකයක්ය.


ග්‍රීෂ්ම කාලයෙහි රැස්කරගන්නා ඥානවන්ත පුත්‍රයෙක්ය; ගොයම් කපන කාලයෙහි නිදන්නා ලජ්ජා ඇතිකරවන පුත්‍රයෙක්ය.


ඉපල පාවිච්චි නොකරන්නා තම පුත්‍රයාට වෛරවන්නේය; එහෙත් ඔහුට ප්‍රේමවෙන්නා කල්තබා ඔහුට දඬුවම්කරන්නේය.


අඥානයෙකු උපදවන්නාට ශෝකය වන්නේය. මෝඩයෙකුගේ පියාට සන්තෝෂයක් නැත.


අඥාන පුත්‍රයා තම පියාට ශෝකයක්ය, ඔහු බිහිකළ තැනැත්තීටද දුකක්ය.


බලාපොරොත්තුවක් ඇති බැවින් නුඹේ පුත්‍රයාට දඬුවම්කරන්න; නුමුත් ඔහු නැතිකරන්ට කල්පනා නොකරන්න.


මෝඩකම ළමයෙකුගේ සිතට බැඳී තිබේ; දඬුවම්කිරීමේ ඉපල එය ඔහුගෙන් දුරුකරයි.


දරුවෙකු සුදුසු මාර්ගයෙහි පුහුණුකරන්න, එවිට ඔහු වයස්ගතවූ කලත් එයින් අහක්ව නොයන්නේය.


නුඹේ පුත්‍රයාට දඬුවම්කරන්න, එවිට ඔහු නුඹට නිශ්චලභාවය දෙන්නේය; එසේය, ඔහු නුඹේ ආත්මයට ප්‍රීතිය දෙන්නේය.


තමාගේ වැඩකාරයා බාල කාලයේ සිට සැපෙන් ඇතිකරන්නාට ඔහු අන්තිමේදී පුත්‍රයෙක් වන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්