Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 5:16 - Sinhala Revised Old Version

16 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන දේශයෙහි නුඹේ දවස් බොහෝවන පිණිසද නුඹට ශුභසිද්ධ වන පිණිසද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට අණකළ ලෙස නුඹේ පියාටද නුඹේ මවුටද ගෞරව කරව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 ‘දෙවි සමිඳාණන් වහන්සේ නුඹට අණ කළ පරිදි නුඹේ පියාට ද මවට ද ගෞරව කරන්න. එවිට දෙවි සමිඳාණන් වහන්සේ නුඹට දෙන දේශයෙහි නුඹ චිරාත් කාලයක් ජීවත් වන්නෙහි ය; නුඹට සෙත සැලසෙනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 ‘දෙවි සමිඳාණන් වහන්සේ නුඹට අණ කළ පරිදි නුඹේ පියාට ද මවට ද ගෞරව කරන්න. එවිට දෙවි සමිඳාණන් වහන්සේ නුඹට දෙන දේශයෙහි නුඹ චිරාත් කාලයක් ජීවත් වන්නෙහි ය; නුඹට සෙත සැලසෙනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 5:16
17 හුවමාරු යොමු  

නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන දේශයෙහි නුඹේ දවස් බොහෝ වන පිණිස නුඹේ පියාටත් නුඹේ මවුටත් ගෞරවකරව.


දරුවෙනි, සියලු කාරණාවලදී මවුපියන්ට කීකරුවෙන්න, මක්නිසාද ඒක ස්වාමීන්වහන්සේට ප්‍රසන්නය.


තමාගේ පියාට හෝ මවට හෝ අගෞරව කරන්නාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියත්වා.


නුඹටත් නුඹෙන් පසු නුඹේ දරුවන්ටත් ශුභසිද්ධවන පිණිසද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සදාකාලයටම නුඹට දෙන දේශයෙහි නුඹේ දවස් වැඩිකරගන්නා පිණිසද අද මා විසින් නුඹට අණකරන උන්වහන්සේගේ පනත් සහ ආඥා පවත්වන්නැයි කීවේය.


කාමමිථ්‍යාචාරය නොකරව, මිනී නොමරව, සොරකම් නොකරව, බොරු සාක්ෂි නොකියව, නුඹේ පියාටත් මවුටත් ගෞරව කරව යන මේ ආඥා නුඹ දන්නවායයි ඔහුට කීසේක.


නුඹලා එකිනෙකා තමතමාගේ මවුටද පියාටද භයවිය යුතුය, මාගේ සබත් රක්ෂාකළ යුතුය. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.


මිනී නොමරව, කාමමිථ්‍යාචාරය නොකරව, සොරකම් නොකරව, බොරුසාක්ෂි නොකියව, වංචාකම් නොකරව, නුඹේ පියාටත් මවුටත් ගෞරවකරව යන මේ ආඥා නුඹ දන්නෙහියයි කීසේක.


මක්නිසාද–නුඹේ පියාටත් නුඹේ මවුටත් ගෞරවකරන්න; පියා ගැන හෝ මවු ගැන හෝ අගුණ කියන්නා මරනු ලබන්ටම ඕනෑයයි මෝසෙස් කීවේය.


නුඹේ පියාටත් මවුටත් ගෞරවකරව; තමාට මෙන් තමාගේ අසල්වාසියාට ප්‍රේමකරව යන මේවායයි කීසේක.


අහෝ ඔවුන්ටද ඔවුන් සමඟ ඔවුන්ගේ දරුවන්ටද සදාකාලේටම ශුභ සිද්ධවන පිණිස නිතරම මට භයවීමටත් මාගේ සියලු ආඥා රක්ෂාකිරීමටත් මෙයාකාර සිතක් තිබුණොත් යහපත!


නුඹලාගේ පියවරුන්ටත් ඔවුන්ගේ වංශයටත් දෙන ලෙස ස්වාමීන්වහන්සේ ඔවුන්ට දිවුළාවූ කිරි හා මීපැණි ගලායන්නාවූ දේශය මතුපිට නුඹලාගේ දවස් වැඩිකර ගන්නා පිණිසද මා විසින් අද නුඹලාට අණකරන මුළු ආඥාව පවත්වන්න.


නුඹ තුළ ඔව්හු පියාත් මවුත් සුළුකළෝය; නුඹ ඇතුළෙහි විදේශියාට බලාත්කාරයෙන් ක්‍රියාකළෝය. නුඹ තුළ පියා නැත්තාට සහ වැන්දඹුවටත් පීඩාකළෝය.


නුඹලා හිමිකරගන්ට යන දේශයෙහි නුඹලා ජීවත්ව සිටින පිණිසත් නුඹලාට ශුභ සිද්ධවන පිණිසත් නුඹලාගේ දවස් වැඩිකරගන්න පිණිසත් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට අණකර තිබෙන මුළු මාර්ගයෙහි හැසිරෙන්න.


නුඹලා හිමි කරගන්ට එතරව යන්නාවූ දේශයේදී පැවැත්වීමට නුඹලාට උගන්වන හැටියට මට අණකළ ආඥාවද පනත්ද විනිශ්චයවල්ද මේවාය.


මාගේ පුත්‍රය, මාගේ උපදෙස් සිහි නැති නොකර, නුඹේ සිතින් මාගේ ආඥා රක්ෂාකරන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්