තමාගේ චර්මාග්‍ර මාංසය ඡේද්‍යය නොකරනලද අචර්මඡේදිත පිරිමියෙක් ඇද්ද ඒ තැනැත්තා තමාගේ සෙනඟ කෙරෙන් සිඳදමනු ලබන්නේය; ඔහු මාගේ ගිවිසුම කඩකෙළේයයි කීසේක.
ලෙවී කථාව 7:21 - Sinhala Revised Old Version මනුෂ්‍යයෙකුගේ අපවිත්‍රකමක් වේවා අපවිත්‍ර මෘගයෙක් වේවා අපවිත්‍ර පිළිකුල්කමක් වේවා කිසියම් අපවිත්‍රකමක ස්පර්ශවී ස්වාමීන්වහන්සේට අයිති ශාන්ති පූජාවල මාංසය කන තැනැත්තේ තමාගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නේයයි කීසේක. Sinhala New Revised Version තවද, යමෙකු මනුෂ්‍යයෙකුගේ හෝ මෘගයෙකුගේ හෝ ආගමික චාරිත්‍ර අනුව අපවිත්‍ර යයි සැලකෙන යමක් හෝ පිළිකුල් අපවිත්‍ර දෙයක් හෝ ස්පර්ශ කොට, සහභාගිකමේ පූජාවක් වශයෙන් සමිඳාණන් වහන්සේට පුදන ලද සතෙකුගේ මාංස වැළඳුවහොත්, ඔහු සිය සෙනඟ කෙරෙන් නෙරපාදමනු ලැබේ.” Sinhala New Revised Version 2018 තවද, යමෙකු මනුෂ්‍යයෙකුගේ හෝ මෘගයෙකුගේ හෝ ආගමික චාරිත්‍ර අනුව අපවිත්‍ර යයි සැලකෙන යමක් හෝ පිළිකුල් අපවිත්‍ර දෙයක් හෝ ස්පර්ශ කොට, සහභාගිකමේ පූජාවක් වශයෙන් සමිඳාණන් වහන්සේට පුදන ලද සතෙකුගේ මාංස වැළඳුවහොත්, ඔහු සිය සෙනඟ කෙරෙන් නෙරපාදමනු ලැබේ.” |
තමාගේ චර්මාග්‍ර මාංසය ඡේද්‍යය නොකරනලද අචර්මඡේදිත පිරිමියෙක් ඇද්ද ඒ තැනැත්තා තමාගේ සෙනඟ කෙරෙන් සිඳදමනු ලබන්නේය; ඔහු මාගේ ගිවිසුම කඩකෙළේයයි කීසේක.
සත් දවසක් නුඹලා මුහුන් නුමුසු රොටි කෑ යුතුය; ප්‍රථම දවසෙහිම නුඹලාගේ ගෙවලින් මුහුන් බැහැරකළ යුතුය. මක්නිසාද ප්‍රථම දවස පටන් සත්වෙනි දවස දක්වා මුහුන් මුසු රොටි කන කවරෙක් නුමුත් ඉශ්‍රායෙල් කෙරෙන් සිඳදමනු ලබන්නේය.
සත් දවසක් නුඹලාගේ ගෙවල මුහුන් නොතිබිය යුතුය. මක්නිසාද විදේශියෙක් වේවා, දේශයෙහි උපන් කෙනෙක් වේවා, මුහුන් මුසු දේ කන කවරෙක් නුමුත් ඉශ්‍රායෙල් සභාවෙන් සිඳිනු ලබන්නේය.
එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්න. ලේ පිටින් කන්නාවූ, නුඹලාගේ ඇස් නුඹලාගේ රූපවලට ඔසවන්නාවූ,ලේ වගුරුවන්නාවූ නුඹලාට දේශය භුක්තිවිඳින්ට ලැබේද?
එවිට මම: අහෝ ස්වාමිවූ දෙවියන්වහන්ස! මාගේ ප්‍රාණය අපවිත්‍ර නොවීය. මාගේ බාලවයසේ පටන් දැන් දක්වාම කුණපවත් මෘගයන් විසින් ඉරාදැමූ සතෙක්වත් නොකෑවෙමි; පිළිකුල් මාංස මාගේ කටට ඇතුල් නොවීයයි කීමි.
ඉශ්‍රායෙල් වංශයෙන් හෝ ඔවුන් අතරේ වසන විදේශීන්ගෙන් හෝ කවරෙක් නුමුත් කොයියාකාර ලෙයක්වත් කෑවොත් මම එසේ ලේ කන තැනැත්තාට විරුද්ධව මාගේ මුහුණ යොමුකරමින් ඔහු තමාගේ සෙනඟ අතරෙන් සිඳදමන්නෙමි.
මක්නිසාද සියලුම මාංසවල පණ තිබෙන්නේ ඒවායේ ලෙයෙහිය, එය පණ හා සමානය. එබැවින් කිසි මාංසයක ලේ නොකෑයුතුයයි ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කීයෙමි. මක්නිසාද සියලු මාංසවල පණ තිබෙන්නේ ඒවායේ ලෙයෙහිය; එය කන කවරෙක් නුමුත් සිඳදමනු ලබන්නේය.
මක්නිසාද කවුරු නුමුත් මේ පිළිකුල්කම්වලින් කිසිවක් කළොත් එසේ කරන අය තමුන්ගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නෝය.
එය කන තැනැත්තේ තමාගේ අපරාධය දරන්නේය, මක්නිසාද ඔහු ස්වාමීන්වහන්සේගේ ශුද්ධවූ දේ අපවිත්‍රකෙළේය. ඒ තැනැත්තා තමාගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නේය.
ඒ මනුෂ්‍යයා මාගේ ශුද්ධස්ථානය අපවිත්‍රකරන්ටත් මාගේ ශුද්ධ නාමයට නින්දාකරන්ටත් තමාගේ දරුවන්ගෙන් කෙනෙක් මොලෙක්ට දුන් බැවින් මම ඔහුට විරුද්ධව මාගේ මුහුණ යොමුකොට ඔහුගේ සෙනඟ කෙරෙන් ඔහු සිඳදමන්නෙමි.
ඔවුන්ට මෙසේ කියන්න: නුඹලාගේ පරම්පරාවලදී නුඹලාගේ මුළු වංශයෙන් කවරෙක් නුමුත් තමාගේ අපවිත්‍රකම තිබෙද්දී ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් ස්වාමීන්වහන්සේට කැපකරන ශුද්ධවූ දේවලට ළංවුණොත්, ඒ තැනැත්තා මා ඉදිරියෙන් සිඳදමනු ලබන්නේය. මම ස්වාමීන්වහන්සේය.
ආරොන්ගේ වංශයෙන් කොයි පුරුෂයෙක් නුමුත් කුෂ්ඨ රෝගියෙක් හෝ යම් ප්‍රමේහයක් ඇත්තෙක් හෝ වන්නේද ඔහු පවිත්‍රවනතෙක් ශුද්ධවූ දෙයින් නොකෑ යුතුය. මළවුන් කරණකොටගෙන අපවිත්‍රවී තිබෙන කිසි දෙයකට ස්පර්ශවන කෙනෙක්වත් ශුක්‍ර වැගිරීමක් ඇති කෙනෙක්වත්,
එහෙත් අපවිත්‍රකමක් ඇතුව ස්වාමීන්වහන්සේට අයිති ශාන්ති පූජාවේ මාංසය කන තැනැත්තේ තමාගේ සෙනඟ කෙරෙන් සිඳිනු ලබන්නේය.
කුමක්හෙයින්ද මනුෂ්‍යයන් විසින් ස්වාමීන්වහන්සේට ගින්නෙන් පූජා කිරීමට ඔප්පුකරන්නාවූ මෘගයෙකුගේ තෙල කන කවරෙක් නුමුත් තමාගේ සෙනඟ කෙරෙන් සිඳදමනු ලබන්නේය.
අපවිත්‍ර අය ස්පර්ශවන සියල්ල අපවිත්‍රවන්නේය; එහි ස්පර්ශවන තැනැත්තේද සවස් වනතෙක් අපවිත්‍රවන්නේයයි කීසේක.
එහෙත් සාවුල් ඒ දවසේ කිසිවක් කීවේ නැත. මක්නිසාද: ඔහුට මොකක් නුමුත් වෙලාය, ඔහු පවිත්‍ර නැත; ඇත්තටම පවිත්‍ර නැතැයි ඔහු කල්පනා කෙළේය.