Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 19:22 - Sinhala Revised Old Version

22 අපවිත්‍ර අය ස්පර්ශවන සියල්ල අපවිත්‍රවන්නේය; එහි ස්පර්ශවන තැනැත්තේද සවස් වනතෙක් අපවිත්‍රවන්නේයයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 අපවිත්‍ර යමෙක් යමක් ස්පර්ශ කරයි ද, ඒ දේ අපවිත්‍ර වනු ඇත. ඒ දේ ස්පර්ශ කරන තැනැත්තා ද සවස දක්වා අපවිත්‍ර යයි සැලකිය යුතු ය.’ “

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 අපවිත්‍ර යමෙක් යමක් ස්පර්ශ කරයි ද, ඒ දේ අපවිත්‍ර වනු ඇත. ඒ දේ ස්පර්ශ කරන තැනැත්තා ද සවස දක්වා අපවිත්‍ර යයි සැලකිය යුතු ය.’ ”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 19:22
21 හුවමාරු යොමු  

එවිට හග්ගයි: මළකඳකින් අපවිත්‍රවී සිටින කෙනෙක් ඒවායෙන් යමකට තැවරුණොත් එය අපවිත්‍රවේදැයි ඇසුවේය. පූජකයෝ උත්තරදෙමින්: අපවිත්‍රවේයයි කීවෝය.


අපවිත්‍ර යම් දෙයක ස්පර්ශවන මාංසය නොකා ගින්නෙන් දැවිය යුතුය. ඉතිරි මාංසය පවිත්‍රව සිටින සියල්ලන් විසින් කන්නට පුළුවන.


ඔහුගේ යහනේ ස්පර්ශවන තැනැත්තේ තමාගේ වස්ත්‍ර සෝදා වතුර නාගත යුතුය, සවස දක්වාද ඔහු අපවිත්‍රව සිටින්නේය.


නොහොත් යම් කෙනෙක් අපවිත්‍රවූ යමක එනම් අපවිත්‍ර මෘගයෙකුගේ මළ කඳක හෝ අපවිත්‍ර සිව්පාවන්ගේ මළකඳක හෝ බඩගායන අපවිත්‍ර සතුන්ගේ මළකඳක හෝ ස්පර්ශවුණොත් ඔහු එය නොදැන සිටිය නුමුත් ඔහු අපවිත්‍රව වරදකාරයෙක් වන්නේය.


නොහොත් ඔහු මනුෂ්‍යයාගේ අපවිත්‍රකමක එනම් මනුෂ්‍යයෙකු අපවිත්‍රවෙන කවර අපවිත්‍රකමකවත් ස්පර්ශවුණොත්, ඔහු එය නොදැන සිටිය නුමුත් දැනගත්කල වරදකාරයෙක් වන්නේය.


මනුෂ්‍යයෙකුගේ අපවිත්‍රකමක් වේවා අපවිත්‍ර මෘගයෙක් වේවා අපවිත්‍ර පිළිකුල්කමක් වේවා කිසියම් අපවිත්‍රකමක ස්පර්ශවී ස්වාමීන්වහන්සේට අයිති ශාන්ති පූජාවල මාංසය කන තැනැත්තේ තමාගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නේයයි කීසේක.


තමා අපවිත්‍රකළ හැකි බඩගායන කිසි සතෙකුට හෝ තමා කොයි අන්දමින් නුමුත් අපවිත්‍රකළ හැකි අපවිත්‍රකමක් ඇති කිසි පුරුෂයෙකුට හෝ,


ස්පර්ශවන තැනැත්තෙක්වත් සවස දක්වා අපවිත්‍රවන්නේය, තමා වතුර නාගත්තොත් මිස නැත්නම් ඔහු ශුද්ධ දේවලින් නොකෑ යුතුය.


ස්වාමීන්වහන්සේ මෝසෙස් සහ ආරොන්ට කථාකොට කියනසේක්:


ප්‍රමේහය ඇති අය හිඳගන්න කිසිවක් පිට හිඳින තැනැත්තේ තමාගේ වස්ත්‍ර සෝදා වතුර නාගත යුතුය, සවස දක්වාද ඔහු අපවිත්‍රව සිටින්නේය.


ප්‍රමේහය ඇත්තාගේ ශරීරයෙහි ස්පර්ශවන තැනැත්තේ තමාගේ වස්ත්‍ර සෝදා වතුර නාගත යුතුය, සවස දක්වාද ඔහු අපවිත්‍රව සිටින්නේය.


ප්‍රමේහය ඇති අය පවිත්‍ර කෙනෙකු පිටට කෙළගැසුවොත් ඔහු තමාගේ වස්ත්‍ර සෝදා වතුර නාගත යුතුය, සවස දක්වාද ඔහු අපවිත්‍රවන්නේය.


ඔහුගේ ඇඟට යටව තිබුණු කිසි දෙයක ස්පර්ශවන කවුරු නුමුත් සවස දක්වා අපවිත්‍රව සිටින්නේය. ඒවා ගෙනයන්නාද තමාගේ වස්ත්‍ර සෝදාගෙන වතුර නාගත යුතුය, සවස දක්වාද ඔහු අපවිත්‍රව සිටින්නේය.


ප්‍රමේහය ඇති අය තමාගේ අත් වතුරෙන් සෝදා නොගෙන අතගසන කවුරු නුමුත් තමාගේ වස්ත්‍ර සෝදාගෙන වතුර නාගත යුතුය, ඔහු සවස දක්වාද අපවිත්‍රව සිටින්නේය.


ඇගේ යහනෙහි ස්පර්ශවන තැනැත්තේ තමාගේ වස්ත්‍ර සෝදාගෙන වතුර නාගත යුතුය, සවස දක්වාද ඔහු අපවිත්‍රව සිටින්නේය.


ඈ හිඳගන්න කිසිවක ස්පර්ශවන කවුරු නුමුත් තමාගේ වස්ත්‍ර සෝදාගෙන වතුර නාගත යුතුය, සවස දක්වාද ඔහු අපවිත්‍රව සිටින්නේය.


යහන පිටවත් ඈ හිඳගන්න දෙයක් පිටවත් තිබෙන දෙයෙහි ස්පර්ශවන තැනැත්තේ සවස දක්වා අපවිත්‍රව සිටින්නේය.


එහි ස්පර්ශවන තැනැත්තේ අපවිත්‍රව සිටින්නේය, ඔහු තමාගේ වස්ත්‍ර සෝදාගෙන වතුර නාගත යුතුය, සවස දක්වාද ඔහු අපවිත්‍රව සිටින්නේය.


එවිට පූජකයා තමාගේ වස්ත්‍ර සෝදා වතුර නාගත යුතුය, පසුව කඳවුරට ඇතුල්වෙන්ට ඔහුට පුළුවන, ඔහු සවස් වන තෙක් අපවිත්‍රව සිටින්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්