Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 11:20 - Sinhala Revised Old Version

20 පියාපත් ඇති බඩගායන සතර පයින් ඇවිදින සියලු සත්තු නුඹලාට පිළිකුලක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 “පියාපත් සහිත, පා හතරින් ඇවිදින සියලු සතුන් නුඹලාට පිළිකුල් විය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 “පියාපත් සහිත, පා හතරින් ඇවිදින සියලු සතුන් නුඹලාට පිළිකුල් විය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 11:20
14 හුවමාරු යොමු  

මොව්හු මාංසිකව, ආත්මයාණන්වහන්සේ නැතුව, භේදකරන්නෝය.


නුමුත් මොව්හු තමුන් නොදන්නා කොයි දේටත් නින්දාකරති. නුවණ නැති තිරිසනුන් ලෙස ජම්මගතියෙන් ඔවුන්ට තේරෙන මේ දේවලින් තුමූම විනාශකරනු ලබන්නෝය.


මක්නිසාද දේමස් මේ ලෝකයට ආලයවී, මා අත්හැර තෙසලෝනිකයට ගියේය. ක්‍රෙස්කෙන්ස් ගලාතියටත් තීතස් දල්මාතියටත් ගියෝය.


ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවයකරන්ට කිසිවෙකුට නුපුළුවන. මක්නිසාද ඔහු එක්කෙනෙකුට වෛරවී අනික් අයට ප්‍රියවන්නේය; නොහොත් එක්කෙනෙකුට ඇලුම්වී අනික් අය හෙළාදකින්නේය. දෙවියන්වහන්සේට සහ වස්තුවටත් සේවයකරන්ට නුඹලාට නුපුළුවන.


ස්වාමිනි, ඔබගේ කඩුවෙන් දුෂ්ටයන් ගෙන්ද, ඔබගේ අතින් මනුෂ්‍යයන්ගෙන්, එනම්, ඔවුන්ගේ කොටස මේ ජීවිතයෙහි ලද්දාවූ, ඔබගේ වස්තුවෙන් ඔබ විසින් බඩ පුරවන්නාවූ, දරුවන් නිසා තෘප්තියට පැමිණ, ළදරුවන්ට ඉතිරි දේ තබායන්නාවූ ලෞකික මනුෂ්‍යයන්ගෙන්ද මාගේ ආත්මය ගැළවුව මැනව.


පියාපත් ඇත්තාවූ බඩගායන සියලු සත්තු නුඹලාට අපවිත්‍රය. උන් නොකෑ යුතුය.


පාද සතරෙන් යන සියලු ආකාර මෘගයන් අතරෙන් පතුල් තබායන සියල්ලෝ නුඹලාට අපවිත්‍රය. උන්ගේ මළකුණු ස්පර්ශකරන කවරෙක් නුමුත් සවස දක්වා අපවිත්‍රවන්නේය.


එහෙත් පියාපත් ඇති බඩගායන සතර පයින් ඇවිදින සියලු සත්තු නුඹලාට පිළිකුලක්ය.


නුමුත් පේතෘස්: ස්වාමිනි, එසේ නොවේවා; මක්නිසාද අකැපවූ අපවිත්‍රවූ දෙයක් කිසි කලෙකත් නොකෑවෙමියි කීවේය.


මානකොකාද ඒ ඒ වර්ගයේ කොක්කුද හුපුවාද වවුලාද යන උන්ය.


එහෙත් පියාපත් ඇති බඩගා යන සතර පයින් ඇවිදින භූමිය පිට පැනයන පිණිස පාදවලට ඉහළින් කකුල් ඇති සියලු සතුන් අතරෙන් මුන් නුඹලාට කන්ට පුළුවන:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්