Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 7:21 - Sinhala New Revised Version

21 තවද, යමෙකු මනුෂ්‍යයෙකුගේ හෝ මෘගයෙකුගේ හෝ ආගමික චාරිත්‍ර අනුව අපවිත්‍ර යයි සැලකෙන යමක් හෝ පිළිකුල් අපවිත්‍ර දෙයක් හෝ ස්පර්ශ කොට, සහභාගිකමේ පූජාවක් වශයෙන් සමිඳාණන් වහන්සේට පුදන ලද සතෙකුගේ මාංස වැළඳුවහොත්, ඔහු සිය සෙනඟ කෙරෙන් නෙරපාදමනු ලැබේ.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 තවද, යමෙකු මනුෂ්‍යයෙකුගේ හෝ මෘගයෙකුගේ හෝ ආගමික චාරිත්‍ර අනුව අපවිත්‍ර යයි සැලකෙන යමක් හෝ පිළිකුල් අපවිත්‍ර දෙයක් හෝ ස්පර්ශ කොට, සහභාගිකමේ පූජාවක් වශයෙන් සමිඳාණන් වහන්සේට පුදන ලද සතෙකුගේ මාංස වැළඳුවහොත්, ඔහු සිය සෙනඟ කෙරෙන් නෙරපාදමනු ලැබේ.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 මනුෂ්‍යයෙකුගේ අපවිත්‍රකමක් වේවා අපවිත්‍ර මෘගයෙක් වේවා අපවිත්‍ර පිළිකුල්කමක් වේවා කිසියම් අපවිත්‍රකමක ස්පර්ශවී ස්වාමීන්වහන්සේට අයිති ශාන්ති පූජාවල මාංසය කන තැනැත්තේ තමාගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නේයයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 7:21
31 හුවමාරු යොමු  

එවිට මම පිළිතුරු දෙමින්, “අහෝ දෙවි ස්වාමීන් වහන්ස! මම කවදාවත් මාව ම අපවිත්‍ර කර නොගතිමි. මාගේ බාල වයසේ පටන් මේ දක්වා කුණප වත්, මෘගයන් විසින් ඉරාදැමුණු සතෙකු වත් නොකෑවෙමි. පිළිකුල් මාංස මාගේ කටට ඇතුල් නො වේ වා”යි කීමි.


සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා,


“පියාපත් සහිත, පා හතරින් ඇවිදින සියලු සතුන් නුඹලාට පිළිකුල් විය යුතු ය.


වරල් සහ කොරපොතු නැති සතුන් නොකෑ යුතු ය. ඔවුන් අපවිත්‍ර සේ සැලකිය යුතු ය.


“ඔබ කිසි පිළිකුල් දෙයක් නොකෑ යුතු ය.


“ආරොන්ගේ පෙළපතින් පැවතෙන යමෙකුට බෝවෙන චර්ම රෝගය හෝ ධාතු මෝචනය හෝ තිබේ නම්, ඔහු පවිත්‍ර වන තෙක් ශුද්ධ පූජාවලින් නොවැළඳිය යුතු ය.


යමෙකු මෙවැනි පිළිකුල්කම් කිසිවක් කළොත්, එවැන්නෙකු ඔවුන්ගේ සෙනඟ අතරෙන් නෙරපාදමනු ලැබිය යුතු ය.


මන්ද, සෑම සත්ත්වයෙකුගේ ප්‍රාණය ඇත්තේ ලේවල ය. එබැවින් මම ඉශ්රායෙල් ජනයා අමතා, ‘ලේ සහිත කිසි ම මාංසයක් අනුභව නොකළ යුතු ය. සෑම සත්ත්වයෙකුගේ ප්‍රාණය රඳා ඇත්තේ එහි ඇති ලේ පිට ය. යමෙක් එවැන්නක් කන්නේ ද ඔහු නෙරපාදමනු ඇතැ’යි කීවෙමි.


‘ඉශ්රායෙල් ජනයා අතරෙන් යමෙක් වේවා, ඔවුන් අතර වසන විදේශිකයෙක් වේවා, ලේ සහිත මාංස කෑමට ගතහොත්, එසේ කන තැනැත්තාට විරුද්ධ ව මාගේ මුහුණ හරවා ගනිමින් ඔහු තම සෙනඟ කෙරෙන් නෙරපාදමනු ලැබේ.


යමෙක් ලේ කෑමට ගන්නේ ද ඔහු සිය සෙනඟ කෙරෙන් නෙරපාදමනු ලැබේ ය’ ”යි වදාළ සේක.


මිනිසුන් විසින් ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පුදන ලද සතෙකුගේ තෙල යමෙක් කන්නේ ද, ඔහු සිය සෙනඟ කෙරෙන් නෙරපාදමනු ලැබේ.


එහෙත්, ආගමික චාරිත්‍ර අනුව අපවිත්‍ර යයි සැලකෙන යමෙකු සහභාගිකමේ පූජාව වශයෙන් පිදූ සතාගේ මාංසය කෑවහොත්, ඔහු තම සෙනඟ කෙරෙන් නෙරපාදමනු ලැබේ.


නුඹලාගේ ගෙවල දින හතක් ම මුහුන් නොතිබිය යුතු ය. යමෙකු මුහුන් මුසු යමක් අනුභව කළොත්, ඔහු විදේශිකයෙක් වේ වා, ස්වදේශිකයෙක් වේ වා, ඔහු ඉශ්රායෙල් ජනතාව කෙරෙන් නෙරපාදමනු ලැබේ.


“සත් දිනක් නුඹලා නුමුහුන් රොටි අනුභව කළ යුතු ය. පළමු වන දින නුඹලාගේ ගෙවලින් මුහුන් ඉවත් කළ යුතු ය. පළමු වන දින සිට හත් වන දින දක්වා, යමෙක් මුහුන් රොටි අනුභව කරන්නේ ද ඒ තැනැත්තා ඉශ්රායෙල් ජනයා වෙතින් නෙරපාදමනු ලැබේ.


ලිංගාග්‍ර චර්මය ඡේදනය නොකළ අචර්මඡේදිත පිරිමි දරුවා ඔහුගේ පෙළපතින් නෙරපාදමනු ලැබේ. මන්ද, ඔහු මාගේ ගිවිසුම කඩ කර ඇති බැවිනි.”


සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතමින්,


නුඹේ පරපුරෙන් පැවතෙන කිසිවෙකු, තමා අපවිත්‍ර යයි සැලකෙන විට ඉශ්රායෙල් ජනයා මට පුදන ශුද්ධ පූජා සමීපයට ගියොත් ඔහු මා ඉදිරියෙන් නෙරපාදැමිය යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි.


අපවිත්‍ර යමෙක් යමක් ස්පර්ශ කරයි ද, ඒ දේ අපවිත්‍ර වනු ඇත. ඒ දේ ස්පර්ශ කරන තැනැත්තා ද සවස දක්වා අපවිත්‍ර යයි සැලකිය යුතු ය.’ “


එහෙත්, සාවුල් ඒ දවසේ දී කිසිවක් කීවේ නැත. මන්ද, ‘යම් දෙයක් සිදු වීම හේතුකොටගෙන ඔහු කිසි සේත් පවිත්‍ර නැතැ’යි කල්පනා කළ බැවිනි.


යමෙකු එයින් අනුභව කළොත්, සමිඳාණන් වහන්සේට කැප කළ දේ කෙලෙසූ බැවින් තම දුෂ්ටකම ගැන වගකිව යුතු ය. එවැන්නෙක් තම සෙනඟ අතරින් නෙරපාදමනු ලැබේ.


එවැන්නෙකු සිය දරුවා මොලෙක්ට බිලි දුන් නිසා ද මාගේ ශුද්ධස්ථානය කෙලෙසූ නිසා ද මාගේ ශුද්ධ නාමය ගැරහූ නිසා ද මම ඔහුට විරුද්ධ වී ඔහුගේ සෙනඟ කෙරෙන් ඔහු නෙරපා දමමි.


එදින යමෙක් උපවාස නොකරන්නේ ද ඔහු තම සෙනඟ අතරෙන් නෙරපාදමනු ලැබේ.


“එබැවින්, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි ඔවුන්ට කියන්න: ‘ලේ පිටින් මස් කන, රූපවලට නමස්කාර කරන, ලේ වගුරුවන, නුඹලාට දේශය භුක්ති විඳින්න ලැබේ ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්