Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 12:15 - Sinhala Revised Old Version

15 සත් දවසක් නුඹලා මුහුන් නුමුසු රොටි කෑ යුතුය; ප්‍රථම දවසෙහිම නුඹලාගේ ගෙවලින් මුහුන් බැහැරකළ යුතුය. මක්නිසාද ප්‍රථම දවස පටන් සත්වෙනි දවස දක්වා මුහුන් මුසු රොටි කන කවරෙක් නුමුත් ඉශ්‍රායෙල් කෙරෙන් සිඳදමනු ලබන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 “සත් දිනක් නුඹලා නුමුහුන් රොටි අනුභව කළ යුතු ය. පළමු වන දින නුඹලාගේ ගෙවලින් මුහුන් ඉවත් කළ යුතු ය. පළමු වන දින සිට හත් වන දින දක්වා, යමෙක් මුහුන් රොටි අනුභව කරන්නේ ද ඒ තැනැත්තා ඉශ්රායෙල් ජනයා වෙතින් නෙරපාදමනු ලැබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 “සත් දිනක් නුඹලා නුමුහුන් පූප අනුභව කළ යුතු ය. පළමු වන දින නුඹලාගේ ගෙවලින් මුහුන් ඉවත් කළ යුතු ය. පළමු වන දින සිට හත් වන දින දක්වා, යමෙක් මුහුන් පූප අනුභව කරන්නේ ද ඒ තැනැත්තා ඉශ්රායෙල් ජනයා වෙතින් නෙරපාදමනු ලැබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 12:15
28 හුවමාරු යොමු  

නුඹ මිසර දේශයෙන් පිටතට ආ දවස නුඹේ ජීවිතයේ සියලු දවස්හි සිහිකරන පිණිස, ඒ සමඟ මුහුන් දැමූ රොටි නොකා, දුක් රොටි වන මුහුන් නොදැමූ ඒවා සත් දවසක් ඒ සමඟ කන්න; මක්නිසාද නුඹ ඉක්මනින් මිසර දේශයෙන් ආවෙහිය.


තමාගේ චර්මාග්‍ර මාංසය ඡේද්‍යය නොකරනලද අචර්මඡේදිත පිරිමියෙක් ඇද්ද ඒ තැනැත්තා තමාගේ සෙනඟ කෙරෙන් සිඳදමනු ලබන්නේය; ඔහු මාගේ ගිවිසුම කඩකෙළේයයි කීසේක.


නුමුත් පවිත්‍රවූ, ගමනක යෙදී නොසිටින මනුෂ්‍යයෙක් පාස්කුව නොපවත්වා සිටින්නේනම්, ඒ තැනැත්තේ තමාගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නේය. ස්වාමීන්වහන්සේගේ පූජාව ඊට නියමකළ කාලයෙහි ඔප්පුනොකළ බැවින් ඒ මනුෂ්‍යයා තමාගේ පාපය දරනවා ඇත.


මුහුන් නොදැමූ රොටි මංගල්‍යය පවත්වන්න. මා නුඹට අණදුන් ලෙස ආබීබ් මාසයේ නියම කාලයෙහි සත් දවසක් මුහුන් නොදැමූ රොටි කන්න. මක්නිසාද ආබීබ් මාසයේදී නුඹ මිසරයෙන් පිටතට ආවෙහිය.


මුහුන් නුමුසු රොටි මංගල්‍යය පවත්වන්න. නුඹලා ආබීබ් මාසයේදී මිසරයෙන් පිටතට ආ බැවින් මා විසින් අණකළ ලෙස ඒ මාසයේ නියම කාලයේදී සත් දවසක් මුහුන් නුමුසු රොටි කන්න; කිසිවෙක් හිස් අතින් මා ඉදිරියට නොපැමිණේවා.


සදවසක් මුහුන් නොදැමූ රොටි කන්න. සත්වෙනිදා නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ගරුමය රැස්වීමක් වන්නේය; ඒ දවසේදී කිසි වැඩක් නොකරන්න.


ඒ මාසයේ පසළොස්වෙනි දින මංගල්‍ය දවසක්ය. සත් දවසක් මුහුන් නොදැමූ රොටි කෑ යුතුය.


නුඹ මාගේ යාගයේ ලේ මුහුන් දැමූ රොටි සමඟ පූජා නොකළ යුතුය; පාස්කු මංගල්‍යයේ යාගයද පසුවදා උදය දක්වා ඉතිරිකර නොතැබිය යුතුය.


ඔව්හු ගින්නෙන් පුළුස්සනලද ඒ මාංසයද මුහුන් නුමුසු රොටිද ඒ රාත්‍රියේදී කන්නෝය; තික්ත පලා සමඟ ඒවා කන්නෝය.


නුඹලාව වියවුල්කරන්නෝ තමුන්ම සිඳගන්නෝ නම් කැමැත්තෙමි.


ඊට යුදෙව්වරුන් ප්‍රසන්නවූ බව දැක, ඔහු පේතෘසුත් ඇල්ලුවේය. ඒ කාලය මුහුන් නුමුසු රොටි කන දවස්ය.


ඒ අතරතුරේදී, ඔවුනොවන් පෑගෙන තරම් සමූහයාගෙන් දහස් ගණන් රැස්ව සිටියදී, උන්වහන්සේ පළමුකොට තමන් ගෝලයන්ට කථාකරන්ට පටන්ගෙන: නුඹලා ඵරිසිවරුන්ගේ වංචා නැමති මුහුන්වලින් ප්‍රවේසම්වෙන්න.


එවිට උන්වහන්සේ ඵරිසිවරුන්ගේද සද්දුසිවරුන්ගේද ඉගැන්වීමෙන් මිස රොටිවල මුහුන්වලින් ප්‍රවේසම් වෙන්ට නොකී බව ඔව්හු තේරුම්ගත්තෝය.


මෙසේ කරන මනුෂ්‍යයාගෙන් රැකවළා සහ උත්තරදෙන අයත් සේනාවල ස්වාමීන්වහන්සේට පූජාවක් ඔප්පුකරන්නාත් ස්වාමීන්වහන්සේ යාකොබ්ගේ කූඩාරම්වලින් සිඳදමනසේක.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන්නාවූ නුඹේ කොයි නුවරකදී නුමුත් පාස්කුව පූජානොකොට,


මක්නිසාද සියලුම මාංසවල පණ තිබෙන්නේ ඒවායේ ලෙයෙහිය, එය පණ හා සමානය. එබැවින් කිසි මාංසයක ලේ නොකෑයුතුයයි ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කීයෙමි. මක්නිසාද සියලු මාංසවල පණ තිබෙන්නේ ඒවායේ ලෙයෙහිය; එය කන කවරෙක් නුමුත් සිඳදමනු ලබන්නේය.


ඉශ්‍රායෙල් වංශයෙන් හෝ ඔවුන් අතරේ වසන විදේශීන්ගෙන් හෝ කවරෙක් නුමුත් කොයියාකාර ලෙයක්වත් කෑවොත් මම එසේ ලේ කන තැනැත්තාට විරුද්ධව මාගේ මුහුණ යොමුකරමින් ඔහු තමාගේ සෙනඟ අතරෙන් සිඳදමන්නෙමි.


එබැවින් නුඹලා සබත් දවස රක්ෂාකරන්න; මක්නිසාද එය නුඹලාට ශුද්ධය. එය අශුද්ධකරන කවරෙක් නුමුත් සැබවින්ම මරනු ලබන්නේය. මක්නිසාද ඒ දවසෙහි යමෙක් යම් වැඩක් කෙරේද ඒ තැනැත්තේ තමාගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නේය.


ඔවුන් නියම දවස් ගතකොට හැරී එද්දී, යේසුස් නම් ළමයා යෙරුසලමෙහි නැවතී සිටිසේක; නුමුත් උන්වහන්සේගේ මවුපියෝ ඒ බව නොදැන,


ඊට සමානව ඒවා මිශ්‍රකරන්නා හෝ එයින් විදේශියෙකුට ගාන්නා හෝ තමන්ගේ සෙනඟ කෙරෙන් සිඳදමනු ලබන්නේයයි කියන්නැයි කීසේක.


යෙරුසලමෙහි සිටි ඉශ්‍රායෙල් පුත්‍රයෝද මුහුන් නොදැමූ රොටි මංගල්‍යය සත් දවසක් මහත් ප්‍රීතියකින් පැවැත්තුවෝය. ලෙවීවරුද පූජකයෝද බොහෝ ශබ්ද ඇති තූර්යභාණ්ඩ රැගෙන ගී කියමින්, ස්වාමීන්වහන්සේට දවසින් දවස ප්‍රශංසාකළෝය.


මුහුන් නොදැමූ රොටි මංගල්‍යය සත් දවසක් ප්‍රීතියෙන් පැවැත්තුවෝය. මක්නිසාද දෙවියන්වහන්සේගේ එනම් ඉශ්‍රායෙල්හි දෙවියන්වහන්සේගේ ගෘහයේ වැඩට ඔවුන්ගේ අත් සවිකරන හැටියට අෂූර්හි රජුගේ සිත ඔවුන් වෙතට හැරවීමෙන් ස්වාමීන්වහන්සේ ඔවුන් ප්‍රීතිකෙරෙවුසේක.


මෝසෙස් සෙනඟට කථාකොට: නුඹලා මිසරයෙන් එනම් වහල්කමේ ගෙයින් පිටතට ආවාවූ මේ දින සිහිකරන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ ස්වකීය හස්ත බලයෙන් එතැනින් නුඹලා ගෙනාසේක. එහෙයින් මුහුන් මුසු කිසිවක් නොකෑ යුතුය.


සුවඳ පිණිස ඊට සමාන සුගන්ධයක් සාදන කවරෙක් නුමුත් තමාගේ සෙනඟ කෙරෙන් සිඳදමනු ලබන්නේයයි කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්