Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 17:10 - Sinhala Revised Old Version

10 ඉශ්‍රායෙල් වංශයෙන් හෝ ඔවුන් අතරේ වසන විදේශීන්ගෙන් හෝ කවරෙක් නුමුත් කොයියාකාර ලෙයක්වත් කෑවොත් මම එසේ ලේ කන තැනැත්තාට විරුද්ධව මාගේ මුහුණ යොමුකරමින් ඔහු තමාගේ සෙනඟ අතරෙන් සිඳදමන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 ‘ඉශ්රායෙල් ජනයා අතරෙන් යමෙක් වේවා, ඔවුන් අතර වසන විදේශිකයෙක් වේවා, ලේ සහිත මාංස කෑමට ගතහොත්, එසේ කන තැනැත්තාට විරුද්ධ ව මාගේ මුහුණ හරවා ගනිමින් ඔහු තම සෙනඟ කෙරෙන් නෙරපාදමනු ලැබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 ‘ඉශ්රායෙල් ජනයා අතරෙන් යමෙක් වේවා, ඔවුන් අතර වසන විදේශිකයෙක් වේවා, ලේ සහිත මාංස කෑමට ගතහොත්, එසේ කන තැනැත්තාට විරුද්ධ ව මාගේ මුහුණ හරවා ගනිමින් ඔහු තම සෙනඟ කෙරෙන් නෙරපාදමනු ලැබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 17:10
25 හුවමාරු යොමු  

මක්නිසාද මාංසයේ පණ තිබෙන්නේ ලෙයෙහිය. මම එය නුඹලාගේ ප්‍රාණ උදෙසා පූජාසනය පිට සමගිකමක් කරන පිණිස නුඹලාට නියම කෙළෙමි. මක්නිසාද සමගිකමක් සිදුකරන්නේ ලේය, එසේ වන්නේ එහි ප්‍රාණය තිබෙන නිසාය.


එහෙත් ලේ නොකන්ට ප්‍රවේසම් වන්න. මක්නිසාද ලේ ප්‍රාණයය; එබැවින් නුඹ මාංසය සමඟ ප්‍රාණය නොකෑ යුතුය.


නුමුත් ලේ නොකා එය වතුර මෙන් භූමිය පිට වත්කරන්න.


නුඹලා විසින් තෙලවත් ලේවත් නොකෑ යුතුය යනු නුඹලාගේ පරම්පරාවල නුඹලාගේ සියලු වාසස්ථානවල නිරන්තර පනතක් වන්නේය.


එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, නුඹලාට විපත්තිය පිණිසද සියලු යූදාවරුන් සිඳදමන පිණිසද මාගේ මුහුණ නුඹලාට විරුද්ධව තබමි.


එවිට: සෙනඟ ලේ පිටින් කෑමෙන් ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කරතියි කියා සාවුල්ට දන්වනලද්දේය. ඔහුද: නුඹලා ද්‍රෝහි ලෙස ක්‍රියාකළහුය. අද මා ළඟට මහත් ගලක් පෙරළා ගෙන එන්නැයි කීවේය.


මම මාගේ මුහුණ නුඹලාට විරුද්ධව යොමු කරන්නෙමි, නුඹලා නුඹලාගේ සතුරන් ඉදිරියෙහි පරාජය වන්නහුය. නුඹලාට වෛරකරන අය නුඹලා කෙරෙහි අධිපතිකම් කරන්නහුය; කිසිවෙක් නොඑළවන කල නුඹලා පලායන්නහුය.


නුමුත් මාංසය එහි ප්‍රාණය වන රුධිරය සමඟ නොකෑයුතුය.


නුඹලා මාගේ ආහාර වන තෙලද ලේද ඔප්පුකරන විට, මාගේ ගෘහය කෙලහන හැටියට මාගේ ශුද්ධස්ථානයෙහි සිටීමට අචර්මඡේදිත සිත්ද අචර්මඡේදිත මාංසද ඇති විදේශීන් ඒක ඇතුළට ගෙනාවහුය; නුඹලාගේ සියලු පිළිකුල්කම් මදිවාට ඔව්හු මාගේ ගිවිසුමත් කඩකළෝය.


මාගේ මුහුණද ඔවුන්ට විරුද්ධව තබන්නෙමි; ඔවුන් ගින්නෙන් නික්ම ගිය නුමුත් ගින්න ඔවුන් නාස්තිකරනවා ඇත; මා විසින් ඔවුන්ට විරුද්ධව මාගේ මුහුණ තබන විට මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නහුය.


මම ඒ මනුෂ්‍යයාට විරුද්ධව මාගේ මුහුණ තබා, ලකුණක්ද උපමාවක්ද පිණිස ඔහු නාස්තිකර, මාගේ සෙනඟ අතරෙන් ඔහු සිඳදමන්නෙමි; මෙසේ මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නහුය.


නපුරුකම් කරන්නන් ගැන සිහිවීම පොළොවෙන් සිඳ දමන පිණිස ස්වාමීන්ගේ මුහුණ ඔවුන්ට විරුද්ධවේ.


එහෙත් උගේ ලේ නොකා එය වතුර මෙන් පොළොව පිට වත්කරන්න.


නුඹලා ලේ සමඟ කිසිවක් නොකෑ යුතුය. ශාස්ත්‍ර නොබලන්න, මායම් භාවිතා නොකරන්න.


එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්න. ලේ පිටින් කන්නාවූ, නුඹලාගේ ඇස් නුඹලාගේ රූපවලට ඔසවන්නාවූ,ලේ වගුරුවන්නාවූ නුඹලාට දේශය භුක්තිවිඳින්ට ලැබේද?


මා විසින් ශුභය පිණිස නොව විපත්තිය පිණිස මාගේ මුහුණ මේ නුවර කෙරෙහි යොමා තිබේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. එය බබිලෝනියේ රජු අතට පාවාදෙනු ලබන්නේය, ඔහු එය ගින්නෙන් දවා දමන්නේය.


රූප සම්බන්ධ දුෂ්‍යකම්වලින්ද වේශ්‍යාකමින්ද බොටුව මිරිකා මැරු සතුන්ගෙන්ද ලෙයින්ද වලකින ලෙස ඔවුන්ට ලියා ඇරීම යුතුය යනු මාගේ තීරණය වේ.


නුඹලා සිතන්නේ මොකද? දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් පාගාදමා, තමා පිරිසිදුකළ ගිවිසුමේ ලේ අශුද්ධ දෙයක් කොට සිතා, අනුග්‍රහයේ ආත්මයාණන්වහන්සේට අපහාසකළ තැනැත්තා ඊට වඩා කොපමණ මහත් දඬුවමකට සුදුස්සෙක් කොට ගණන්ගනු නොලබන්නේද?


මේවායින් නුඹලා වලකින්නහුනම් නුඹලාට යහපත වන්නේය. නුඹලාට ශුභසිද්ධවේවා යනුයි.


සෙනඟ කොල්ලය පිටට පැන, බැටළුවන්ද හරකුන්ද වස්සන්ද අරගන බිමදමා මරා, ලේ පිටින් කෑවෝය.


ස්වාමීන්වහන්ස, මෙසේ කිරීම මාගෙන් දුරුවේවා. තමුන්ගේ ප්‍රාණය නොසලකා ගිය මේ මනුෂ්‍යයන්ගේ රුධිරය බොන්ට යුතුදැයි කියා ඒවා බොන්ට අකැමැතිවුණේය. ඒ බලවන්තයෝ තුන්දෙනා මේ දේවල් කළෝය.


ඔවුන් තමුන්ගේ සතුරන් ඉදිරියෙහි වහල්කමට ගියත්, එහිදී ඔවුන් මරන හැටියට කඩුවට අණකරන්නෙමි. යහපත පිණිස නොව විපත්තිය පිණිස මාගේ ඇස් ඔවුන් දෙස යොමුකරන්නෙමි.


ඊට සමානව ඒවා මිශ්‍රකරන්නා හෝ එයින් විදේශියෙකුට ගාන්නා හෝ තමන්ගේ සෙනඟ කෙරෙන් සිඳදමනු ලබන්නේයයි කියන්නැයි කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්