එහි දාවිත් ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනගා, දවන පූජාද ශාන්ති පූජාද ඔප්පුකොට, ස්වාමීන්වහන්සේට යාච්ඤාකෙළේය; උන්වහන්සේද දවන පූජාසනය පිටට අහසෙන් ගිනි එවා ඔහුට උත්තරදුන්සේක.
ලෙවී කථාව 3:1 - Sinhala Revised Old Version ඔහුගේ පූජාව ශාන්ති පූජාවක් නම්, ඔහු ගවරැළෙන් පිරිමි සතෙකු හෝ ගෑනු සතෙකු හෝ පුදන්නේනම්, කැලල් නැති එකෙකු ස්වාමීන්වහන්සේ ඉදිරියේ පූජාකළ යුතුය. Sinhala New Revised Version “සහභාගිකමේ පූජාවක් වනු පිණිස යමෙකුගේ පූජාව ගව පට්ටියෙන් ගන්නේ නම්, එම සතා ගොනෙකු හෝ එළදෙනක වූවත් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පූජා කළ යුත්තේ නොකැළැල් සතෙක් ය. Sinhala New Revised Version 2018 “සහභාගිකමේ පූජාවක් වනු පිණිස යමෙකුගේ පූජාව ගව පට්ටියෙන් ගන්නේ නම්, එම සතා ගොනෙකු හෝ එළදෙනක වූවත් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පූජා කළ යුත්තේ නොකැළැල් සතෙක් ය. |
එහි දාවිත් ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනගා, දවන පූජාද ශාන්ති පූජාද ඔප්පුකොට, ස්වාමීන්වහන්සේට යාච්ඤාකෙළේය; උන්වහන්සේද දවන පූජාසනය පිටට අහසෙන් ගිනි එවා ඔහුට උත්තරදුන්සේක.
පස්වලින් පූජාසනයක් මට සාදා නුඹේ දවන පූජාද නුඹේ ශාන්ති පූජාද නුඹේ බැටළුවන්ද නුඹේ ගවයින්ද එහි පූජාකරව. මා විසින් මාගේ නාමය සඳහන් කරන සියලු තැන්වලදී නුඹ වෙතට අවුත් නුඹට ආශීර්වාදකරන්නෙමි.
ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් යෞවනයන් යැවීය, ඔව්හු ස්වාමීන්වහන්සේට දවන යාග සහ ශාන්ති යාග කොට ගවයින් පූජාකළෝය.
එය නිරන්තරයෙන් ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් දිය යුත්තක් කොට ආරොන්ටද ඔහුගේ පුත්‍රයන්ටද වන්නේය. මක්නිසාද එය එසවීමේ පූජාවක්ය. එය ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ශාන්ති පූජාවල යාගවලින් එනම් ඔවුන් විසින් ස්වාමීන්වහන්සේට ඔසවන පූජාවලින් එසවීමේ පූජාවක් වන්නේය.
ඒ දවස් තින්දුවුණාම අටවෙනි දවසෙත් මතුත් පූජකයෝ නුඹලාගේ දවන පූජාද නුඹලාගේ ශාන්ති පූජාද පූජාසනය පිට ඔප්පු කරත්වා; මමද නුඹලා පිළිගන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ වදාරනසේකැයි කීසේක.
ඉශ්‍රායෙල්වරුන් උදෙසා සමඟිකමක් කිරීමට ආහාර පූජාවටත් දවන පූජාවටත් ශාන්ති පූජාවලටත් ඔවුන්ගේ සාරවත් බිම්වල එළු බැටළු රැළවලින් දෙසියයකින් එක සතෙකු බැගින් දෙන්ට යෙදේවයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
ඉදින් දවන පූජාවක් පිණිස ඔහුගේ පූජාව බැටළු රැළෙන්වත් එළු රැළෙන්වත් වන්නේනම්, ඔහු නොකැලල් පිරිමි සතෙකු පූජාකළ යුතුය.
ඉදින් ඔහුගේ පූජාව ගව රැළෙන් වූ දවන පූජාවක් නම්, ඔහු කැලල් නැති පිරිමි සතෙකු ඔප්පුකළ යුතුය. ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පිළිගනු ලබන පිණිස ඔහු ඌ සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩදී ඔප්පුකළ යුතුය.
මෙසේ අණකරන්නේ ඉශ්‍රායෙල් පුත්‍රයන් එළිමහනේ පූජාකරන තමන්ගේ පූජාවල් ස්වාමීන්වහන්සේ වෙතට සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට පූජකයා වෙතට ගෙනවුත් ශාන්ති පූජාවල් කොට ස්වාමීන්වහන්සේට පූජාකරන පිණිසය.
ස්වාමීන්වහන්සේට ශාන්ති පූජාවක් පිණිස ඔහුගේ පූජාව එළු රැළෙන් හෝ බැටළු රැළෙන් නම් ඔහු කැලල් නැති පිරිමි සතෙකු හෝ ගෑනු සතෙකු හෝ පූජාකළ යුතුය.
ඔහු සෙනඟ උදෙසා වූ ශාන්ති පූජාව වන ගොනාත් බැටළුවාත් මැරුවේය. ආරොන්ගේ පුත්‍රයෝද ඔහුට ලේ අරන් දුන්නෝය, ඔහු ඒවා පූජාසනය පිට හාත්පසින් ඉස්සේය.
ශාන්ති පූජාව පිණිස ගොනෙක්ද බැටළුවෙක්ද තෙල් මිශ්‍රවූ ආහාර පූජාවක්ද ගෙනෙන්න. මක්නිසාද අද ස්වාමීන්වහන්සේ නුඹලාට පෙනෙනසේකැයි කියන්නැයි කීවේය.
නුඹලා දවන පූජාද නුඹලාගේ ආහාර පූජාද මට ඔප්පුකරන නුමුත් ඒවා පිළිනොගන්නෙමි. නුඹලාගේ තර සතුන්ගෙන් ඔප්පුකරන ශාන්ති පූජාවන්ද නොසලකන්නෙමි.
එසේ නොව බාරයක්වී තමාගේ රැළේ පිරිමි සතෙකු සිටිද්දී නරක්වූ සතෙකු ස්වාමීන්වහන්සේට ඔප්පුකරන ප්‍රයෝගකාරයාට ශාපවේවා. මක්නිසාද මම මහත් රජෙක්ය, මාගේ නාමය ජාතීන් අතරෙහි භයානකව තිබේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
නුඹලා පූජාවක් කොට අන්ධවූ සතෙකු ඔප්පුකරන එකත් නපුරක් නොවේද? කොර එකෙක්ද ලෙඩ එකෙක්ද නුඹලා ඔප්පුකරන එකත් නපුරක් නොවේද? එය නුඹේ ආණ්ඩුකාරයාට ඔප්පුකරන්න; ඔහු නුඹ කෙරෙහි ප්‍රසන්නවේද? නොහොත් නුඹව පිළිගන්නවා ඇද්දැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
නුඹ භාරයක් ඉෂ්ට කිරීමටවත් ශාන්ති පූජා පිණිසවත් ගොනෙක් දවන පූජාවක් පිණිස නොහොත් යාග පූජාවක් පිණිස ස්වාමීන්වහන්සේට ඔප්පුකරන විට,
තමාගේ පූජාව වන දවන පූජාවක් පිණිස කැලල් නැති එක් අවුරුදු බැටළුපැටවෙකුද පාප පූජාවක් පිණිස කැලල් නැති එක් අවුරුදු බැටළුවැස්සියෙකුද ශාන්ති පූජා පිණිස කැලල් නැති බැටළුවෙකුද,
ශාන්ති පූජා යාගය පිණිස ගොන් දෙන්නෙක්ද බැටළුවන් පස් දෙනෙක්ද එළුවන් පස් දෙනෙක්ද එක් අවුරුදු බැටළු පැටවුන් පස් දෙනෙක්ද යන මේය. අම්මිනාදාබ්ගේ පුත්‍රවූ නාෂොන්ගේ පඬුර මේය.
ශාන්ති පූජා යාගය පිණිස ගවයන් දෙන්නෙක්ද බැටළුවන් පස්දෙනෙක්ද එළුවන් පස්දෙනෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් පස්දෙනෙක්ද යන මේය. පෙදාශූර්ගේ පුත්‍රවූ ගමාලියෙල්ගේ පඬුර මේය.
නුඹේ දවන පූජා එනම් මාංසයත් රුධිරයත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ පූජාසනය පිට ඔප්පුකරන්න. නුඹේ යාග පූජාවල ලේ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ පූජාසනය පිට වත්කරනු ලැබේ, මාංසය නුඹට කන්නට පුළුවන.
උන්වහන්සේ කරණකොටගෙන සියලු දේ, එනම් පොළොවෙහි තිබෙන දේවල් වුවත් ස්වර්ගවල තිබෙන දේවල් වුවත්, උන්වහන්සේ කරණකොටගෙන තමන්ට සමඟිකරගැනීමටත් පියාණන්වහන්සේ ප්‍රසන්නවූසේක.
නපුරු හෘදයසාක්ෂියකින් පිරිසිදුවීම පිණිස අපගේ සිත් ඉසිනු ලැබ, අපේ ශරීරය පිරිසිදු වතුරෙන් සෝදනු ලැබ, සැබෑවූ සිතක් ඇතුව ඇදහීමේ නිසැකකමින් ළඟාවෙමු.
(ඒ ජීවනය ප්‍රකාශකරනු ලැබීය, අපි ඒ දැක සාක්ෂිදෙමින්, පියාණන්වහන්සේ සමඟ තිබුණාවූ අපට ප්‍රකාශකරනලද්දාවූ ජීවනය, එනම් සදාකාල ජීවනය නුඹලාට ප්‍රකාශ කරමුව.) එසේය, අපේ පංගුකාරකම පියාණන්වහන්සේද ස්වකීය පුත්‍රවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේද සමඟය.
එකල සියලු ඉශ්‍රායෙල් පුත්‍රයෝද මුළු සෙනඟද ගොස් බෙතෙල්ට පැමිණ, එහිදී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි අඬමින් හිඳ, එදා සවස් වන තෙක් නිරාහාරව සිට, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දවන පූජාද ශාන්ති පූජාද ඔප්පුකෙළේය.