Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 2:16 - Sinhala Revised Old Version

16 එවිට පූජකයා මඩිනලද එහි ධාන්‍ය කොටසකින්ද එහි තෙල් කොටසකින්ද යුත් ඒ සිහිවීමේ කොටස එහි තුවරලා සියල්ල සමඟ දවන්ට ඕනෑය. ඒක ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 පොඩි කළ ධාන්‍යවලින් කොටසක් ද තෙලින් කොටසක් ද එහි තුවරලා සියල්ල සමඟ සිහිවීමේ කොටස වශයෙන් පූජකවරයා විසින් දවනු ලැබිය යුතු ය. එය ද ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පිදූ පූජාවකි.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 පොඩි කළ ධාන්‍යවලින් කොටසක් ද තෙලින් කොටසක් ද එහි තුවරලා සියල්ල සමඟ සිහිවීමේ කොටස වශයෙන් පූජකවරයා විසින් දවනු ලැබිය යුතු ය. එය ද ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පිදූ පූජාවකි.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 2:16
12 හුවමාරු යොමු  

උන්වහන්සේ මාංසවත්ව සිටි දවස්වලදී තමන්වහන්සේ මරණයෙන් ගළවන්ට පුළුවන්වූ තැනන්වහන්සේට බලවත් හැඬීමෙන් හා කඳුළින් යුක්ත යාච්ඤා සහ කන්නලව් ඔප්පුකර, තමන්ගේ දේවභය නිසා උත්තර ලැබ,


ස්වාමිවූ දෙවියන්වහන්සේගේ ආත්මය මා කෙරෙහිය; මක්නිසාද දිළිඳුන්ට ශුභාරංචිය දේශනා කරන්ට ස්වාමීන්වහන්සේ මා ආලේප කළසේක; බිඳුණු සිත් ඇත්තන් සුවකරන්ටද, වහලුන්ට නිදහසත් හිරකාරයන්ට හිරගෙයින් මිදීමත් ප්‍රකාශකරන්ටද,


මාගේ යාච්ඤාව ඔබ ඉදිරියේ සුවඳ දුම් මෙන්ද මාගේ අත් එසවීම සන්ධ්‍යා පූජාව මෙන්ද පිහිටා ගනීවා.


ප්‍රථම ඵල පූජාවක් කොට ඒවා ස්වාමීන්වහන්සේට ඔප්පුකරන්ට නුඹලාට පුළුවන. එහෙත් ඒවා මිහිරි සුවඳක් පිණිස පූජාසනය පිටට නොපැමිණවිය යුතුය.


තවද පූජකයා ආහාර පූජාවෙන් සිහිවීමේ කොටස ගෙන පූජාසනය පිට දැවිය යුතුය. එය ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් ඇති, ගින්නෙන් කළ පූජාවක්ය.


ඉදින් ප්‍රථම ඵලවලින් නුඹ ස්වාමීන්වහන්සේට ආහාර පූජාවක් ඔප්පු කරන්නෙහිනම් ගින්නෙන් බැදපු ශස්‍ය කරල්වලින් පොඩිකරගත් අලුත් ධාන්‍ය නුඹේ ආහාර පූජාව කොට ඔප්පුකරන්න.


ඊ පිට තෙල් වත්කර ඊ පිට තුවරලා තබන්න. එය ආහාර පූජාවක්ය.


එහෙත් ඔහු උගේ අතුණුද උගේ කකුල්ද වතුරෙන් සේදිය යුතුය. එය ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ මිහිරි සුවඳක් ඇති ගිනි පූජාවක් වන දවන පූජාවක් කොට පූජකයා විසින් ඒ සියල්ල පූජාසනය පිට දැවිය යුතුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්